1 00:00:01,014 --> 00:00:02,825 අද මම පටන් ගන්නම් 2 00:00:02,825 --> 00:00:04,891 කවියක් ඔබත් එක්ක බෙදා ගනිමින් 3 00:00:04,891 --> 00:00:08,026 මගේ මලාවි ජාතික මිතුරිය 4 00:00:08,026 --> 00:00:10,162 අයිලින් පිරි විසින් ලියූ 5 00:00:10,162 --> 00:00:13,506 අයිලීන්ට තාම වයස අවුරුදු දහතුනයි. 6 00:00:13,506 --> 00:00:19,380 ඒත් අපි ලියපු කවි එකතුව බලන විට 7 00:00:19,380 --> 00:00:22,248 ඇගේ මේ කවිය ගොඩක් ආකර්ෂණීයයි, 8 00:00:22,248 --> 00:00:24,245 හිතට දිරි දෙනවා 9 00:00:24,245 --> 00:00:26,358 ඉතිං මම කවිය කියවන්නම් 10 00:00:26,905 --> 00:00:30,503 ඈ කවිය නම් කර තියෙන්නේ, "මට ඕන දවසකයි මම බඳින්නේ" කියලයි 11 00:00:30,503 --> 00:00:33,359 (සිනා) 12 00:00:33,359 --> 00:00:35,890 මට ඕන දවසකයි මම බඳින්නේ 13 00:00:35,890 --> 00:00:40,790 අම්මට බෑ මට බල කරන්න 14 00:00:40,790 --> 00:00:43,994 මගේ තාත්තටත් බැහැ 15 00:00:45,526 --> 00:00:48,336 මගේ මාමා, නැන්දා 16 00:00:48,336 --> 00:00:50,681 මගේ අයියා, අක්කා 17 00:00:50,681 --> 00:00:52,863 කාටවත් ම බැහැ මට බඳින්න බලකරන්න 18 00:00:53,885 --> 00:00:56,254 මේ ලෝකෙ කිසි කෙනෙකුට 19 00:00:56,254 --> 00:00:59,550 බැහැ මට බඳින්න බල කරන්න 20 00:00:59,550 --> 00:01:02,499 මම බඳින්නෙ මට ඕනෑ දවසක 21 00:01:02,499 --> 00:01:05,077 මට කෙතරම් තැළුවත් 22 00:01:05,077 --> 00:01:07,747 මා පළවා හැරියත් 23 00:01:07,747 --> 00:01:10,928 මොන නපුරක් මට කළත්, 24 00:01:10,928 --> 00:01:14,364 මට ඕනෑ දවසටයි මම බඳින්නේ, 25 00:01:14,364 --> 00:01:17,267 මට ඕනෑ දවසටයි මම බඳින්නේ, 26 00:01:17,267 --> 00:01:21,005 මම උගත් ගැහැණියක් වෙන්න කළින් නම් නොවේමැයි 27 00:01:21,005 --> 00:01:25,323 වැඩිවියට පැමිණෙන්න කළින් නම් නොවේමැයි 28 00:01:25,323 --> 00:01:27,810 මට ඕනෑ දවසකයි මම බඳින්නේ 29 00:01:28,831 --> 00:01:31,827 අවුරුදු දහතුනක දැරියක් මේ වගේ කවියක් 30 00:01:31,827 --> 00:01:35,356 ලියපු එකේ අමුත්තක් දැනෙන්න පුළුවන් 31 00:01:35,356 --> 00:01:40,139 ඒත් අයිලීන්ගෙයි මගෙයි රටේ නම්, 32 00:01:40,139 --> 00:01:43,900 මේ කවිය, මම දැන් ඔබට කියවපු කවිය 33 00:01:43,900 --> 00:01:47,616 සටන්කාරියකගේ ආයාචනයක් 34 00:01:47,616 --> 00:01:50,541 මගේ රට මලාවි 35 00:01:51,191 --> 00:01:55,115 මලාවි කියන්නේ ලෝකේ දුප්පත් ම රටක් 36 00:01:55,115 --> 00:01:57,994 ගොඩාක් දුප්පත් 37 00:01:57,994 --> 00:02:02,522 ස්ත්රී පුරුෂ සමානාත්මතාව ඉතාම ගැටලුකාරීයි 38 00:02:02,522 --> 00:02:04,844 ඒ රටේ හැදී වැඩෙනවා කියන එකේ තේරුම තමයි, 39 00:02:04,844 --> 00:02:08,095 මගේ ජීවිතේ මට ඕනෑ තීරණ ගන්න නොහැකි වීම 40 00:02:08,095 --> 00:02:10,393 මට අවස්ථාවක් නොමැති වීම 41 00:02:10,393 --> 00:02:13,389 ජීවිතේ පුද්ගලික අවශ්යතා සොයා බලන්නවත් 42 00:02:13,389 --> 00:02:15,919 මම ඔබට කතාවක් කියන්නම් 43 00:02:15,919 --> 00:02:18,381 ගෑණු ළමයි දෙන්නෙක් ගැන 44 00:02:18,381 --> 00:02:22,026 හරිම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් ගැන 45 00:02:22,026 --> 00:02:24,580 මේ ගෑණු ළමයි දෙන්නා 46 00:02:24,580 --> 00:02:26,693 එකම වහලක් යට හැදී වැඩුණා. 47 00:02:26,693 --> 00:02:29,410 ඒගොල්ලො කෑවෙ එකම කෑම 48 00:02:29,410 --> 00:02:32,173 සමහර විට එකම ඇඳුම් මාරු කරගෙන ඇන්දා 49 00:02:32,173 --> 00:02:34,982 සමහර විට එකම සපත්තු දැම්මා. 50 00:02:34,982 --> 00:02:39,649 ඒත් ඒගොල්ලන්ගෙ ජීවිත අවසන් උනේ වෙනස් විදියට 51 00:02:39,649 --> 00:02:41,646 වෙනස් මාර්ග දෙකකින් 52 00:02:43,039 --> 00:02:46,754 අනෙක් ගෑණු ළමයා තමයි මගේ පුංචි නංගි 53 00:02:46,754 --> 00:02:51,677 මගේ පුංචි නංගිට වයස අවුරුදු එකොළහක් විතරයි 54 00:02:51,677 --> 00:02:54,329 එයාට දරුවෙක් ලැබෙන්න එනකොට 55 00:02:56,029 --> 00:02:59,742 ඒක හරිම වේදනාකාරී දෙයක් 56 00:03:01,352 --> 00:03:04,633 ඒක එයාට විතරක් නෙමෙයි, මටත් වේදනාකාරීයි 57 00:03:04,633 --> 00:03:08,232 මමත් ගත ක ෙළ් දුෂ්කර කාල සීමාවක් 58 00:03:08,232 --> 00:03:11,947 මගේ සංස්කෘතියේ විදියට 59 00:03:11,947 --> 00:03:14,942 ගෑණු ළමයෙක් වැඩිවිය පැමිෙණන වයසට ආවම, 60 00:03:14,942 --> 00:03:18,820 එයා ආරම්භක කඳවුරකට යන්න ඕනෑ 61 00:03:18,820 --> 00:03:21,118 මේ කඳවුරුවල දී 62 00:03:21,118 --> 00:03:24,973 පිරිමියෙක්ව ලිංගිකව සතුටු කරන්නේ කොහොමද කියලා උගන්නනවා. 63 00:03:24,973 --> 00:03:26,761 සුවිෙශ්ෂ දිනයක් දිනයක් තියෙනවා 64 00:03:26,761 --> 00:03:29,965 සුවිෙශ්ෂ දිනයක් කියලා කියන මේ දවසෙ දී 65 00:03:29,965 --> 00:03:32,519 ගමේ අය එකතු වෙලා පිරිමි කෙනෙක් කුළියට ගන්නවා 66 00:03:32,519 --> 00:03:35,143 එයා කඳවුරට ඇවිත් 67 00:03:35,143 --> 00:03:37,572 මේ පුංචි ගෑණු ළමයි එක්ක යහන්ගත වෙනවා 68 00:03:39,252 --> 00:03:41,766 මේ දැරියෝ කොතරම් කම්පනයට පත්වෙනවද කියලා හිතලා බලන්න 69 00:03:41,766 --> 00:03:44,516 දවසින් දවස 70 00:03:46,766 --> 00:03:49,925 ගොඩක් ගෑණු ළමයි ගර්භණී වෙනවා 71 00:03:49,925 --> 00:03:52,542 ඒගොල්ලන්ට HIV, ඒඩ්ස් 72 00:03:52,542 --> 00:03:54,882 වෙනත් ලිංගිකව බෝවන රෝග පවා හැදෙනවා. 