Return to Video

ඔබට දැකිය හැකි හොඳම පෙර පාසල

  • 0:06 - 0:10
    ෙම් අපි 2007 දී නිර්මාණය කරපු ෙපර පාසලක්.
  • 0:10 - 0:14
    අපි මේක හැදුවේ කවයක ආකාරයට.
  • 0:14 - 0:17
    ඒක නිසා වහල උඩ නිරන්තර වාතාශ්‍රයක්
    ලැබෙනවා.
  • 0:17 - 0:20
    ඔබ අම්මා තාත්තා කෙනෙක් නම්,
  • 0:20 - 0:24
    ඔබ දන්නවා ළමයි අාසයි වෘත්ත හදන්න.
  • 0:25 - 0:28
    මේක තමයි වහල.
  • 0:28 - 0:30
    ඇයි අපි ෙම්ක නිර්මාණය කරේ?
  • 0:30 - 0:33
    මේ පෙර පාසලේ විදුහල්පති කිව්වා,
  • 0:33 - 0:35
    "නෑ, මට අත්වැලක් එපා."
  • 0:35 - 0:37
    මම කිව්වා, "ඒක කරන්න බැහැ." කියලා.
  • 0:37 - 0:44
    ඒත් ඔහු බල කළා: "වහල අග පිටතට නෙරා එන
    දැලක් දැම්මොත් කොහොමද?
  • 0:44 - 0:46
    වැටෙන ළමයි ඒකෙන් අල්ලගන්න?"
  • 0:46 - 0:47
    (සිනහව)
  • 0:47 - 0:50
    මම කිව්වා, "ඒක කරන්න බැහැ" කියලා.
  • 0:50 - 0:53
    ආණ්ඩුවේ නිලධාරියත් කිව්වා,
  • 0:53 - 0:56
    "අත්වැලක් තියෙන්නම ඕනෑ." කියලා.
  • 0:58 - 1:02
    ඒත් අපිට ගස් වටා නිර්මාණය තියන්න
    දුන්නා.
  • 1:02 - 1:05
    උඩින් මතුවන ගස් තුනක් තිබෙනවා.
  • 1:05 - 1:11
    ඒ වගේම අපිට මේ ලණුව අත්වැලක් ලෙස
    පාවිච්චි කරන්න ඉඩ දුන්නා.
  • 1:11 - 1:14
    ඒත්, ඒගොල්ලෝ ලණුව පාවිච්චි කරන්නේ නැහැ.
  • 1:14 - 1:17
    ඒගොල්ලෝ වැටෙන්නේ දැල අැතුළට.
  • 1:17 - 1:20
    එනවා තව,
  • 1:20 - 1:23
    තව,
  • 1:23 - 1:25
    තවත් ළමයි.
  • 1:25 - 1:26
    (සිනහව)
  • 1:26 - 1:29
    සමහර වෙලාවට ළමුන් 40ක් ගහ වටේට.
  • 1:32 - 1:33
    අත්තේ ඉන්න පිරිමි ළමයා,
  • 1:33 - 1:35
    එයා ගසට ආසා නිසා ගස කනවා.
  • 1:35 - 1:38
    (සිනහව)
  • 1:39 - 1:41
    යම් වැදගත් අවස්ථාවකදී,
  • 1:41 - 1:43
    ඒ අය කෙළවරේ වාඩි වෙනවා.
  • 1:44 - 1:47
    පල්ලෙහා ඉඳන් බැලුවම ලස්සනට පේනවා.
  • 1:47 - 1:49
    සත්තු වත්තේ වඳුරෝ.
  • 1:49 - 1:53
    (සිනහව)
  • 1:53 - 1:54
    කන්න දෙන වෙලාව.
  • 1:54 - 1:59
    (සිනහව)
    (අත්පොළසන්)
  • 2:01 - 2:03
    අපි වහල පුළුවන් තරම් මිටි කරා,
  • 2:03 - 2:08
    මොකද අපිට අවශ්‍ය වුණා ළමුන් වහල
    උඩ ඉන්නවා දකින්න,
  • 2:08 - 2:10
    වහල යට විතරක් නෙවෙයි.
  • 2:10 - 2:14
    වහල උස වැඩි නම්, සිවිලිම විතරයි පේන්නේ.
  • 2:16 - 2:20
    කකුල් හෝදන ස්ථානයේ--
    එතැන විවිධාකාර වතුර කරාම තිබෙනවා.
