Return to Video

තමන්ගේ විවේක කාලයේ පාලනය අතට ගන්නේ කොහොමද?

  • 0:01 - 0:04
    මිනිස්සු දැනගත්තහම මම කාලය
    කළමනාකරණය ගැන ලියනවා කියලා,
  • 0:05 - 0:06
    ඒ අය දේවල් දෙකක් හිතාගන්නවා.
  • 0:08 - 0:11
    එකක් තමයි, මම හැමවිටම
    වෙලාවට වැඩ කරනවා කියන එක.
  • 0:12 - 0:13
    මම ඇත්තටම එහෙම නෑ.
  • 0:14 - 0:15
    මට පුංචි ළමයි 4ක් ඉන්නවා.
  • 0:15 - 0:18
    මට අහම්බෙන් සිදුවන නොසැලකිලිමත්කම් ගැන
    ඒගොල්ලන්ට වැරැද්ද පටවන්න මම කැමතියි.
  • 0:18 - 0:20
    ඒත් සමහර වෙලාවට ඒක ඇත්තටම
    ඒගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි.
  • 0:20 - 0:23
    මම එක වතාවක් පරක්කු වුනා කාලය
    කළමනාකරණය ගැන මගේම දේශනයකට.
  • 0:23 - 0:24
    (සිනහව)
  • 0:24 - 0:28
    අපි හැමෝටම එකතුවෙලා, ඒ හාස්‍යයට
    කරුණ විඳින්න සිද්ධවුණා.
  • 0:29 - 0:32
    ඔවුන් හිතන දෙවෙනි දේ තමයි, මට ගොඩක්
    ඉඟි සහ උපක්‍රම තියෙනවා කියලා,
  • 0:32 - 0:34
    එක එක පුංචි තැන්වලින්
    කාලය ඉතුරු කරගන්න.
  • 0:34 - 0:38
    සමහර වෙලාවට මම සඟරාවල දකිනවා,
    මේ කරුණු ගැන කතාකරනවා,
  • 0:38 - 0:41
    තමන්ගේ පාඨකයන්ට සාමාන්‍යයෙන් දවසේ
    අමතර පැයක් හොයාගන්නේ කොහොමද කියලා.
  • 0:41 - 0:45
    ඒකෙ අදහස තමයි අපි අපේ දෛනික ක්‍රියාවලින්
    පුංචි පුංචි කාලයන් ඉතුරු කරගෙන
  • 0:45 - 0:46
    ඒවා එකතු කරහම,
  • 0:46 - 0:47
    අපිට වෙනත් හොඳ දේවල්
    කරන්න කාලය තියෙනවා.
  • 0:47 - 0:51
    මම මෙහි සම්පුර්ණ තර්කය ගැන ප්‍රශ්න කරනවා,
    ඒත් මම හැම වෙලාවේම උනන්දු වෙනවා,
  • 0:52 - 0:54
    ඔවුන් හොයාගත්ත දේවල් අහන්න,
    ඒගොල්ලෝ මට කතාකරන්න කලින්.
  • 0:54 - 0:55
    මගේ ප්‍රියතම දේවල් සමහරක්:
  • 0:55 - 0:58
    දකුණු පසට හැරීම් පමණක්
    කරමින් පණිවිඩ ගෙනයාම,
  • 0:58 - 0:59
    (සිනහව)
  • 1:00 - 1:02
    මයික්‍රෝවේව් භාවිතයේදී ඉතා බුද්ධිමත් වීම:
  • 1:02 - 1:04
    ඒකෙ කියන්නේ, පැකේජයට
    මිනිත්තු 3 සිට 3 1/2ක්,
  • 1:04 - 1:06
    මිනිත්තු 1/2ක් ඉතුරු කරගැනීමෙන්
    ඉදිරියේදී ලොකු වාසියක් ලැබෙයි කියලා.
  • 1:06 - 1:09
    ඒවගේම මම පුද්ගලිකවම ආසා කරන,
    තේරුමක් තියෙන දෙයක් තමයි,
  • 1:09 - 1:13
    ඔබ ආසා කරන රුපවාහිනී වැඩසටහන් පටිගතකර
    තියාගෙන, වෙළඳ දැන්වීම් මගහැර නැරඹීම.
  • 1:13 - 1:15
    එකෙන් හැම පැය 1/2කටම මිනිත්තු
    8ක් ඉතිරි කරගන්න පුළුවන්.
