Return to Video

How we unearthed the spinosaurus

  • 0:01 - 0:06
    ඈත අතීතයේ ජීවත් වුනු මේ මකරු
    විශ්මයජනක සත්ව කොට්ටාශයක්.
  • 0:06 - 0:07
    උන් අසාමාන්යයි ,
  • 0:07 - 0:09
    උන් ඉතාම ලස්සණයි,
  • 0:09 - 0:12
    ඒ වගේම අපි උන් ගැන දන්නේ
    ඉතාම අල්ප වශයෙන්.
  • 0:12 - 0:14
    මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන
    කියවදදී එහෙමයි මට හිතුනේ.
  • 0:14 - 0:19
    මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන
    කියවදදී එහෙමයි මට හිතුනේ.
  • 0:19 - 0:21
    එතකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති,
  • 0:21 - 0:23
    එදා තමයි මම මුලින්ම තීරණය කලේ
  • 0:23 - 0:26
    අනාගතයේ මම ඈත අතීතයේ ජීවත් වුන
    සත්වයින් ගැන අධ්යයනය කරනවා කියල.
  • 0:26 - 0:29
    එක නිසා මට පුළුවන් උනා සත්තුන්ට
    තියෙන මගේ ආසාවයි
  • 0:29 - 0:34
    ලෝකේ ඉතාම ඈත කෙළවරවල් වලට යන්න
    තියෙන ආසාවයි දෙකම ඉෂ්ට කර ගන්න.
  • 0:34 - 0:37
    මම දැනට ගවේෂණ කිහිපයක්ම කරලා තියෙනවා.
  • 0:37 - 0:42
    ලෝකේ ඉතාමත්ම දුර තැනකට , සහරා කාන්තරයට.
  • 0:42 - 0:46
    මම එහෙට ගියේ මට යමක් හොයා ගන්න ඕනේ නිසා.
  • 0:46 - 0:51
    මම හෙව්වේ අමුතු මාංශ භක්ෂක
    ඩයිනොසරයෙක්,
  • 0:51 - 0:54
    උගේ නම ස්පිනසොරස් (ස්පයිනසොරස් ).
  • 0:54 - 0:58
    උගේ අස්ථි කිහිපයක් කලින් හොයා ගෙන තිබුණා
  • 0:58 - 0:59
    ඊජිප්තු කාන්තාර වලින්
  • 0:59 - 1:05
    ජර්මන් ජාතික විද්යාඥයෙක් ඒ ගැන
    විස්තර කරලා තිබ්බ අවුරුදු 100කට විතර
    කලින්.
  • 1:05 - 1:09
    අවාසනාවකට ඒ සියල්ල දෙවන
    ලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා.
  • 1:09 - 1:14
    එක නිසා අපිට ඉතිරි වෙලා තිබ්බේ
    ඇඳපු රූප කිහිපයක් විතරයි.
  • 1:14 - 1:15
    ඒ පින්තුර වලින් ,
  • 1:15 - 1:18
    අපි දැනගෙන හිටිය ඌ අවුරුදු මිලියන
    100 කට කලින් ජීවත් උන කියල,
  • 1:18 - 1:20
    ඌ ඉතාම විශාල සතෙක්,
  • 1:20 - 1:23
    උගේ කොඳු නාරටිය දිගට උස අස්ථි
    තිබුන රුවලක් වගේ පෙනෙන්න,
  • 1:23 - 1:28
    ඌට හීනි දිග හොම්බක් තිබුනා හරියට
    කිඹුලෙකුට වගේ,
  • 1:30 - 1:32
    උල් දත් එක්ක,
  • 1:32 - 1:37
    ලිස්සනසුළු මාළු වගේ සත්තු අල්ලා
    ගන්න ඒක පහසු වෙන්න ඇති.
  • 1:37 - 1:39
    අපි දැනගෙන එච්චරයි,
  • 1:39 - 1:42
    ඊළඟ අවුරුදු 100 ටම.
