අද මම පටන් ගන්නම් කවියක් ඔබත් එක්ක බෙදා ගනිමින් මගේ මලාවි ජාතික මිතුරිය අයිලින් පිරි විසින් ලියූ අයිලීන්ට තාම වයස අවුරුදු දහතුනයි. ඒත් අපි ලියපු කවි එකතුව බලන විට ඇගේ මේ කවිය ගොඩක් ආකර්ෂණීයයි, හිතට දිරි දෙනවා ඉතිං මම කවිය කියවන්නම් ඈ කවිය නම් කර තියෙන්නේ, "මට ඕන දවසකයි මම බඳින්නේ" කියලයි (සිනා) මට ඕන දවසකයි මම බඳින්නේ අම්මට බෑ මට බල කරන්න මගේ තාත්තටත් බැහැ මගේ මාමා, නැන්දා මගේ අයියා, අක්කා කාටවත් ම බැහැ මට බඳින්න බලකරන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට බැහැ මට බඳින්න බල කරන්න මම බඳින්නෙ මට ඕනෑ දවසක මට කෙතරම් තැළුවත් මා පළවා හැරියත් මොන නපුරක් මට කළත්, මට ඕනෑ දවසටයි මම බඳින්නේ, මට ඕනෑ දවසටයි මම බඳින්නේ, මම උගත් ගැහැණියක් වෙන්න කළින් නම් නොවේමැයි වැඩිවියට පැමිණෙන්න කළින් නම් නොවේමැයි මට ඕනෑ දවසකයි මම බඳින්නේ අවුරුදු දහතුනක දැරියක් මේ වගේ කවියක් ලියපු එකේ අමුත්තක් දැනෙන්න පුළුවන් ඒත් අයිලීන්ගෙයි මගෙයි රටේ නම්, මේ කවිය, මම දැන් ඔබට කියවපු කවිය සටන්කාරියකගේ ආයාචනයක් මගේ රට මලාවි මලාවි කියන්නේ ලෝකේ දුප්පත් ම රටක් ගොඩාක් දුප්පත් ස්ත්රී පුරුෂ සමානාත්මතාව ඉතාම ගැටලුකාරීයි ඒ රටේ හැදී වැඩෙනවා කියන එකේ තේරුම තමයි, මගේ ජීවිතේ මට ඕනෑ තීරණ ගන්න නොහැකි වීම මට අවස්ථාවක් නොමැති වීම ජීවිතේ පුද්ගලික අවශ්යතා සොයා බලන්නවත් මම ඔබට කතාවක් කියන්නම් ගෑණු ළමයි දෙන්නෙක් ගැන හරිම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් ගැන මේ ගෑණු ළමයි දෙන්නා එකම වහලක් යට හැදී වැඩුණා. ඒගොල්ලො කෑවෙ එකම කෑම සමහර විට එකම ඇඳුම් මාරු කරගෙන ඇන්දා සමහර විට එකම සපත්තු දැම්මා. ඒත් ඒගොල්ලන්ගෙ ජීවිත අවසන් උනේ වෙනස් විදියට වෙනස් මාර්ග දෙකකින් අනෙක් ගෑණු ළමයා තමයි මගේ පුංචි නංගි මගේ පුංචි නංගිට වයස අවුරුදු එකොළහක් විතරයි එයාට දරුවෙක් ලැබෙන්න එනකොට ඒක හරිම වේදනාකාරී දෙයක් ඒක එයාට විතරක් නෙමෙයි, මටත් වේදනාකාරීයි මමත් ගත ක ෙළ් දුෂ්කර කාල සීමාවක් මගේ සංස්කෘතියේ විදියට ගෑණු ළමයෙක් වැඩිවිය පැමිෙණන වයසට ආවම, එයා ආරම්භක කඳවුරකට යන්න ඕනෑ මේ කඳවුරුවල දී පිරිමියෙක්ව ලිංගිකව සතුටු කරන්නේ කොහොමද කියලා උගන්නනවා. සුවිෙශ්ෂ දිනයක් දිනයක් තියෙනවා සුවිෙශ්ෂ දිනයක් කියලා කියන මේ දවසෙ දී ගමේ අය එකතු වෙලා පිරිමි