Return to Video

A warrior’s cry against child marriage

  • 0:01 - 0:03
    අද මම පටන් ගන්නම්
  • 0:03 - 0:05
    කවියක් ඔබත් එක්ක බෙදා ගනිමින්
  • 0:05 - 0:08
    මගේ මලාවි ජාතික මිතුරිය
  • 0:08 - 0:10
    අයිලින් පිරි විසින් ලියූ
  • 0:10 - 0:14
    අයිලීන්ට තාම වයස අවුරුදු දහතුනයි.
  • 0:14 - 0:19
    ඒත් අපි ලියපු කවි එකතුව බලන විට
  • 0:19 - 0:22
    ඇගේ මේ කවිය ගොඩක් ආකර්ෂණීයයි,
  • 0:22 - 0:24
    හිතට දිරි දෙනවා
  • 0:24 - 0:26
    ඉතිං මම කවිය කියවන්නම්
  • 0:27 - 0:31
    ඈ කවිය නම් කර තියෙන්නේ,
    "මට ඕන දවසකයි මම බඳින්නේ" කියලයි
  • 0:31 - 0:33
    (සිනා)
  • 0:33 - 0:36
    මට ඕන දවසකයි මම බඳින්නේ
  • 0:36 - 0:41
    අම්මට බෑ මට බල කරන්න
  • 0:41 - 0:44
    මගේ තාත්තටත් බැහැ
  • 0:46 - 0:48
    මගේ මාමා, නැන්දා
  • 0:48 - 0:51
    මගේ අයියා, අක්කා
  • 0:51 - 0:53
    කාටවත් ම බැහැ මට බඳින්න බලකරන්න
  • 0:54 - 0:56
    මේ ලෝකෙ කිසි කෙනෙකුට
  • 0:56 - 1:00
    බැහැ මට බඳින්න බල කරන්න
  • 1:00 - 1:02
    මම බඳින්නෙ මට ඕනෑ දවසක
  • 1:02 - 1:05
    මට කෙතරම් තැළුවත්
  • 1:05 - 1:08
    මා පළවා හැරියත්
  • 1:08 - 1:11
    මොන නපුරක් මට කළත්,
  • 1:11 - 1:14
    මට ඕනෑ දවසටයි මම බඳින්නේ,
  • 1:14 - 1:17
    මට ඕනෑ දවසටයි මම බඳින්නේ,
  • 1:17 - 1:21
    මම උගත් ගැහැණියක් වෙන්න කළින් නම් නොවේමැයි
  • 1:21 - 1:25
    වැඩිවියට පැමිණෙන්න කළින් නම් නොවේමැයි
  • 1:25 - 1:28
    මට ඕනෑ දවසකයි මම බඳින්නේ
  • 1:29 - 1:32
    අවුරුදු දහතුනක දැරියක් මේ වගේ කවියක්
  • 1:32 - 1:35
    ලියපු එකේ අමුත්තක් දැනෙන්න පුළුවන්
  • 1:35 - 1:40
    ඒත් අයිලීන්ගෙයි මගෙයි රටේ නම්,
  • 1:40 - 1:44
    මේ කවිය, මම දැන් ඔබට කියවපු කවිය
  • 1:44 - 1:48
    සටන්කාරියකගේ ආයාචනයක්
  • 1:48 - 1:51
    මගේ රට මලාවි
  • 1:51 - 1:55
    මලාවි කියන්නේ ලෝකේ දුප්පත් ම රටක්
  • 1:55 - 1:58
    ගොඩාක් දුප්පත්
  • 1:58 - 2:03
    ස්ත්රී පුරුෂ සමානාත්මතාව ඉතාම ගැටලුකාරීයි
  • 2:03 - 2:05
    ඒ රටේ හැදී වැඩෙනවා කියන එකේ තේරුම තමයි,
  • 2:05 - 2:08
    මගේ ජීවිතේ මට ඕනෑ තීරණ ගන්න නොහැකි වීම
  • 2:08 - 2:10
    මට අවස්ථාවක් නොමැති වීම
  • 2:10 - 2:13
    ජීවිතේ පුද්ගලික අවශ්යතා සොයා බලන්නවත්
  • 2:13 - 2:16
    මම ඔබට කතාවක් කියන්නම්
  • 2:16 - 2:18
    ගෑණු ළමයි දෙන්නෙක් ගැන
  • 2:18 - 2:22
    හරිම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් ගැන
  • 2:22 - 2:25
    මේ ගෑණු ළමයි දෙන්නා
  • 2:25 - 2:27
    එකම වහලක් යට හැදී වැඩුණා.