  • 1:47 - 1:51
    මගේ ක්ෂේත්ර චාරිකා තිබුනේ
    මොරෝක්කොවයි අල්ජීරියාවයි අතරේ
    දේශ සීමාවේ,
  • 1:51 - 1:54
    එතන නම "කෙම් කෙම්".
  • 1:54 - 1:56
    එතන වැඩ කරන්න අමාරුයි.
  • 1:56 - 2:00
    වැලි කුණාටු සර්පයින් ගෝනුස්සෝ ගහන තැනක් එක,
  • 2:00 - 2:03
    හොඳ තත්ත්වයේ ෆොසිල හොයා ගන්න හරිම අමාරුයි.
  • 2:03 - 2:06
    නමුත් අපේ මහන්සියේ ප්රතිඵල තිබ්බා.
  • 2:06 - 2:08
    අපි ඉතාම සුවිශේෂී නිදර්ශක හොයාගත්තා.
  • 2:08 - 2:10
    මේ තමයි ලොකුම අස්ථිය මෙතෙක්
  • 2:10 - 2:12
    සහරා කාන්තාරයේ ඒ කලාපයෙන් හොයා ගෙන තියෙන.
  • 2:13 - 2:17
    අපි හොයා ගත්තා විශාල මාංශ භක්ෂක
    ඩයිනසෝරයෙකුගේ කොටස්,
  • 2:17 - 2:20
    මධ්යම ප්රමාණයේ සතෙකුගේ කොටස් හම්බ වුනා,
  • 2:20 - 2:25
    ඒ වගේම කිඹුලන් වගේ සත්තු වර්ග
    හත අටක් හොයා ගත්තා.
  • 2:25 - 2:28
    මේවා තිබුනේ ගංඟා පද්ධතියක් පතුලේ
    තැන්පත් වෙලා.
  • 2:28 - 2:32
    මේ ගංඟා පද්ධතියේ කාරයක් තරම්
    සීලකාන්ත් කියන මත්ස්යයිනුත් ඉඳල තියෙනවා,
  • 2:32 - 2:36
    ඌ ඉතාම විශාල දැති මෝරුන් විශේෂයක්,
  • 2:36 - 2:40
    ඒ ගංගා පද්ධතිය ඉහල අහස පිරිලා තිබිල
    තියෙන්නේ තෙරසොරයින්ගෙන්,
  • 2:40 - 2:42
    උන් පියාඹන උරග විශේෂයක්.
  • 2:42 - 2:43
    එක ඉතාම භයානක තැනක්,
  • 2:43 - 2:47
    කාල යන්ත්රයක් තිබුනොත් මෙතන
    නම් යන්නට හොඳ තැනක් නෙවෙයි.
  • 2:48 - 2:51
    ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන
    අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න
    අතරේ,
  • 2:51 - 2:54
    ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන
    අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න
    අතරේ,
  • 2:54 - 2:57
    අවශ්ය වුනු ෆොසිලය තිබුනේ සැඟවිලා.
  • 2:57 - 2:58
    අපිට හම්බ වුනේ ඉතාම සුළු
    කොටස් විතරයි,
  • 2:58 - 3:03
    මම බලාපොරොත්තු වුනා ඇටසකිල්ලේ
    කොටසක් හම්බ වෙයි කියලා.
  • 3:04 - 3:05
    අන්තිමේදී , මේ ලඟදි,
  • 3:05 - 3:08
    අපිට කැනීම් වලක් හොයා ගන්න පුළුවන් උනා
  • 3:08 - 3:13
    ඒ පළාතේ ෆොසිල හොයන්නෙක් අස්ථි
    කිහිපයක් හොයා ගත්ත .
  • 3:13 - 3:16
    අපිට එතනින් තවත් අස්ථි හම්බ උනා.
  • 3:16 - 3:20
    අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට
    මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ
    අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා.
  • 3:20 - 3:23
    අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට
    මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ
    අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා.