73 00:03:55,692 --> 00:04:00,603 මගේ පුංචි නංගි ගර්භණී වුනා. 74 00:04:00,603 --> 00:04:04,666 තාම එයාට වයස අවුරුදු දාසයයි. 75 00:04:04,666 --> 00:04:07,662 එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. 76 00:04:07,662 --> 00:04:11,307 එයාගෙ පළවෙනි කසාදෙ පැවතු නේ නෑ 77 00:04:11,307 --> 00:04:14,604 දෙවැනි එකත් එහෙමයි 78 00:04:14,604 --> 00:04:18,781 එතකොට අනෙක් ගෑණු ළමයා දිහා බැලුවම, 79 00:04:19,341 --> 00:04:21,314 එයා නම් පුදුමාකාරයි. 80 00:04:21,314 --> 00:04:23,218 (සිනා) 81 00:04:23,218 --> 00:04:26,163 (අත්පොළසන්) 82 00:04:27,723 --> 00:04:30,138 මම එයාට පුදුමාකාරයි කියන්නේ එයා ඇත්තෙන් ම එහෙම නිසා 83 00:04:30,138 --> 00:04:33,203 එයා හරි අපූරුයි 84 00:04:33,203 --> 00:04:36,964 ඒ ගෑණු ළමයා තමයි මම (සිනා) 85 00:04:36,964 --> 00:04:39,982 මට වයස අවුරුදු 13ක් වෙනකොට 86 00:04:39,982 --> 00:04:43,396 මට කිිව්වා දැන් ඔයා ලොකුයි 87 00:04:43,396 --> 00:04:46,228 නියම වයසට පැමිණිලා ඉන්නේ 88 00:04:46,228 --> 00:04:49,595 ඔයා දැන් ආරම්භක කඳවුරට යන්න ඕනෑ කියලා 89 00:04:49,595 --> 00:04:52,567 ඒක මොන විකාරයක් ද කියලා මට හිතුණා. 90 00:04:52,567 --> 00:04:56,549 මම යන්නෙ නෑ අරම්භක කඳවුරට 91 00:04:58,349 --> 00:05:01,112 ඔබ දන්නවද වැඩිහිටි ගැහැණූ අය මට මොනවද කිව්වෙ කියලා 92 00:05:01,112 --> 00:05:04,734 උඹ මහ මෝඩ කෙල්ලක්, හරි හිතුවක්කාරයි 93 00:05:04,734 --> 00:05:12,001 උඹ අපේ සිරිත්විරිත්වලට සංස්කෘතියට ගරු කරන්නේ නෑ 94 00:05:12,001 --> 00:05:15,809 මම යන්න බැහැ කිව්වේ, මම යන්නෙ මොන වගේ තැනකටද කියලා දැනගෙන හිටපු නිසා 95 00:05:15,809 --> 00:05:18,433 ජීවිතේ මගේ අපේක්ෂා මොනවද කියලා මම දැනගෙන හිටියා 96 00:05:19,773 --> 00:05:22,738 පුංචි දැරියක් විදියට මට හීන ගොඩක් තිබුණා. 