  • 2:27 - 2:29
    ඒගොල්ලො කෑවෙ එකම කෑම
  • 2:29 - 2:32
    සමහර විට එකම ඇඳුම් මාරු කරගෙන ඇන්දා
  • 2:32 - 2:35
    සමහර විට එකම සපත්තු දැම්මා.
  • 2:35 - 2:40
    ඒත් ඒගොල්ලන්ගෙ ජීවිත අවසන් උනේ
    වෙනස් විදියට
  • 2:40 - 2:42
    වෙනස් මාර්ග දෙකකින්
  • 2:43 - 2:47
    අනෙක් ගෑණු ළමයා තමයි මගේ පුංචි නංගි
  • 2:47 - 2:52
    මගේ පුංචි නංගිට වයස අවුරුදු එකොළහක්
    විතරයි
  • 2:52 - 2:54
    එයාට දරුවෙක් ලැබෙන්න එනකොට
  • 2:56 - 3:00
    ඒක හරිම වේදනාකාරී දෙයක්
  • 3:01 - 3:05
    ඒක එයාට විතරක් නෙමෙයි, මටත් වේදනාකාරීයි
  • 3:05 - 3:08
    මමත් ගත ක ෙළ් දුෂ්කර කාල සීමාවක්
  • 3:08 - 3:12
    මගේ සංස්කෘතියේ විදියට
  • 3:12 - 3:15
    ගෑණු ළමයෙක් වැඩිවිය පැමිෙණන වයසට ආවම,
  • 3:15 - 3:19
    එයා ආරම්භක කඳවුරකට යන්න ඕනෑ
  • 3:19 - 3:21
    මේ කඳවුරුවල දී
  • 3:21 - 3:25
    පිරිමියෙක්ව ලිංගිකව සතුටු කරන්නේ කොහොමද
    කියලා උගන්නනවා.
  • 3:25 - 3:27
    සුවිෙශ්ෂ දිනයක් දිනයක් තියෙනවා
  • 3:27 - 3:30
    සුවිෙශ්ෂ දිනයක් කියලා කියන මේ දවසෙ දී
  • 3:30 - 3:33
    ගමේ අය එකතු වෙලා පිරිමි කෙනෙක්
    කුළියට ගන්නවා
  • 3:33 - 3:35
    එයා කඳවුරට ඇවිත්
  • 3:35 - 3:38
    මේ පුංචි ගෑණු ළමයි එක්ක යහන්ගත වෙනවා
  • 3:39 - 3:42
    මේ දැරියෝ කොතරම් කම්පනයට පත්වෙනවද
    කියලා හිතලා බලන්න
  • 3:42 - 3:45
    දවසින් දවස
  • 3:47 - 3:50
    ගොඩක් ගෑණු ළමයි ගර්භණී වෙනවා
  • 3:50 - 3:53
    ඒගොල්ලන්ට HIV, ඒඩ්ස්
  • 3:53 - 3:55
    වෙනත් ලිංගිකව බෝවන රෝග පවා හැදෙනවා.
  • 3:56 - 4:01
    මගේ පුංචි නංගි ගර්භණී වුනා.
  • 4:01 - 4:05
    තාම එයාට වයස අවුරුදු දාසයයි.
  • 4:05 - 4:08
    එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.
  • 4:08 - 4:11
    එයාගෙ පළවෙනි කසාදෙ පැවතු නේ නෑ
  • 4:11 - 4:15
    දෙවැනි එකත් එහෙමයි
  • 4:15 - 4:19
    එතකොට අනෙක් ගෑණු ළමයා දිහා බැලුවම,
  • 4:19 - 4:21
    එයා නම් පුදුමාකාරයි.