  • 2:21 - 2:22
    නම්‍යශීලී පයිප්ප වලින්,
  • 2:22 - 2:25
    යාළුවන්ට වතුර ගහන්න පුළුවන්,
  • 2:25 - 2:27
    ඒත් වතුර මලයි
  • 2:27 - 2:30
    ඊට ඉස්සරහ තබෙන එකයි සාමාන්‍ය ඒවා.
  • 2:30 - 2:31
    ඒත් මේක බැලුවොත්,
  • 2:31 - 2:33
    මේ ළමයා එයාගේ බූට්ස් දෙක හෝදනවා
    නෙවෙයි,
  • 2:33 - 2:35
    එයා බූට්ස් දෙක ඇතුළට වතුර දමනවා.
  • 2:35 - 2:37
    (සිනහව)
  • 2:41 - 2:46
    මේ පෙර පාසල වසරේ වැඩි දවසක් සම්පූර්ණයෙන්ම
    ඇරලා.
  • 2:48 - 2:51
    අැතුළයි එළියයි කියලා මායිමක් නැහැ.
  • 2:51 - 2:56
    ඒ කියන්නේ මේක වාස්තු විද්‍යාව අතින් වහලක්.
  • 2:56 - 2:59
    ඒ වගේම පංති අතරත් මායිමක් නැහැ.
  • 2:59 - 3:03
    ඒක නිසා ශබ්ද වලට බාධවක් නැහැ.
  • 3:04 - 3:09
    ළමයි ගොඩ දෙනෙක් නිහඬ පෙට්ටියකට දැම්මම,
  • 3:09 - 3:13
    සමහර අය බය වෙනවා.
  • 3:13 - 3:15
    ඒත් මේ පෙර පාසලේ
  • 3:15 - 3:18
    එහෙම බය වෙන්න හේතුවක් නැහැ.
  • 3:18 - 3:21
    ඒ මොකද මෙතන මායිමක් නැහැ.
  • 3:21 - 3:23
    විදුහල්පති කියනවා,
  • 3:23 - 3:27
    කොණේ ඉන්න පිරිමි ළමයා කාමරේ ඉන්න
    අකැමැති වුණොත්,
  • 3:27 - 3:29
    අපි එයාට යන්න දෙනවා කියලා.
  • 3:29 - 3:32
    එයා කොහොම හරි ආපහු ඒවි, මොකද මේක කවයක්,
    රවුමේ ආපහු එවෙනවා.
  • 3:32 - 3:34
    (සිනහව)
  • 3:37 - 3:40
    ඒ වගේ වෙලාවලදී,
  • 3:40 - 3:42
    සාමන්‍යයෙන් ළමයි කොහෙ හරි හැංගෙන්න
    බලනවා.
  • 3:42 - 3:47
    ඒත්, මෙතන ඒගොල්ලෝ එළියට ගිහින් ආපහු එනවා.
  • 3:47 - 3:49
    ඒක ස්වාභාවික ක්‍රියාවලියක්.
  • 3:49 - 3:54
    දෙවනුව, අපි ශබ්දය වැදගත් කියලා සලකනවා.
  • 3:56 - 4:02
    ඕගොල්ලෝ දන්නවා ළමයි හොඳට නිදා ගන්නේ
    ශබ්දය තිබෙන තැනක.
  • 4:02 - 4:06
    නිශ්ශබ්ද තැනක නිදා ගන්නේ නැහැ.
  • 4:06 - 4:08
    ඉතින් මේ පෙර පාසලේදී,
  • 4:08 - 4:13
    මේ ළමයි පුදුමාකාර සිත එක්තැන් වීමක්
    පෙන්වනවා.
  • 4:15 - 4:22
    දන්නවාද, අපේ වර්ගයා වර්ධනය වුණේ
    ශබ්ද සහිත කැළේ.
  • 4:22 - 4:24
    ඒගොල්ලන්ට ශබ්දය අවශ්‍යයයි.
  • 4:24 - 4:28
    ඔබ දන්නවානේ කැකෝගසන බීමහලක ඉඳගෙන
    ඔබට යාළුවෝ එක්ක කථා කරන්න පුළුවන් කියලා.
  • 4:28 - 4:32
    ඔබ හැදිලා තිබෙන්නේ නිශ්ශබ්දතාව තුළ
    ඉන්න නෙවෙයි.
  • 4:32 - 4:34
    දන්නවාද, මේ දවස්වල
  • 4:34 - 4:39
    අපි හැමදෙයක්ම පාලනය කරන්න
    හදනවා.