කෙනෙක් කුළියට ගන්නවා එයා කඳවුරට ඇවිත් මේ පුංචි ගෑණු ළමයි එක්ක යහන්ගත වෙනවා මේ දැරියෝ කොතරම් කම්පනයට පත්වෙනවද කියලා හිතලා බලන්න දවසින් දවස ගොඩක් ගෑණු ළමයි ගර්භණී වෙනවා ඒගොල්ලන්ට HIV, ඒඩ්ස් වෙනත් ලිංගිකව බෝවන රෝග පවා හැදෙනවා. මගේ පුංචි නංගි ගර්භණී වුනා. තාම එයාට වයස අවුරුදු දාසයයි. එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එයාගෙ පළවෙනි කසාදෙ පැවතු නේ නෑ දෙවැනි එකත් එහෙමයි එතකොට අනෙක් ගෑණු ළමයා දිහා බැලුවම, එයා නම් පුදුමාකාරයි. (සිනා) (අත්පොළසන්) මම එයාට පුදුමාකාරයි කියන්නේ එයා ඇත්තෙන් ම එහෙම නිසා එයා හරි අපූරුයි ඒ ගෑණු ළමයා තමයි මම (සිනා) මට වයස අවුරුදු 13ක් වෙනකොට මට කිිව්වා දැන් ඔයා ලොකුයි නියම වයසට පැමිණිලා ඉන්නේ ඔයා දැන් ආරම්භක කඳවුරට යන්න ඕනෑ කියලා ඒක මොන විකාරයක් ද කියලා මට හිතුණා. මම යන්නෙ නෑ අරම්භක කඳවුරට ඔබ දන්නවද වැඩිහිටි ගැහැණූ අය මට මොනවද කිව්වෙ කියලා උඹ මහ මෝඩ කෙල්ලක්, හරි හිතුවක්කාරයි උඹ අපේ සිරිත්විරිත්වලට සංස්කෘතියට ගරු කරන්නේ නෑ මම යන්න බැහැ කිව්වේ, මම යන්නෙ මොන වගේ තැනකටද කියලා දැනගෙන හිටපු නිසා ජීවිතේ මගේ අපේක්ෂා මොනවද කියලා මම දැනගෙන හිටියා පුංචි දැරියක් විදියට මට හීන ගොඩක් තිබුණා. මට ඕනෑ උ ෙණ් හොඳට ඉගෙනගන්න අනාගතේ හොඳ රස්සාවක් හොයාගන්න. මම නීතිඥවරියක් වෙනවා කියලා මම හිතුවා අර ගාම්භීර පුටුවෙ වාඩිවෙලා ඒ වගේ අපේක්ෂාවන් තමයි හැමදාම මගෙ හිතේ තිබු ෙණ් මම දැනගෙන හිටියා කවදාහරි දවසක මම මගේ සමාජයට මොනවහරි දෙයක් පුංචි දෙයක් හරි කරනවා කියලා දවස ගානෙ ම කඳවුරට යන්න බෑ කිව්වම, වැඩිහිටි කාන්තාවෝ මට කිව්වෙ, බලපන් උඹ දිහා, දැන් උඹ ලොකුයි උ ෙඹ් නංගිට දරුවෙකුත් ඉන්නවා උඹට මොකද වෙන්නෙ? ඒ අඬවැඩියාව තමයි මට හැමදාම ඇහුනේ ඒ අඬවැඩියාව තමයි ගෑණු ළමයින්ට හැමදාම ඇහෙන්නේ සමාජයෙන් කරන්න කියන දේවල් නොකළා ම මගේ කතාවයි නංගිගෙ කතාවයි සසඳා බලන කොට මම හිතුවා ඇයි මට මොනවා හරි කරන්න බැරි කියලා කාලයක් තිස්සෙ පැවතුණු දෙයක් වෙනස් කරන්න මට බැරි ඇයි කියලා මගේ සමාජයේ ඊට පස්සෙ තමයි මම අනෙක් ගැහැණු ළමයින්ට කතා ක ෙළ් මගේ නංගි වගේ ම දරුවෝ ඉන්න අනෙක් අයට එයාලා පාසැල් ගිහින් තියෙනවා ඒත් ලියන කියවන විදිය අමතක වෙලා. මම කිව්වා එන්න අපි එකිනෙකා ආෙයෙත් මතක් කර ගමු කියලා ලියන්නෙ කියවන්නෙ කොහොමද කියලා පෑන අල්ලන්නෙ කොහොමද, කියවන්නෙ කොහොමද?