  • 4:21 - 4:23
    (සිනා)
  • 4:23 - 4:26
    (අත්පොළසන්)
  • 4:28 - 4:30
    මම එයාට පුදුමාකාරයි කියන්නේ
    එයා ඇත්තෙන් ම එහෙම නිසා
  • 4:30 - 4:33
    එයා හරි අපූරුයි
  • 4:33 - 4:37
    ඒ ගෑණු ළමයා තමයි මම (සිනා)
  • 4:37 - 4:40
    මට වයස අවුරුදු 13ක් වෙනකොට
  • 4:40 - 4:43
    මට කිිව්වා දැන් ඔයා ලොකුයි
  • 4:43 - 4:46
    නියම වයසට පැමිණිලා ඉන්නේ
  • 4:46 - 4:50
    ඔයා දැන් ආරම්භක කඳවුරට යන්න ඕනෑ කියලා
  • 4:50 - 4:53
    ඒක මොන විකාරයක් ද කියලා මට හිතුණා.
  • 4:53 - 4:57
    මම යන්නෙ නෑ අරම්භක කඳවුරට
  • 4:58 - 5:01
    ඔබ දන්නවද වැඩිහිටි ගැහැණූ අය
    මට මොනවද කිව්වෙ කියලා
  • 5:01 - 5:05
    උඹ මහ මෝඩ කෙල්ලක්, හරි හිතුවක්කාරයි
  • 5:05 - 5:12
    උඹ අපේ සිරිත්විරිත්වලට සංස්කෘතියට
    ගරු කරන්නේ නෑ
  • 5:12 - 5:16
    මම යන්න බැහැ කිව්වේ, මම යන්නෙ
    මොන වගේ තැනකටද කියලා දැනගෙන හිටපු නිසා
  • 5:16 - 5:18
    ජීවිතේ මගේ අපේක්ෂා
    මොනවද කියලා මම දැනගෙන හිටියා
  • 5:20 - 5:23
    පුංචි දැරියක් විදියට මට හීන ගොඩක් තිබුණා.
  • 5:24 - 5:28
    මට ඕනෑ උ ෙණ් හොඳට ඉගෙනගන්න
  • 5:28 - 5:30
    අනාගතේ හොඳ රස්සාවක් හොයාගන්න.
  • 5:30 - 5:32
    මම නීතිඥවරියක් වෙනවා කියලා මම හිතුවා
  • 5:32 - 5:35
    අර ගාම්භීර පුටුවෙ වාඩිවෙලා
  • 5:35 - 5:37
    ඒ වගේ අපේක්ෂාවන් තමයි
  • 5:37 - 5:40
    හැමදාම මගෙ හිතේ තිබු ෙණ්
  • 5:40 - 5:42
    මම දැනගෙන හිටියා කවදාහරි දවසක
  • 5:42 - 5:47
    මම මගේ සමාජයට මොනවහරි දෙයක්
    පුංචි දෙයක් හරි කරනවා කියලා
  • 5:47 - 5:49
    දවස ගානෙ ම කඳවුරට යන්න බෑ කිව්වම,
  • 5:49 - 5:51
    වැඩිහිටි කාන්තාවෝ මට කිව්වෙ,
  • 5:51 - 5:55
    බලපන් උඹ දිහා, දැන් උඹ ලොකුයි
    උ ෙඹ් නංගිට දරුවෙකුත් ඉන්නවා
  • 5:55 - 5:56
    උඹට මොකද වෙන්නෙ?
  • 5:56 - 6:01
    ඒ අඬවැඩියාව තමයි මට හැමදාම ඇහුනේ
  • 6:01 - 6:05
    ඒ අඬවැඩියාව තමයි
    ගෑණු ළමයින්ට හැමදාම ඇහෙන්නේ
  • 6:05 - 6:09
    සමාජයෙන් කරන්න කියන දේවල් නොකළා ම
  • 6:12 - 6:15
    මගේ කතාවයි නංගිගෙ කතාවයි සසඳා බලන කොට
  • 6:15 - 6:20
    මම හිතුවා ඇයි
    මට මොනවා හරි කරන්න බැරි කියලා
  • 6:20 - 6:25
    කාලයක් තිස්සෙ පැවතුණු දෙයක් වෙනස් කරන්න
    මට බැරි ඇයි කියලා
  • 6:25 - 6:28
    මගේ සමාජයේ
  • 6:28 - 6:30
    ඊට පස්සෙ තමයි මම අනෙක් ගැහැණු ළමයින්ට
    කතා ක ෙළ්
  • 6:30 - 6:33
    මගේ නංගි වගේ ම දරුවෝ ඉන්න
    අනෙක් අයට
  • 6:33 - 6:36
    එයාලා පාසැල් ගිහින් තියෙනවා
    ඒත් ලියන කියවන විදිය අමතක වෙලා.