  • 1:15 - 1:17
    ඉතින් රුපවාහිනිය නරඹන
    පැය 2ක කාලයක් ඇතුලත,
  • 1:17 - 1:19
    ව්‍යායාම කරන්න මිනිත්තු
    32ක් ඔබට ලැබෙනවා.
  • 1:19 - 1:20
    (සිනහව)
  • 1:21 - 1:22
    ඒක ඇත්ත.
  • 1:23 - 1:25
    ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් හොයාගන්න
    වෙන විදිහක් දන්නවද ඔබ?
  • 1:26 - 1:28
    දවසට පැය 2ක් රුපවාහිනිය නරඹන්න එපා, නේද?
  • 1:28 - 1:29
    (සිනහව)
  • 1:29 - 1:32
    කොහොමහරි, අදහස තමයි, අපි කාලය කුඩා
    ප්‍රමාණවලින් ඉතිරි කරගෙන, ඒවා එකතුකර,
  • 1:33 - 1:35
    අපිට අවසානයේ අපට උවමනා
    දෙයට ළඟාවෙන්න පුළුවන්.
  • 1:35 - 1:38
    ඒත් සාර්ථක වුණු මිනිසුන් තම කාලය වැය
    කරන්නේ කොහොමද කියලා අධ්‍යනය කල පසු,
  • 1:38 - 1:40
    පැයෙන් පැය ඔවුන්ගේ
    කාලසටහන බැලීමෙන්,
  • 1:40 - 1:44
    මට හිතෙන්නේ, මේ අදහසේ
    පසුගාමිත්වයක් තියෙනවා කියලා.
  • 1:44 - 1:48
    කාලය ඉතුරු කළා කියලා, අපි
    කැමති ජීවිත ගොඩනඟා ගන්න බැහැ.
  • 1:49 - 1:50
    අපි කැමති ජීවිත අපි ගොඩනගාගන්නවා,
  • 1:51 - 1:54
    එවිට කාලය තමන්ව ඉතිරි කරගනීවි.
  • 1:55 - 1:56
    මේකයි මම අදහස් කලේ.
  • 1:56 - 1:58
    මම ලඟදි වේලා සටහන්
    දිනපොත් ව්‍යාපෘතියක් කළා,
  • 1:58 - 2:02
    ඉතා කාර්යබහුල කාන්තාවන්ගේ
    ජීවිතයේ දින 1,001ක් බලමින්.
  • 2:02 - 2:05
    ඔවුන්ට තිබුනේ හොඳ ඉල්ලුමක් තිබුණු
    රැකියා, සමහර වෙලාවට ඔවුන්ගේම ව්‍යාපාර,
  • 2:05 - 2:07
    රැකබලාගන්න ළමයි වගේම දෙමාපියන්.
  • 2:07 - 2:08
    සමාජයීය වගකීම් --
  • 2:08 - 2:10
    හරිම කාර්යබහුල මිනිස්සු.
  • 2:11 - 2:13
    මම ඔවුන්ට කිවුවා සතියක්
    වෙලාව සටහන් කරන්න කියලා.
  • 2:13 - 2:15
    එවිට මට පුළුවන් ඔවුන් වැඩ කරන
    සහ නිදාගන්න වේලාවන් එකතුකරන්න.
  • 2:15 - 2:18
    මම ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකට යොමුකලා
    ඔවුන්ගේ උපායන් දැනගන්න මගේ පොත වෙනුවෙන්.
  • 2:18 - 2:20
    මම වේලා සටහන් පරීක්ෂා කළ එක කාන්තාවක්
  • 2:20 - 2:22
    කුමක්හරි දෙයක් වෙනුවෙන්
    බදාදා රෑ එලියට යනවා.
  • 2:22 - 2:25
    ඇය ගෙදර ආවිට දැනගන්නවා
    ඇගේ වතුර හීටරය කැඩිලා කියලා.
  • 2:25 - 2:28
    දැන් ඇගේ බිම් මහල පුරාම වතුර.
  • 2:28 - 2:31
    මේ වගේ දෙයක් ඔබට සිදුවුනානම්,
  • 2:31 - 2:34
    ඔබ දන්නවා එය ඉතා විනාශකාරී, භයානක,
    හිත කඩා වැටෙන අවුල් ජාලයක් කියලා.