  • 4:40 - 4:42
    ඒත් හැමදෙයක්ම විවෘතයි.
  • 4:42 - 4:45
    ඔබ දැනගත යුතුයි,
  • 4:45 - 4:51
    අපිට පුළුවන් ශීත කාලෙදි අංශක -20 දී
    හිම සපත්තු එක්ක හිමේ යන්න.
  • 4:51 - 4:54
    ගිම්හාන කාලෙදී පීනන්න යනවා.
  • 4:54 - 4:56
    වැලිවල උෂ්ණත්වය අංශක 50ක්.
  • 4:57 - 5:00
    ඔබ දැනගන්න ඕනෑ ඔබ ජලයට ඔරොත්තු දෙන බව.
  • 5:00 - 5:03
    ඔබව වැස්සට දියවෙන්නේ නැහැ.
  • 5:03 - 5:07
    ඉතින් ළමුන් ඉන්නත් ඕනෑ එළිමහනේ.
  • 5:07 - 5:10
    අපි ඒ විදියටයි ඒගොල්ලන්ට සලකන්න ඕනේ.
  • 5:10 - 5:13
    මෙහෙම තමයි එහෙදී පංති බෙදන්නේ.
  • 5:13 - 5:15
    ඔවුන් ගුරුවරුන්ට උදව් කරන්න ඕනෑ.
  • 5:15 - 5:18
    ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ.
  • 5:18 - 5:19
    (සිනහව)
  • 5:23 - 5:25
    මම එයාව ඇතුළට දැම්මේ නැහැ.
  • 5:28 - 5:30
    පංතිකාමරයක්.
  • 5:30 - 5:32
    වතුර බේසමක්.
  • 5:33 - 5:36
    ඒගොල්ලෝ ළිඳ වටේට ඉඳගෙන කථා කරනවා.
  • 5:37 - 5:41
    ඒ වගේම හැමතිස්සේම පංතිකාමරය ඇතුළේ
    ගස් කීපයක් තිබෙනවා.
  • 5:44 - 5:47
    වඳුරෙක් තව වඳුරෙක්ව උඩ ඉඳන් බා ගන්න හදනවා.
  • 5:47 - 5:49
    (සිනහව)
  • 5:49 - 5:51
    වඳුරෝ.
  • 5:51 - 5:52
    (සිනහව)
  • 5:52 - 5:57
    සෑම පංතියකම වහලේ එක කවුළුවක් හරි
    තිබෙනවා.
  • 5:57 - 6:01
    මෙතැනින් තමයි නත්තල් කාලෙට නත්තල් සීයා
    පහළට එන්නේ.
  • 6:07 - 6:10
    මේක ඈඳපු ගොඩනැගිල්ලක්,
  • 6:10 - 6:14
    ඕවලාකාර ඒ පෙර පාසලට අල්ලලා තිබෙන.
  • 6:14 - 6:20
    ඒ ගොඩනැගිල්ලේ උස මීටර් පහක් පමණයි,
    තට්ටු හතක් තිබෙනවා.
  • 6:20 - 6:22
    අැත්තටම, සිවිලම හරි මිටියි.
  • 6:22 - 6:26
    ඒක නිසා ආරක්ෂාව ගැන හිතන්න වෙනවා.
  • 6:26 - 6:30
    අපි අපේ දරුවෝ දෙන්නාව දැම්මා, දුවෙකුයි
    පුතෙකුයි.
  • 6:32 - 6:34
    ඒ දෙන්නා ඇතුළට යන්න හැදුවා.
  • 6:36 - 6:38
    පුතාගේ ඔළුව වැදුණා.
  • 6:39 - 6:43
    එයාට ප්‍රශ්නයක් නැහැ. එයාගේ හිස්කබල
    ශක්තිමත්.
  • 6:43 - 6:46
    ඉක්මණට හොඳ වෙනවා. මගේ පුතානේ.
  • 6:46 - 6:48
    (සිනහව)
  • 6:49 - 6:52
    එයා බලනවා පනින එක ආරක්ෂා සහිතද කියලා.
  • 6:53 - 6:56
    ඊට පස්සේ අපි අනිත් ළමයිවත් දැම්මා.
  • 7:01 - 7:03
    ටෝකියෝවල වාහන තදබදය භයානකයි,
    ඕගොල්ලෝ දන්නවානේ.