  • 6:36 - 6:38
    මම කිව්වා එන්න අපි එකිනෙකා
    ආෙයෙත් මතක් කර ගමු කියලා
  • 6:38 - 6:40
    ලියන්නෙ කියවන්නෙ කොහොමද කියලා
  • 6:40 - 6:44
    පෑන අල්ලන්නෙ කොහොමද,
    කියවන්නෙ කොහොමද?පොත අල්ලන්නෙ කොහොමද...
  • 6:44 - 6:48
    ඒ අයත් එක්ක මම අපූරු කාලයක් ගෙව්වා.
  • 6:48 - 6:52
    මම ඒගොල්ලො ගැන ටිකක් ඉගෙන ගත්තා
    විතරක් නෙමෙයි.
  • 6:52 - 6:56
    ඒ අයගෙ පුද්ගලික කතාත් එයාලා මට කිව්වා
  • 6:56 - 6:57
    එයාලා දිනපතා මුහුණ පාන දේවල් ගැන
  • 6:57 - 7:00
    ලාබාල මව්වරුන් විදියට
  • 7:00 - 7:02
    එතකොට තමයි මට හිතුනේ
  • 7:02 - 7:06
    ඇයි අපිට බැරි මේ සිද්ධ වෙන දේවල් ඔක්කොම
  • 7:06 - 7:10
    අපේ අම්මලාට අපේ සාම්ප්රදායික නායකයන්ට
    කියන්න කියලා
  • 7:10 - 7:12
    මේවා වැරදි දේවල් බව
  • 7:12 - 7:14
    ඒක හරිම අවදානම් සහගත දෙයක්
  • 7:14 - 7:16
    මොකද මේ සාම්ප්රදායික නායකයෝ
  • 7:16 - 7:18
    සිරිත් විරිත්වලට හැඩ ගැහිලා ඉන්නේ
  • 7:18 - 7:21
    කාලයක් තිස්සේ සමාජයේ පැවති සිරිත්වලට
  • 7:21 - 7:22
    වෙනසක් කරන එක හරිම අමාරුයි
  • 7:22 - 7:25
    ඒත් උත්සාහ කරලා බලන එක හොඳයි.
  • 7:25 - 7:27
    ඉතිං අපි උත්සාහ කළා
  • 7:27 - 7:30
    ඒක හරිම දුෂ්කරයි.
    ඒත් අපි පුළුවන් තරම් වෑයම් කළා
  • 7:30 - 7:33
    මම අද කියන්න කැමතියි, මගේ සමාජය තමයි
  • 7:33 - 7:36
    දැරියන්ගේ උත්සාහය නිසා
    වෙනස් වුණු පළමු ප්රජාව
  • 7:36 - 7:39
    දැරියන් සාම්ප්රදායික නායකයන්ට
    කළ බලපෑම් නිසා
  • 7:39 - 7:43
    නායකයින් අපි වෙනුවෙන් නැගී සිටියා
    ඒඅය කිව්වා කිසිම දැරියක්
  • 7:43 - 7:46
    කසාද බඳින්න ඕනෑ නෑ
    අවුරුදු 18ට කළින් කියලා
  • 7:46 - 7:50
    (අත්පොළසන්)
  • 7:54 - 7:55
    මගේ ප්රජාව තුළ
  • 7:55 - 7:58
    තමයි පළවෙනි වතාවට, ප්රජාවක් තුළ
  • 7:58 - 8:00
    අතුරුනීති පැනවීමක් අවශ්ය වු ෙණ්
  • 8:00 - 8:04
    දැරියන් ආරක්ෂා කරන පළමු අතුරුනීති
  • 8:04 - 8:06
    අපගේ ප්රජාව තුළ තමයි.
  • 8:06 - 8:08
    අපි එතැනින් නැවතුනේ නෑ.
  • 8:08 - 8:11
    අපි තවත් ඉස්සරහට ගියා.
  • 8:11 - 8:15
    මේ ප්රජාවට සීමා නොවී,
  • 8:15 - 8:17
    අනෙක් දැරියන්
    වෙනුවෙනුත් සටන් කරන්න අපි අදිටන් කරගත්තා.