  • 3:23 - 3:24
    ඒ අපිට එක ප්රතිනිර්මාණය කරන්න
    පුළුවන් වුනා.
  • 3:24 - 3:26
    අපි දැන් දන්නවා ස්පයිනසොරස්ගේ හිස
  • 3:26 - 3:28
    තරමක් කිඹුලෙකුගේ වගේ,
  • 3:28 - 3:30
    අනික් මාංශ භක්ෂක සත්තුන්ගෙන් වෙනස්,
  • 3:30 - 3:33
    ටිරනසොරස් රෙක්ස් ට වැඩ හුඟක් වෙනස්.
  • 3:33 - 3:38
    නමුත් හුඟක් වැදගත් වුනේ අස්ථි පද්ධතියේ
    අනික් කොටස්.
  • 3:38 - 3:39
    ඌට දිග කොඳු ඇට තිබුනා,
  • 3:39 - 3:42
    දිග කොඳු ඇට රුවලක් හැදෙන විදියට
    පිහිටලා තිබුනා.
  • 3:42 - 3:44
    පාදයේ අස්ථි තිබුනා , හිස්කබලේ
    අස්ථි තිබුනා,
  • 3:44 - 3:47
    ඌට තිබුනේ හබල් වගේ පළල පතුලක්--
  • 3:47 - 3:50
    මේකත් ඉතාම අසාමාන්යයි . වෙන
    කිසිම ඩයිනසොරයෙකුට එහෙම කකුල්
    නැහැ--
  • 3:50 - 3:53
    අපි හිතන්නේ ඒවා රොන් මඩ උඩ
    ඇවිදින එක ලෙහෙසි කරන්න ඇති,
  • 3:53 - 3:56
    ඒ වගේම වතුරේදී හබල් ගාන්නත් උදව්වක්.
  • 3:56 - 3:59
    අපි අස්ථිවල ක්ෂුද්ර ආකෘතිය අධ්යයනය කරා,
  • 3:59 - 4:01
    ඒ කියන්නේ අස්ථි ඇතුලේ ආකෘතිය,
  • 4:01 - 4:04
    ඒවා ඉතාම සංයුක්ත සහ ඉහල ඝනත්වයක් තිබුනා.
  • 4:04 - 4:08
    සාමාන්යයෙන් එහෙම ලක්ෂණ තියෙන්නේ
    වතුරේ ගොඩක් කාලය ගත කරන සත්තුන්ගේ,
  • 4:08 - 4:11
    උත්ප්ලවකතාවය පාලනය කරන්න එක හුඟක්
    උදව් වෙනවා.
  • 4:11 - 4:17
    අපි ඒව ස්කෑන් කරලා පරිඝනක ආශ්රිත
    ආකෘතියක් හැදුවා.
  • 4:17 - 4:19
    අපි ඒ ආකෘතිය දිහා බැලුවම,
  • 4:19 - 4:23
    අපිට තේරුණා මේ ඉතාම වෙනස් ඩයිනසොරයෙක් බව.
  • 4:23 - 4:25
    මේ සත ටී. රෙක්ස් ට වඩා විශාලයි,
  • 4:25 - 4:28
    ඔලුව දිහා බලපු ගමන් මාළු මත
    යැපෙන්නෙක් බව පැහැදිලියි,
  • 4:28 - 4:32
    මුළු අස්ථි පද්ධතියේම තිබ්බේ
    ජලචාරි සතෙකුගේ ලක්ෂණ--
  • 4:32 - 4:36
    ඝනත්වයෙන් ඉහල අස්ථි, හබල් වගේ
    පාද , කොට පසු ගාත්,
  • 4:36 - 4:39
    මේ වගේ ලක්ෂණ අපි දකින්නේ
  • 4:39 - 4:42
    සැලකියයුතු කාලයක් වතුරේ ගත කරන සත්තු අතරේ.