  • 2:34 - 2:36
    ඉතින් ඇය එදා රෑ, ඒ ප්‍රශ්නයට
    මුහුණ දෙමින් සිටියා.
  • 2:36 - 2:38
    ඊළඟ දවසේ ඇය ජලනල
    කාර්මිකයන් ගෙන්වූවා.
  • 2:38 - 2:41
    ඊළඟ දවසේ, වෘතීය මට්ටමේ පිරිසිදුකරන්නන්
    විනාශවුණු කාපට් එක පිළිසකර කළා.
  • 2:41 - 2:43
    මේ හැමදෙයක්ම ඇගේ
    වේලා සටහනේ තිබුනා.
  • 2:43 - 2:46
    ඇයගේ සතියෙන් පැය 7ක් ඒ
    වෙනුවෙන් වැය වෙලා තිබුනා.
  • 2:47 - 2:48
    පැය 7ක්.
  • 2:49 - 2:52
    ඒක හරියට දවසට එක පැයක්
    වැඩිපුර හොයාගන්නවා වගේ.
  • 2:53 - 2:56
    ඒත් මට විශ්වාසයි ඔබ ඇයගෙන්
    සති මුලදී ඇහුවානම්,
  • 2:56 - 2:59
    "මලල ක්‍රීඩා තරඟාවලියක් සඳහා පුහුණුවෙන්න
    ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?"
  • 3:00 - 3:04
    "වටිනා පුද්ගලයින් 7 දෙනෙක්ට උපදේශන දෙන්න
    ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?"
  • 3:04 - 3:06
    මට විශ්වාසයි ඇය කියයි අපි
    හැමෝම වගේ කියන දේ.
  • 3:06 - 3:11
    ඒ තමයි, "බැහැ, ඔබට පේන්නේ නැද්ද
    මට කොච්චර වැඩ තියෙනවාද කියලා?"
  • 3:12 - 3:13
    ඒත් ඇයට පැය 7ක් හොයාගන්න සිද්ධ උනහම,
  • 3:13 - 3:16
    මොකද ඇයගේ බිම් මහල
    පුරා වතුර තියෙනකොට,
  • 3:16 - 3:19
    ඇය පැය 7ක් හොයාගත්තා.
  • 3:19 - 3:23
    මේකෙන් අපිට පේන්නේ
    කාලය හුඟක් නම්‍යශීලියි කියලයි.
  • 3:24 - 3:26
    අපිට කාලය වැඩිපුර හදන්න බෑ.
  • 3:26 - 3:30
    ඒත් කාලය ඇදෙනවා අපි ඒ තුලට
    දාන්න තෝරාගත් දේට නවාතැන් දීම සඳහා.
  • 3:30 - 3:33
    ඉතින් කාලය කළමනාකරණයට මූලය තමයි,
  • 3:34 - 3:36
    අපේ ප්‍රමුඛතාවලට තැනක් දෙන එක,
  • 3:36 - 3:39
    කැඩුණු වතුර හීටරයට සමානවම.
  • 3:40 - 3:41
    මේ සඳහා,
  • 3:41 - 3:45
    මම කැමතියි මම සම්මුඛ සාකච්චාවක් තිබ්බ
    කාර්යබහුලම පුද්ගලයෙකුගේ භාෂාව තෝරාගන්න.
  • 3:45 - 3:47
    කාර්යබහුලයි කියලා මම අදහස් කලේ
    ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා,
  • 3:47 - 3:48
    වැටුප් ලබන මිනිසුන් 12ක් සමඟ,
  • 3:48 - 3:50
    ඇයගේ විවේක කාලයේදී
    බලාගන්න ළමුන් 6ක් හිට්යා.
  • 3:51 - 3:53
    මම ඇය සමඟ සම්බන්ද වුනා
    සම්මුඛ සාකච්චාව සුදානම් කිරීම සඳහා,
  • 3:53 - 3:56
    ඇය හැමදේම කරගන්නේ
    කියලා බලන්න.
  • 3:56 - 3:58
    මට මතකයි, එදා බ්‍රහස්පතින්දා උදේ.
  • 3:58 - 4:00
    ඇය මාත් සමඟ කතාකරන්න හිටියේ නැහැ.
  • 4:00 - 4:01
    ඇත්තෙන්ම, නේද?