97 00:05:24,238 --> 00:05:27,883 මට ඕනෑ උ ෙණ් හොඳට ඉගෙනගන්න 98 00:05:27,883 --> 00:05:30,363 අනාගතේ හොඳ රස්සාවක් හොයාගන්න. 99 00:05:30,363 --> 00:05:32,122 මම නීතිඥවරියක් වෙනවා කියලා මම හිතුවා 100 00:05:32,122 --> 00:05:34,832 අර ගාම්භීර පුටුවෙ වාඩිවෙලා 101 00:05:34,832 --> 00:05:37,138 ඒ වගේ අපේක්ෂාවන් තමයි 102 00:05:37,138 --> 00:05:40,468 හැමදාම මගෙ හිතේ තිබු ෙණ් 103 00:05:40,468 --> 00:05:42,302 මම දැනගෙන හිටියා කවදාහරි දවසක 104 00:05:42,302 --> 00:05:46,876 මම මගේ සමාජයට මොනවහරි දෙයක් පුංචි දෙයක් හරි කරනවා කියලා 105 00:05:46,876 --> 00:05:49,407 දවස ගානෙ ම කඳවුරට යන්න බෑ කිව්වම, 106 00:05:49,407 --> 00:05:51,427 වැඩිහිටි කාන්තාවෝ මට කිව්වෙ, 107 00:05:51,427 --> 00:05:54,817 බලපන් උඹ දිහා, දැන් උඹ ලොකුයි උ ෙඹ් නංගිට දරුවෙකුත් ඉන්නවා 108 00:05:54,817 --> 00:05:56,303 උඹට මොකද වෙන්නෙ? 109 00:05:56,303 --> 00:06:01,017 ඒ අඬවැඩියාව තමයි මට හැමදාම ඇහුනේ 110 00:06:01,017 --> 00:06:04,894 ඒ අඬවැඩියාව තමයි ගෑණු ළමයින්ට හැමදාම ඇහෙන්නේ 111 00:06:04,894 --> 00:06:09,043 සමාජයෙන් කරන්න කියන දේවල් නොකළා ම 112 00:06:11,524 --> 00:06:15,448 මගේ කතාවයි නංගිගෙ කතාවයි සසඳා බලන කොට 113 00:06:15,448 --> 00:06:20,185 මම හිතුවා ඇයි මට මොනවා හරි කරන්න බැරි කියලා 114 00:06:20,185 --> 00:06:25,246 කාලයක් තිස්සෙ පැවතුණු දෙයක් වෙනස් කරන්න මට බැරි ඇයි කියලා 115 00:06:25,246 --> 00:06:27,661 මගේ සමාජයේ 116 00:06:27,661 --> 00:06:30,169 ඊට පස්සෙ තමයි මම අනෙක් ගැහැණු ළමයින්ට කතා ක ෙළ් 117 00:06:30,169 --> 00:06:32,723 මගේ නංගි වගේ ම දරුවෝ ඉන්න අනෙක් අයට 118 00:06:32,723 --> 00:06:36,187 එයාලා පාසැල් ගිහින් තියෙනවා ඒත් ලියන කියවන විදිය අමතක වෙලා. 119 00:06:36,187 --> 00:06:38,297 මම කිව්වා එන්න අපි එකිනෙකා ආෙයෙත් මතක් කර ගමු කියලා 120 00:06:38,297 --> 00:06:40,432 ලියන්නෙ කියවන්නෙ කොහොමද කියලා 121 00:06:40,432 --> 00:06:44,240 පෑන අල්ලන්නෙ කොහොමද, කියවන්නෙ කොහොමද?පොත අල්ලන්නෙ කොහොමද... 122 00:06:44,240 --> 00:06:47,885 ඒ අයත් එක්ක මම අපූරු කාලයක් ගෙව්වා. 123 00:06:47,885 --> 00:06:52,157 මම ඒගොල්ලො ගැන ටිකක් ඉගෙන ගත්තා විතරක් නෙමෙයි. 124 00:06:52,157 --> 00:06:55,594 ඒ අයගෙ පුද්ගලික කතාත් එයාලා මට කිව්වා 125 00:06:55,594 --> 00:06:57,405 එයාලා දිනපතා මුහුණ පාන දේවල් ගැන 126 00:06:57,405 --> 00:07:00,075 ලාබාල මව්වරුන් විදියට 127 00:07:00,075 --> 00:07:02,072 එතකොට තමයි මට හිතුනේ 128 00:07:02,072 --> 00:07:05,996 ඇයි අපිට බැරි මේ සිද්ධ වෙන දේවල් ඔක්කොම 129 00:07:05,996 --> 00:07:09,873 අපේ අම්මලාට අපේ සාම්ප්රදායික නායකයන්ට කියන්න කියලා 130 00:07:09,873 --> 00:07:11,870 මේවා වැරදි දේවල් බව 131 00:07:11,870 --> 00:07:13,937 ඒක හරිම අවදානම් සහගත දෙයක් 132 00:07:13,937 --> 00:07:15,910 මොකද මේ සාම්ප්රදායික නායකයෝ 133 00:07:15,910 --> 00:07:18,114 සිරිත් විරිත්වලට හැඩ ගැහිලා ඉන්නේ 134 00:07:18,114 --> 00:07:20,554 කාලයක් තිස්සේ සමාජයේ පැවති සිරිත්වලට 135 00:07:20,554 --> 00:07:22,481 වෙනසක් කරන එක හරිම අමාරුයි 136 00:07:22,481 --> 00:07:25,105 ඒත් උත්සාහ කරලා බලන එක හොඳයි. 137 00:07:25,105 --> 00:07:27,357 ඉතිං අපි උත්සාහ කළා 138 00:07:27,357 --> 00:07:29,865 ඒක හරිම දුෂ්කරයි. ඒත් අපි පුළුවන් තරම් වෑයම් කළා 139 00:07:30,245 --> 00:07:33,109 මම අද කියන්න කැමතියි, මගේ සමාජය තමයි 140 00:07:33,109 --> 00:07:35,669 දැරියන්ගේ උත්සාහය නිසා වෙනස් වුණු පළමු ප්රජාව 141 00:07:35,669 --> 00:07:39,036 දැරියන් සාම්ප්රදායික නායකයන්ට කළ බලපෑම් නිසා 142 00:07:39,036 --> 00:07:43,425 නායකයින් අපි වෙනුවෙන් නැගී සිටියා ඒඅය කිව්වා කිසිම දැරියක් 143 00:07:43,425 --> 00:07:45,654 කසාද බඳින්න ඕනෑ නෑ අවුරුදු 18ට කළින් කියලා 144 00:07:45,654 --> 00:07:49,507 (අත්පොළසන්) 145 00:07:53,502 --> 00:07:55,243 මගේ ප්රජාව තුළ 146 00:07:55,243 --> 00:07:57,890 තමයි පළවෙනි වතාවට, ප්රජාවක් තුළ 147 00:07:57,890 --> 00:08:00,351 අතුරුනීති පැනවීමක් අවශ්ය වු ෙණ් 148 00:08:00,351 --> 00:08:03,858 දැරියන් ආරක්ෂා කරන පළමු අතුරුනීති 149 00:08:03,858 --> 00:08:06,052 අපගේ ප්රජාව තුළ තමයි. 150 00:08:06,052 --> 00:08:07,840 අපි එතැනින් නැවතුනේ නෑ. 151 00:08:07,840 --> 00:08:10,789 අපි තවත් ඉස්සරහට ගියා. 152 00:08:10,789 --> 00:08:14,643 මේ ප්රජාවට සීමා නොවී, 153 00:08:14,643 --> 00:08:17,429 අනෙක් දැරියන් වෙනුවෙනුත් සටන් කරන්න අපි අදිටන් කරගත්තා. 154 00:08:17,429 --> 00:08:21,562 පෙබරවාරියේදී ළමා විවාහ පිළිබඳ කෙටුම්පත ඉදිරිපත් කරන්න 155 00:08:21,562 --> 00:08:25,208 අපි පාර්ලිමේන්තුවට ගියා. 156 00:08:25,208 --> 00:08:29,294 මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවට ඇතුළු වෙනකොට අපි හැමදාම 157 00:08:29,294 --> 00:08:32,383 ඒ අයගෙන් ඇහුවා කරුණාකරලා මේ කෙටුම්පතට සහයෝගය දෙනවද කියලා 158 00:08:32,383 --> 00:08:37,142 අපිට මෙතැන තියෙනවා වගේ දියුණු තාක්ෂණයක් තිබුණෙ නෑ. 159 00:08:37,142 --> 00:08:39,139 අපිට තිබුණෙ අපේ පුංචි දුරකථන විතරයි. 160 00:08:39,139 --> 00:08:44,169 ඉතිං අපි කතාවුණා.. ඇයි අපි ඒ අයගෙ නොම්බර හොයාගෙන කෙටි පණිවුඩ යවන්නෙ නැත්තෙ කියලා. 