  • 7:03 - 7:05
    (සිනහව)
  • 7:05 - 7:09
    ඉස්සරහා ඉන්න රියදුරා, ඈ එළවන්න ඉගෙන
    ගන්න ඕනෑ
  • 7:09 - 7:12
    මේ දවස්වල,
  • 7:12 - 7:17
    දරැවන්ට කුඩා මාත්‍රාවකින් අනතුරැදායිබව
    අවශ්‍යයයි.
  • 7:19 - 7:21
    මේ වගේ වෙලාවක,
  • 7:21 - 7:25
    ඒගොල්ලෝ එකිනෙකාට උදව් කරන්න
    ඉගෙන ගන්නවා.
  • 7:25 - 7:30
    මේක තමයි සමාජය. මේ වගේ අවස්ථා තමයි අද
    අපිට නැති වෙන්නේ.
  • 7:36 - 7:43
    මේ චිත්‍රයන් පිරිමි ළමයෙක්ගේ යන එන තැන්
    පෙන්වනවා
  • 7:43 - 7:49
    9:10 ත් 9:30ත් අතර.
  • 7:49 - 7:56
    මේ ගොඩනැගිල්ලේ පරිධිය මීටර් 183ක්.
  • 7:56 - 7:59
    ඒ කියන්නේ එච්චර පොඩි නැහැ.
  • 7:59 - 8:04
    ඉතින් මේ දරැවා උදේ වරුවේ මීටර් 6000ක්
    ඇවිද්දා.
  • 8:04 - 8:08
    ඒත් දැනුයි පුදුමාකාර දේට එන්නේ.
  • 8:08 - 8:14
    මේ පෙර පාසලේ ළමයි සාමාන්‍යයෙන්
    මීටර් 4000 ක් ඇවිදිනවා.
  • 8:15 - 8:22
    මේ ළමයිට වැඩිම මලල ක්‍රීඩා හැකියාවන්
    තිබෙනවා
  • 8:22 - 8:26
    බොහෝ පෙර පාසල්වලට සාපේක්ෂව.
  • 8:31 - 8:33
    විදුහල්පති කිව්වා,
  • 8:33 - 8:39
    "මම ඒගොල්ලන්ව පුහුණ කරන්නේ නැහැ.
    අපි ඒගොල්ලන්ව වහල උඩ තියනවා.
  • 8:39 - 8:41
    බැටළුවෝ වගේ."
  • 8:41 - 8:42
    (සිනහව)
  • 8:42 - 8:44
    ඒගොල්ලෝ නොකඩවා දුවනවා.
  • 8:44 - 8:46
    (සිනහව)
  • 8:47 - 8:52
    මම කියන්නේ ඒගොල්ලන්ව පාලනය කරන්න එපා,
  • 8:52 - 8:55
    වැඩිය ආරක්ෂා කරන්න යන්න එපා,
  • 8:55 - 8:59
    සමහර වෙලාවට ඒගොල්ලෝ වැෙටන්න ඕනෑ.
  • 8:59 - 9:02
    තුවාල ෙවන්න ඕනෑ.
  • 9:02 - 9:06
    ඒකෙන් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා
  • 9:06 - 9:09
    මේ ලෝකයේ ජීවත් වෙන්න.
  • 9:12 - 9:19
    මම හිතන්නේ වාස්තු විද්‍යාවට පුළුවන්
    මේ ලෝකය ෙවනස් කරන්න,
  • 9:19 - 9:21
    ඒවගේම මිනිස් ජීවිතත්.
  • 9:22 - 9:28
    මේ ළමයින්ගේ ජීවිත වෙනස් කරන්න එක්
    උත්සාහයක්.
  • 9:28 - 9:30
    බොහොම ස්තූතියි.
  • 9:30 - 9:32
    (අත්පොළසන්)
Title:
ඔබට දැකිය හැකි හොඳම පෙර පාසල
Speaker:
ටකහරු ටෙසුකා
Description:

ටෝකියෝහි පිහිටි මේ පාසලේ, අවුරුදු පහේ ළමයි වාහන තදබද ඇතිකරති. එසේම, කවුළු තිබෙනුයේ නත්තල් සීයාට ඇතුළු වීම පිණිසය. ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ටකහරැ ෙටසුකා නිර්මාණය කළ ලොව හුරුබුහුටිම පෙරපාසල හඳුනාගන්න. ළමුන්ට ළමුන් විලසින්ම හිඳීමට ඉඩ සලසන නිර්මාණ ක්‍රියාවලියක් ගැන ඔහු මේ සිත් ඇද ගන්නා කථාවෙන් කියා දෙයි.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
09:47

Sinhala subtitles

Revisions