  • 4:01 - 4:03
    මාත් එක්ක කතාකරන්න
    ඇය හිටියේ නැති හේතුව තමයි,
  • 4:03 - 4:05
    ඇය එලියට ගිහින් හිටියේ
    දිගු චාරිකාවක් සඳහා,
  • 4:05 - 4:07
    මොකද එය ලස්සන
    වසන්තයේ උදෑසනක් නිසා.
  • 4:07 - 4:09
    ඇයට චාරිකාවක් යන්න ඕනේ වුනා.
  • 4:09 - 4:11
    මෙය මාව තවත් කුතුහලයට ලක් කළා,
  • 4:11 - 4:14
    අන්තිමේදී මම ඇයව මුණගැහුණු වෙලාවේ,
    ඇය මට විස්තර කලේ මෙහෙමයි.
  • 4:14 - 4:17
    ඇය කියනවා, "ලෝරා, අහන්න,
    මම කරන හැම දේම,"
  • 4:18 - 4:21
    "මම ගෙවන හැම මිනිත්තුවක්ම, මගේ තේරීමක්."
  • 4:22 - 4:23
    ඉතින් මෙහෙම කියනවට වඩා,
    ඒ කියන්නේ,
  • 4:23 - 4:25
    "මට x, y සහ z කරන්න වෙලාවක් නැහැ."
  • 4:26 - 4:31
    ඇය කියයි, "මම x, y හෝ z කරන්නේ නැහැ, මොකද
    ඒක මගේ ප්‍රමුඛතාවය නොවන නිසා."
  • 4:32 - 4:36
    "මට වෙලාව නෑ" හැමවිටම වගේ අදහස් කරන්නේ,
    "එය ප්‍රමුඛතාවයක් නොවෙයි" කියන ඒක.
  • 4:37 - 4:40
    ඔබ ඒ ගැන හිතුවොත් එය වඩා ගැලපෙන භාෂාවයි.
  • 4:40 - 4:43
    මට ඔබට කියන්න පුළුවන් මගේ ආවරණ
    පිසදමන්න මට වෙලාවක් නෑ කියලා.
  • 4:43 - 4:44
    ඒත් ඒක ඇත්ත නෙමෙයි.
  • 4:44 - 4:46
    මගේ ආවරණ පිසදමන්න ඔබ
    මට ඩොලර් ලක්ෂයක් දුන්නොත්,
  • 4:46 - 4:48
    මම ඒක කරාවි බොහොම ඉක්මනට.
  • 4:48 - 4:49
    (සිනහව)
  • 4:49 - 4:51
    ඒක සිද්ධ වෙන්නේ නැති නිසා,
  • 4:51 - 4:53
    මට පිළිගන්න වෙනවා, මේ වෙලාව
    නැතිකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි,
  • 4:53 - 4:55
    ඇත්තටම මට එය කරන්න
    උවමනාවක් නෑ කියලා.
  • 4:55 - 4:58
    මේ භාෂාව අපිට මතක් කරනවා, වෙලාව
    කියන්නේ අපේ තෝරාගැනීමක් කියලා.
  • 4:58 - 4:59
    එය ලබාදුන්විට,
  • 4:59 - 5:02
    විවිධ තෝරාගැනීම් කිරීමේ භයානක
    ප්‍රතිවිපාක ඇතිවිය හැකියි.
  • 5:02 - 5:04
    මම ඔබට එය දෙන්නම්.
  • 5:04 - 5:05
    ඒත් අපි බුද්ධිමත් මිනිස්සු,
  • 5:05 - 5:07
    අනිවාර්යයෙන්ම දීර්ගකාලීනව,
  • 5:07 - 5:09
    අපේ ජීවිත පරිපුර්ණ
    කරගන්න ශක්තිය අපිට තියෙනවා,
  • 5:09 - 5:12
    පවතින්නට සුදුසු දේවල් එක්ක.
  • 5:13 - 5:14
    ඉතින් අපි කොහොමද ඒක කරන්නේ?
  • 5:15 - 5:17
    අපි කොහොමද අපේ
    ප්‍රමුඛතාවලට සංග්‍රහ කරන්නේ,
  • 5:17 - 5:19
    අර කැඩුණු වතුර මෝටරයට සමානවම?
  • 5:20 - 5:22
    අපි මුලින්ම ඒ මොනවද කියලා
    අඳුරගන්න ඕනේ.
  • 5:22 - 5:25
    මට ඔබට දෙන්න ඕනේ මේ
    ගැන හිතන්න උපායන් 2ක්.