  • 8:17 - 8:22
    පෙබරවාරියේදී ළමා විවාහ පිළිබඳ කෙටුම්පත
    ඉදිරිපත් කරන්න
  • 8:22 - 8:25
    අපි පාර්ලිමේන්තුවට ගියා.
  • 8:25 - 8:29
    මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවට ඇතුළු වෙනකොට
    අපි හැමදාම
  • 8:29 - 8:32
    ඒ අයගෙන් ඇහුවා
    කරුණාකරලා මේ කෙටුම්පතට සහයෝගය දෙනවද කියලා
  • 8:32 - 8:37
    අපිට මෙතැන තියෙනවා වගේ දියුණු තාක්ෂණයක්
    තිබුණෙ නෑ.
  • 8:37 - 8:39
    අපිට තිබුණෙ අපේ පුංචි දුරකථන විතරයි.
  • 8:39 - 8:44
    ඉතිං අපි කතාවුණා.. ඇයි අපි ඒ අයගෙ නොම්බර
    හොයාගෙන කෙටි පණිවුඩ යවන්නෙ නැත්තෙ කියලා.
  • 8:44 - 8:47
    ඉතිං අපි ඒක කළා. ඒක හරිම ඵලදායී දෙයක්.
  • 8:47 - 8:49
    (අත්පොළසන්)
  • 8:49 - 8:52
    ඉතිං කෙටුම්පත සම්මත වුනාම,
    අපි ඒ අයට පණිවුඩ යවලා කිව්වා
  • 8:52 - 8:55
    කෙටුම්පතට සහයෝගය දැක්වූවාට
    බොහෝම ස්තූතියි කියලා
  • 8:55 - 8:56
    (සිනා)
  • 8:56 - 8:59
    පසුව ජනාධිපතිතුමා විසින් කෙටුම්පතට
    අත්සන් කළා
  • 8:59 - 9:03
    එය නීතියක් බවට පත් කරමින්. ඒක ලොකු දෙයක්
  • 9:03 - 9:08
    දැන් මලාවිවල නීත්යානුකූලව විවාහ වීමේ
    වයස අවුරුදු 18යි.15-18 දක්වා
  • 9:08 - 9:12
    (අත්පොළසන්)
  • 9:14 - 9:18
    කෙටුම්පත සම්මත වුනා කියලා දැනගැනීම
    ලොකු දෙයක්
  • 9:18 - 9:21
    ඒත් මම මේකත් කියන්න ඕනෑ
  • 9:21 - 9:26
    විවාහවීමේ නීත්යානුකූල වයස අවුරුදු 18
    වන රටවල් තියෙනවා.
  • 9:26 - 9:30
    ඒත් අපිට හැමදාම කාන්තාවන්ගේ දැරියන්ගේ
    වැළපීම් අහන්න තියෙනවා නේද?
  • 9:30 - 9:35
    දිනපතා ම දැරියන්ගේ ජීවිත නාස්ති වෙලා යනවා
  • 9:35 - 9:42
    නායකයන් සිය කැපවීම් වෙනුවෙන් පෙනී සිටීමට
    අවශ්යම කාලය මෙයයි.
  • 9:42 - 9:44
    මෙම කැපවීම් වෙනුවෙන් පෙනී සිටිම මගින්
  • 9:44 - 9:50
    දැරියන් මුහුණුපාන ගැටලු ගැන
    අවධානයෙන් සිටින බව අදහස් වෙනවා.
  • 9:50 - 9:54
    අනෙක් කාරණය අපිට තවදුරටත්
    ගැටලුවලට මුහුණ පෑමට සිදුවන්නේ නෑ
  • 9:54 - 9:58
    ඒත් ඔවුන් දැනගන්න ඕනෑ කාන්තාවන්
    මේ සභාවේ ඉන්න අපි වගේ අය
  • 9:58 - 10:01
    අපි නිකම්ම නිකං කාන්තාවන් නෙමෙයි
    නිකංම නිකං දැරියන් නෙමෙයි.
  • 10:01 - 10:03
    අපි ඉතා ම සුවි ෙශ්ෂයි.
  • 10:03 - 10:05
    අපිට මීට වැඩි දෙයක් වුනත් කරන්න පුළුවන්
  • 10:05 - 10:08
    මලාවි වෙනුවෙන් තවත් දේ කරන්න පුළුවන්.