පොත අල්ලන්නෙ කොහොමද... ඒ අයත් එක්ක මම අපූරු කාලයක් ගෙව්වා. මම ඒගොල්ලො ගැන ටිකක් ඉගෙන ගත්තා විතරක් නෙමෙයි. ඒ අයගෙ පුද්ගලික කතාත් එයාලා මට කිව්වා එයාලා දිනපතා මුහුණ පාන දේවල් ගැන ලාබාල මව්වරුන් විදියට එතකොට තමයි මට හිතුනේ ඇයි අපිට බැරි මේ සිද්ධ වෙන දේවල් ඔක්කොම අපේ අම්මලාට අපේ සාම්ප්රදායික නායකයන්ට කියන්න කියලා මේවා වැරදි දේවල් බව ඒක හරිම අවදානම් සහගත දෙයක් මොකද මේ සාම්ප්රදායික නායකයෝ සිරිත් විරිත්වලට හැඩ ගැහිලා ඉන්නේ කාලයක් තිස්සේ සමාජයේ පැවති සිරිත්වලට වෙනසක් කරන එක හරිම අමාරුයි ඒත් උත්සාහ කරලා බලන එක හොඳයි. ඉතිං අපි උත්සාහ කළා ඒක හරිම දුෂ්කරයි. ඒත් අපි පුළුවන් තරම් වෑයම් කළා මම අද කියන්න කැමතියි, මගේ සමාජය තමයි දැරියන්ගේ උත්සාහය නිසා වෙනස් වුණු පළමු ප්රජාව දැරියන් සාම්ප්රදායික නායකයන්ට කළ බලපෑම් නිසා නායකයින් අපි වෙනුවෙන් නැගී සිටියා ඒඅය කිව්වා කිසිම දැරියක් කසාද බඳින්න ඕනෑ නෑ අවුරුදු 18ට කළින් කියලා (අත්පොළසන්) මගේ ප්රජාව තුළ තමයි පළවෙනි වතාවට, ප්රජාවක් තුළ අතුරුනීති පැනවීමක් අවශ්ය වු ෙණ් දැරියන් ආරක්ෂා කරන පළමු අතුරුනීති අපගේ ප්රජාව තුළ තමයි. අපි එතැනින් නැවතුනේ නෑ. අපි තවත් ඉස්සරහට ගියා. මේ ප්රජාවට සීමා නොවී, අනෙක් දැරියන් වෙනුවෙනුත් සටන් කරන්න අපි අදිටන් කරගත්තා. පෙබරවාරියේදී ළමා විවාහ පිළිබඳ කෙටුම්පත ඉදිරිපත් කරන්න අපි පාර්ලිමේන්තුවට ගියා. මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවට ඇතුළු වෙනකොට අපි හැමදාම ඒ අයගෙන් ඇහුවා කරුණාකරලා මේ කෙටුම්පතට සහයෝගය දෙනවද කියලා අපිට මෙතැන තියෙනවා වගේ දියුණු තාක්ෂණයක් තිබුණෙ නෑ. අපිට තිබුණෙ අපේ පුංචි දුරකථන විතරයි. ඉතිං අපි කතාවුණා.. ඇයි අපි ඒ අයගෙ නොම්බර හොයාගෙන කෙටි පණිවුඩ යවන්නෙ නැත්තෙ කියලා. ඉතිං අපි ඒක කළා. ඒක හරිම ඵලදායී දෙයක්. (අත්පොළසන්) ඉතිං කෙටුම්පත සම්මත වුනාම, අපි ඒ අයට පණිවුඩ යවලා කිව්වා කෙටුම්පතට සහයෝගය දැක්වූවාට බොහෝම ස්තූතියි කියලා (සිනා) පසුව ජනාධිපතිතුමා විසින් කෙටුම්පතට අත්සන් කළා එය නීතියක් බවට පත් කරමින්. ඒක ලොකු දෙයක් දැන් මලාවිවල නීත්යානුකූලව විවාහ වීමේ වයස අවුරුදු 18යි.15-18 දක්වා (අත්පොළසන්) කෙටුම්පත සම්මත වුනා කියලා දැනගැනීම ලොකු දෙයක් ඒත් මම