  • 5:25 - 5:26
    පළමු එක වෘතියමය පැත්තෙන්:
  • 5:26 - 5:29
    මට විශ්වාසයි, අවුරුද්ද අවසානයට
    එන විට හුඟක් අය,
  • 5:29 - 5:31
    වාර්ෂික සාධන සමාලෝචන දීම
    හෝ ගැනීම කරනවා.
  • 5:31 - 5:34
    ඔබ පිටුපස හැරී බලනවා අවුරුද්ද
    පුරාවට ඔබේ සාර්ථකත්වයන් දිහා,
  • 5:34 - 5:36
    ඔබේ වර්ධනය සඳහා තිබු අවස්ථාවන් දිහා.
  • 5:36 - 5:38
    මෙයින් ඉටුවෙනවා එහි අරමුණ,
  • 5:38 - 5:41
    ඒත්, මට හිතෙනවා, ඉදිරිය බලාගෙන
    මෙය කලානම් වඩා පලදායකයි කියලා.
  • 5:41 - 5:44
    ඉතින් මම ඔබට කියනවා මේ ලබන
    වසරේ අවසානය කියලා හිතන්න.
  • 5:44 - 5:47
    ඔබ ඔබටම සාධන සමාලෝචනයක් දෙනවා,
  • 5:47 - 5:51
    ඒ වසර ඔබට වෘතියමය අතින්
    ඉතා යහපත් එකක්.
  • 5:52 - 5:58
    එය එතරම් යහපත් එකක් කරන්න ඔබ
    කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද?
  • 5:59 - 6:03
    ඉතින් ඔබට ලබන වසරේ සාධන
    සමාලෝචනය ලිවිය හැකියි දැන්.
  • 6:03 - 6:05
    ඔබට මෙය ඔබේ පෞද්ගලික ජීවිතය
    වෙනුවෙනුත් කරන්න පුළුවන්.
  • 6:05 - 6:07
    මට විශ්වාසයි ඔබලාගෙන් හුඟ දෙනෙක්,
    මම වගේ, දෙසැම්බර් වල ඇවිත්.
  • 6:07 - 6:11
    නවපු පාට කොල තියෙන කාඩ් අරගන්නවා,
  • 6:11 - 6:16
    පවුලේ නිවාඩු ලිපිය කියල ලියපු ඒවා.
  • 6:16 - 6:18
    (සිනහව)
  • 6:18 - 6:21
    ඒක පොඩ්ඩක් අවාසනාවන්ත
    සාහිත්‍ය වර්ගයක්, ඇත්තටම,
  • 6:21 - 6:24
    ගෙදර ඉන්න හැමෝම කොයිතරම්
    අරුම පුදුමද කියලා කියවනවා.
  • 6:24 - 6:25
    නැත්තන් ඊටත් වඩා දක්ෂ විදිහට,
  • 6:25 - 6:27
    ගෙදර හැමෝම කොච්චර කාර්යබහුලද කියලා.
  • 6:28 - 6:29
    ඒත් මේ ලිපිවල අරමුණක් තියෙනවා,
  • 6:29 - 6:32
    මොකද ඒවා ඔබගේ යහළුවන්ට සහ
    පවුලේ අයට කියනවා,
  • 6:32 - 6:35
    මේ වසර පුරා ඔබගේ පෞද්ගලික ජීවිතයේ
    ඔබ කළ වැදගත් දේවල් මොනවද කියලා.
  • 6:35 - 6:36
    ඉතින් මේ වසර බොහෝ දුරට අවසානයි,
  • 6:36 - 6:39
    ඒත් මට ඕනේ ඔබ හිතන්න
    මේ ලබන වසරේ අවසානය කියලා,
  • 6:39 - 6:42
    සහ එය ඉතා සාර්ථක වසරක් වුනා කියලා,
  • 6:42 - 6:45
    ඔබටයි, ඔබ රැක බලාගන්නා අනෙක් අයටයි.
  • 6:45 - 6:50
    එය මෙතරම් සාර්ථක කරගන්න
    ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද?
  • 6:51 - 6:55
    ඉතින් ඔබට ලබන වසරේ
    පවුල් නිවාඩු ලිපිය ලියන්න පුළුවන්.
  • 6:56 - 6:57
    ඒත් එය තැපැල් කරන්න එපා.
  • 6:57 - 6:58
    (සිනහව)
  • 6:58 - 7:01
    කරුණාකරලා ඒක යවන්න එපා.