  • 4:43 - 4:46
    ඉතින් අපි ස්පයිනසොරස්ගේ පේශි
    අධ්යයනය කරද්දී--
  • 4:46 - 4:50
    අපි දැන් දකින රූපවල පේශි වගේම
    උගේ හම ගැනත් හොයල බලද්දී --
  • 4:50 - 4:54
    අපිට තේරුණා අපි ගනුදෙනු කරන්නේ
    ගංගාශ්රිත දැවැන්තයෙක් එක්ක කියල,
  • 4:54 - 4:56
    ටී. රෙක්ස් ටත් වැඩ ලොකු මාංශ
    භක්ෂක ඩයිනසොරයෙක්,
  • 4:56 - 4:59
    අතීත ගංගාශ්රිත යෝධයින් අතර නායකයා,
  • 4:59 - 5:03
    ඉස්සරවෙලා මම කියපු සියලු ජලජ
    සත්තු ආහාරයට ගන්න.
  • 5:03 - 5:05
    එක තමයි මේ සොයා ගැනීම එතරම්ම වැදගත් .
  • 5:05 - 5:07
    මේ සතා අනික් ඔක්කොටම වඩා
    හුඟක් වෙනස් ෴
  • 5:07 - 5:10
    සමහරු මට කිව්වා "මේවගේ සොයා ගැනීම්
    ඉතාම දුර්ලභයි ,
  • 5:10 - 5:14
    අද ලෝකේ තවත් හුඟක් දේවල් අලුතින්
    හොයාගන්න ඉතුරු වෙලා නැහැ" කියල .
  • 5:15 - 5:18
    මම හිතන්නේ මේවා සත්යයට හුඟක්
    ලං වෙන්නේ නැහැ.
  • 5:18 - 5:20
    මම හිතන්නේ සහරා කාන්තාරයේ
    තවත් හුඟක් සම්පත් තියෙනවා,
  • 5:20 - 5:23
    එක නිසා කෙනෙක් මට කිව්වොත් තවත්
    කැනීම් කරන්න තැනක් ඉතිරි වෙලා
    නැහැ කියල,
  • 5:23 - 5:27
    මම රෝයි චැප්මන් ඇනඩ්රුව්ස් කියන
    පොසිල හොයන්නගේ කියමනක් කියන්නම් ,
  • 5:27 - 5:33
    ඔහු කිව්වා "ලෝකේ කොනක හැම
    තිස්සෙම වීර ක්රියා සිද්ධ වෙනවා,
  • 5:33 - 5:36
    අදටත් ලෝකේ මේ වගේ කොන්
    ගොඩක් තියෙනවා" කියල .
  • 5:36 - 5:38
    දශක ගණනාවකට කලින් එක සත්යයක්
  • 5:38 - 5:40
    ඔහුගේ ප්රකාශය එදාට වගේම
  • 5:40 - 5:42
    අදටත් ඉතාම වලංගුයි.
  • 5:42 - 5:43
    බොහොම ස්තූතියි.
  • 5:43 - 5:45
    (අත්පොලසන් )
Title:
How we unearthed the spinosaurus
Speaker:
Nizar Ibrahim
Description:

අඩි 50ක් පමණ දිග මාංශ භක්ෂක ස්පයිනසොරස්, අවුරුදු මිලියන 97කට පෙර ජීවත් වූ "මකරුන්" විශේෂයකි. නිසාර් ඉබ්‍රාහිම් සහ ඔහුගේ සගයින් මොරොක්කෝවේ සහරා කාන්තාරයේ කඳු අතරින් සොයා ගත් පොසිල වලින් මේ සුවිසල් සත්වයාගේ තවත් වග තුග අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
06:02
Dulini Mudunkotuwa approved Sinhala subtitles for How we unearthed the Spinosaurus
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for How we unearthed the Spinosaurus
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus
Dulini Mudunkotuwa edited Sinhala subtitles for How we unearthed the Spinosaurus
Tharanga Wijethilake edited Sinhala subtitles for How we unearthed the Spinosaurus
Show all

Sinhala subtitles

Revisions