මේකත් කියන්න ඕනෑ විවාහවීමේ නීත්යානුකූල වයස අවුරුදු 18 වන රටවල් තියෙනවා. ඒත් අපිට හැමදාම කාන්තාවන්ගේ දැරියන්ගේ වැළපීම් අහන්න තියෙනවා නේද? දිනපතා ම දැරියන්ගේ ජීවිත නාස්ති වෙලා යනවා නායකයන් සිය කැපවීම් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්යම කාලය මෙයයි. මෙම කැපවීම් වෙනුවෙන් පෙනී සිටිම මගින් දැරියන් මුහුණුපාන ගැටලු ගැන අවධානයෙන් සිටින බව අදහස් වෙනවා. අනෙක් කාරණය අපිට තවදුරටත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන්නේ නෑ ඒත් ඔවුන් දැනගන්න ඕනෑ කාන්තාවන් මේ සභාවේ ඉන්න අපි වගේ අය අපි නිකම්ම නිකං කාන්තාවන් නෙමෙයි නිකංම නිකං දැරියන් නෙමෙයි. අපි ඉතා ම සුවි ෙශ්ෂයි. අපිට මීට වැඩි දෙයක් වුනත් කරන්න පුළුවන් මලාවි වෙනුවෙන් තවත් දේ කරන්න පුළුවන්. මලාවි වෙනුවෙන් විතරක් නෙමෙයි අනෙක් රටවල් වෙනුවෙනුත් දැනට පවතින නීති සම්බන්ධයෙන් නීතියක් ක්රියාත්මක නොවන තුරු එය නීතියක් නොවන බව ඔබ දන්නවා මෑතක දී සම්මත වූ නීතිය ඒ වගේ ම අනෙක් රටවල පැවතුණු නීති ඒවා ප්රාදේශීය වශයෙන් ප්රජා මට්ටමින් ප්රසිද්ධ වීම අවශ්යයයි. මේ මට්ටම්වල දී තමයි දැරියන් මුහුණපාන ගැටලු වඩාත් දරුණු ප්රජා මට්ටමින් දිනපතාම දැරියන් ගැටලුවලට මුහුණපානවා ඉතා අසීරු ගැටලු ඉතිං මේ කුඩා දැරියන් දන්නවා නම් ඔවුන්ව ආරක්ෂා කරන්න නීති ඇති බව ඔවුන්ට නැගී සිටින්න පුළුවන් මොකද ඔවුන් දන්නවා ඔවුන්ව ආරක්ෂා කරන්න නීති පවතින බව මම කියන්න ඕනෑ තවත් දෙයක් තමයි දැරියන්ගේ හා කාන්තාවන්ගේ හඬ හරිම ලස්සනයි, ඔවුන් සිටිනවා එ්ත් අපිට මේක තනිවම කරන්න බැහැ පිරිමි අයත් මේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි. එකට එක්වී කටයුතු කළ යුතුයි. මේක සාමූහික ප්රයත්නයක් අපට අවශ්ය, ලොව පුරා සියලු දැරියන්ට අවශ්ය දේවල්මයි. හොඳ අධ්යාපනයක්, ඒ සියල්ලට වැඩියෙන් අවුරුදු11දී කසාද නොබඳින්න තවදුරටත් කියන්න ඕනෑ එකට එක්වෙලා අපිට පුළුවන් නෛතික, සංස්කෘතික හා දේශපාලනික රාමු වෙනස් කරන්න. දැරියන්ගේ අයිතිවාසිකම්වලට තහංචි පනවන, අද මම මෙතැන සිට ප්රකාශකරනවා අපිට එක් පරම්පරාවකින් ළමා විවාහ අවසන් කරන්න පුළුවන් මේ අවස්ථාවේ දී ඕනෑම දැරියකට, ලොව පුරා මිලියන ගාණක්වන ඕනෑම දැරියකට කියන්න පුළුවන් වේවි මට ඕනෑ දවසකයි මම බඳින්නේ කියලා (අත්පොළසන්) ස්තුතියි (අත්පොළසන්)