161 00:08:44,178 --> 00:08:47,428 ඉතිං අපි ඒක කළා. ඒක හරිම ඵලදායී දෙයක්. 162 00:08:47,428 --> 00:08:49,448 (අත්පොළසන්) 163 00:08:49,448 --> 00:08:52,421 ඉතිං කෙටුම්පත සම්මත වුනාම, අපි ඒ අයට පණිවුඩ යවලා කිව්වා 164 00:08:52,421 --> 00:08:54,849 කෙටුම්පතට සහයෝගය දැක්වූවාට බොහෝම ස්තූතියි කියලා 165 00:08:54,849 --> 00:08:55,919 (සිනා) 166 00:08:55,919 --> 00:08:59,264 පසුව ජනාධිපතිතුමා විසින් කෙටුම්පතට අත්සන් කළා 167 00:08:59,264 --> 00:09:02,630 එය නීතියක් බවට පත් කරමින්. ඒක ලොකු දෙයක් 168 00:09:02,630 --> 00:09:08,482 දැන් මලාවිවල නීත්යානුකූලව විවාහ වීමේ වයස අවුරුදු 18යි.15-18 දක්වා 169 00:09:08,482 --> 00:09:12,127 (අත්පොළසන්) 170 00:09:14,495 --> 00:09:18,071 කෙටුම්පත සම්මත වුනා කියලා දැනගැනීම ලොකු දෙයක් 171 00:09:18,071 --> 00:09:21,113 ඒත් මම මේකත් කියන්න ඕනෑ 172 00:09:21,113 --> 00:09:25,501 විවාහවීමේ නීත්යානුකූල වයස අවුරුදු 18 වන රටවල් තියෙනවා. 173 00:09:25,501 --> 00:09:29,773 ඒත් අපිට හැමදාම කාන්තාවන්ගේ දැරියන්ගේ වැළපීම් අහන්න තියෙනවා නේද? 174 00:09:29,773 --> 00:09:35,416 දිනපතා ම දැරියන්ගේ ජීවිත නාස්ති වෙලා යනවා 175 00:09:35,416 --> 00:09:41,870 නායකයන් සිය කැපවීම් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්යම කාලය මෙයයි. 176 00:09:41,870 --> 00:09:44,239 මෙම කැපවීම් වෙනුවෙන් පෙනී සිටිම මගින් 177 00:09:44,239 --> 00:09:49,951 දැරියන් මුහුණුපාන ගැටලු ගැන අවධානයෙන් සිටින බව අදහස් වෙනවා. 178 00:09:49,951 --> 00:09:53,712 අනෙක් කාරණය අපිට තවදුරටත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන්නේ නෑ 179 00:09:53,712 --> 00:09:57,950 ඒත් ඔවුන් දැනගන්න ඕනෑ කාන්තාවන් මේ සභාවේ ඉන්න අපි වගේ අය 180 00:09:57,950 --> 00:10:01,000 අපි නිකම්ම නිකං කාන්තාවන් නෙමෙයි නිකංම නිකං දැරියන් නෙමෙයි. 181 00:10:01,000 --> 00:10:02,980 අපි ඉතා ම සුවි ෙශ්ෂයි. 182 00:10:02,980 --> 00:10:04,893 අපිට මීට වැඩි දෙයක් වුනත් කරන්න පුළුවන් 183 00:10:04,893 --> 00:10:07,888 මලාවි වෙනුවෙන් තවත් දේ කරන්න පුළුවන්. 184 00:10:07,888 --> 00:10:10,790 මලාවි වෙනුවෙන් විතරක් නෙමෙයි අනෙක් රටවල් වෙනුවෙනුත් 185 00:10:10,790 --> 00:10:14,575 දැනට පවතින නීති සම්බන්ධයෙන් 186 00:10:14,575 --> 00:10:20,426 නීතියක් ක්රියාත්මක නොවන තුරු එය නීතියක් නොවන බව ඔබ දන්නවා 187 00:10:20,426 --> 00:10:23,839 මෑතක දී සම්මත වූ නීතිය 188 00:10:23,839 --> 00:10:26,463 ඒ වගේ ම අනෙක් රටවල පැවතුණු නීති 189 00:10:26,463 --> 00:10:30,387 ඒවා ප්රාදේශීය වශයෙන් 190 00:10:30,387 --> 00:10:32,570 ප්රජා මට්ටමින් ප්රසිද්ධ වීම අවශ්යයයි. 