  • 10:08 - 10:11
    මලාවි වෙනුවෙන් විතරක් නෙමෙයි
    අනෙක් රටවල් වෙනුවෙනුත්
  • 10:11 - 10:15
    දැනට පවතින නීති සම්බන්ධයෙන්
  • 10:15 - 10:20
    නීතියක් ක්රියාත්මක නොවන තුරු
    එය නීතියක් නොවන බව ඔබ දන්නවා
  • 10:20 - 10:24
    මෑතක දී සම්මත වූ නීතිය
  • 10:24 - 10:26
    ඒ වගේ ම අනෙක් රටවල පැවතුණු නීති
  • 10:26 - 10:30
    ඒවා ප්රාදේශීය වශයෙන්
  • 10:30 - 10:33
    ප්රජා මට්ටමින් ප්රසිද්ධ වීම අවශ්යයයි.
  • 10:33 - 10:38
    මේ මට්ටම්වල දී තමයි දැරියන් මුහුණපාන ගැටලු
    වඩාත් දරුණු
  • 10:38 - 10:43
    ප්රජා මට්ටමින් දිනපතාම දැරියන් ගැටලුවලට
    මුහුණපානවා ඉතා අසීරු ගැටලු
  • 10:43 - 10:48
    ඉතිං මේ කුඩා දැරියන් දන්නවා නම්
    ඔවුන්ව ආරක්ෂා කරන්න නීති ඇති බව
  • 10:48 - 10:51
    ඔවුන්ට නැගී සිටින්න පුළුවන්
  • 10:51 - 10:55
    මොකද ඔවුන් දන්නවා ඔවුන්ව ආරක්ෂා කරන්න
    නීති පවතින බව
  • 10:57 - 11:01
    මම කියන්න ඕනෑ තවත් දෙයක් තමයි
  • 11:01 - 11:06
    දැරියන්ගේ හා කාන්තාවන්ගේ හඬ
  • 11:06 - 11:09
    හරිම ලස්සනයි, ඔවුන් සිටිනවා
  • 11:09 - 11:12
    එ්ත් අපිට මේක තනිවම කරන්න බැහැ
  • 11:12 - 11:15
    පිරිමි අයත් මේ වෙනුවෙන්
    ඉදිරිපත් විය යුතුයි.
  • 11:15 - 11:17
    එකට එක්වී කටයුතු කළ යුතුයි.
  • 11:17 - 11:19
    මේක සාමූහික ප්රයත්නයක්
  • 11:19 - 11:22
    අපට අවශ්ය, ලොව පුරා සියලු දැරියන්ට
    අවශ්ය දේවල්මයි.
  • 11:22 - 11:28
    හොඳ අධ්යාපනයක්, ඒ සියල්ලට වැඩියෙන්
    අවුරුදු11දී කසාද නොබඳින්න
  • 11:30 - 11:33
    තවදුරටත් කියන්න ඕනෑ
  • 11:33 - 11:36
    එකට එක්වෙලා අපිට පුළුවන්
  • 11:36 - 11:40
    නෛතික, සංස්කෘතික හා
  • 11:40 - 11:43
    දේශපාලනික රාමු වෙනස් කරන්න.
  • 11:43 - 11:48
    දැරියන්ගේ අයිතිවාසිකම්වලට තහංචි පනවන,
  • 11:48 - 11:53
    අද මම මෙතැන සිට ප්රකාශකරනවා
  • 11:53 - 12:00
    අපිට එක් පරම්පරාවකින් ළමා විවාහ
    අවසන් කරන්න පුළුවන්
  • 12:01 - 12:03
    මේ අවස්ථාවේ දී
  • 12:03 - 12:07
    ඕනෑම දැරියකට, ලොව පුරා මිලියන ගාණක්වන
    ඕනෑම දැරියකට
  • 12:07 - 12:10
    කියන්න පුළුවන් වේවි
  • 12:10 - 12:13
    මට ඕනෑ දවසකයි මම බඳින්නේ කියලා
  • 12:13 - 12:16
    (අත්පොළසන්)
  • 12:23 - 12:25
    ස්තුතියි (අත්පොළසන්)
Title:
A warrior’s cry against child marriage
Speaker:
Memory Banda
Description:

ළමා විවාහ වලට එරෙහිව මෙමොරි බන්දා ගෙනගිය සටන.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
12:38

Sinhala subtitles

Revisions Compare revisions