191 00:10:32,570 --> 00:10:37,956 මේ මට්ටම්වල දී තමයි දැරියන් මුහුණපාන ගැටලු වඩාත් දරුණු 192 00:10:37,956 --> 00:10:42,716 ප්රජා මට්ටමින් දිනපතාම දැරියන් ගැටලුවලට මුහුණපානවා ඉතා අසීරු ගැටලු 193 00:10:43,274 --> 00:10:48,359 ඉතිං මේ කුඩා දැරියන් දන්නවා නම් ඔවුන්ව ආරක්ෂා කරන්න නීති ඇති බව 194 00:10:48,359 --> 00:10:51,145 ඔවුන්ට නැගී සිටින්න පුළුවන් 195 00:10:51,145 --> 00:10:54,816 මොකද ඔවුන් දන්නවා ඔවුන්ව ආරක්ෂා කරන්න නීති පවතින බව 196 00:10:57,254 --> 00:11:01,363 මම කියන්න ඕනෑ තවත් දෙයක් තමයි 197 00:11:01,363 --> 00:11:05,961 දැරියන්ගේ හා කාන්තාවන්ගේ හඬ 198 00:11:05,961 --> 00:11:08,724 හරිම ලස්සනයි, ඔවුන් සිටිනවා 199 00:11:08,724 --> 00:11:11,905 එ්ත් අපිට මේක තනිවම කරන්න බැහැ 200 00:11:11,905 --> 00:11:14,575 පිරිමි අයත් මේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි. 201 00:11:14,575 --> 00:11:16,525 එකට එක්වී කටයුතු කළ යුතුයි. 202 00:11:16,525 --> 00:11:19,103 මේක සාමූහික ප්රයත්නයක් 203 00:11:19,103 --> 00:11:21,843 අපට අවශ්ය, ලොව පුරා සියලු දැරියන්ට අවශ්ය දේවල්මයි. 204 00:11:21,843 --> 00:11:27,601 හොඳ අධ්යාපනයක්, ඒ සියල්ලට වැඩියෙන් අවුරුදු11දී කසාද නොබඳින්න 205 00:11:30,085 --> 00:11:32,953 තවදුරටත් කියන්න ඕනෑ 206 00:11:32,953 --> 00:11:36,018 එකට එක්වෙලා අපිට පුළුවන් 207 00:11:36,018 --> 00:11:39,966 නෛතික, සංස්කෘතික හා 208 00:11:39,966 --> 00:11:43,135 දේශපාලනික රාමු වෙනස් කරන්න. 209 00:11:43,135 --> 00:11:47,906 දැරියන්ගේ අයිතිවාසිකම්වලට තහංචි පනවන, 210 00:11:47,906 --> 00:11:52,964 අද මම මෙතැන සිට ප්රකාශකරනවා 211 00:11:52,964 --> 00:12:00,004 අපිට එක් පරම්පරාවකින් ළමා විවාහ අවසන් කරන්න පුළුවන් 212 00:12:00,677 --> 00:12:02,860 මේ අවස්ථාවේ දී 213 00:12:02,860 --> 00:12:07,294 ඕනෑම දැරියකට, ලොව පුරා මිලියන ගාණක්වන ඕනෑම දැරියකට 214 00:12:07,294 --> 00:12:09,895 කියන්න පුළුවන් වේවි 215 00:12:09,895 --> 00:12:13,099 මට ඕනෑ දවසකයි මම බඳින්නේ කියලා 216 00:12:13,099 --> 00:12:16,144 (අත්පොළසන්) 217 00:12:23,284 --> 00:12:25,219 ස්තුතියි (අත්පොළසන්)