  • 7:01 - 7:02
    ඒත් ඔබට එය ලියන්න පුළුවන්.
  • 7:02 - 7:06
    දැන් සාධන සමාලෝචනය සහ
    පවුල් නිවාඩු ලිපිය අතර,
  • 7:06 - 7:09
    අපිට තියෙනවා ලබන වසරේ අත්කරගන්න තියෙන
    ඉලක්ක 6ක සිට 10ක් දක්වා වූ ලැයිස්තුවක්.
  • 7:09 - 7:12
    දැන් අපි මේවා කළ හැකි කොටස්
    වලට බෙදාගන්න ඕනේ.
  • 7:12 - 7:14
    ඔබට ඕනේ ඇති පවුලේ ඉතිහාසය ලියන්න.
  • 7:15 - 7:17
    මුලින්ම ඔබට වෙනත් පවුල්
    ඉතිහාසයන් කියවන්න පුළුවන්,
  • 7:17 - 7:18
    ඒවා ලියන ආකාරය
    ගැන අදහසක් ගන්න.
  • 7:18 - 7:21
    ඊළඟට හිතන්න ඔබේ ඥාතීන්ගෙන්
    ඔබ අහන්න කැමති ප්‍රශ්න ගැන.
  • 7:21 - 7:23
    ඔවුන්ව සම්මුඛ සාකච්චාවකට ගන්න
    වෙලාව වෙන්කරගන්න.
  • 7:23 - 7:25
    එහෙම නැත්තන් ඔබට
    5000m දුවන්න ඕන ඇති.
  • 7:25 - 7:28
    ඔබට සිදුවෙනවා තරඟයක් හොයලා ලියාපදිංචි
    වෙන්න, පුහුණුවීම් සැලැස්මක් හදන්න,
  • 7:28 - 7:30
    අල්මාරිය පිටුපසින් අර සපත්තු
    2ක එලියට ගන්න.
  • 7:30 - 7:32
    ඊට පස්සේ, -- මේක තමයි මූලිකම දෙය --
  • 7:32 - 7:36
    අපි අපගේ ප්‍රමුඛතාවලට සලකන්නේ
    අර කැඩුණු වතුර හීටරය හා සමානවමයි,
  • 7:36 - 7:39
    ඒවා අපේ කාලසටහනේ මුලටම දාගෙන.
  • 7:40 - 7:45
    අපි මේවා කරන්නේ ඉදිරි සති දිහා බලලා.
  • 7:45 - 7:48
    සිකුරාදා දවසේ හවසට තමයි මේක
    කරන්න හොඳම වෙලාව මට.
  • 7:49 - 7:51
    සිකුරාදා හවස තමයි ආර්ථික
    විද්යාඥයෙක් විග්‍රහ කරන්නේ,
  • 7:51 - 7:54
    අඩුම ආවස්ථාක පිරිවැය
    තියෙන කාලය ලෙස.
  • 7:55 - 7:58
    අපි හුඟක් අය සිකුරාදා
    හවසට ඉඳගෙන කියන්නේ නෑ,
  • 7:58 - 8:00
    "මම නොඉවසිලිමත්ව බලාගෙන
    සිටින්නේ ප්‍රගතියක් අත්කරගන්න,"
  • 8:00 - 8:02
    "මගේ පෞද්ගලික සහ වෘත්තියමය
    ප්‍රමුඛතා කෙරෙහි "
  • 8:02 - 8:03
    "මේ දැන්මම."
  • 8:03 - 8:04
    (සිනහව)
  • 8:04 - 8:07
    ඒත් අපි කැමතියි හිතන්න
    ඒවා මොනවා විය යුතුදැයි.
  • 8:07 - 8:09
    ඉතින් සිකුරාදා හවසට පුංචි
    වෙලාවක් වෙන්කරගන්න,
  • 8:09 - 8:15
    ඔබ වෙනුවෙන් හදාගන්න කොටස් 3ක ප්‍රමුඛතා
    ලැයිස්තුවක්: රැකියාව, සම්බන්ධතා, තමන්.
  • 8:16 - 8:20
    කොටස් 3ක ලැයිස්තුවක් අපිට
    මතක් කරලා දෙනවා,
  • 8:20 - 8:23
    කොටස් තුනේම මොනවහරි
    දෙයක් තියෙන්න ඕනේ කියලා.
  • 8:23 - 8:24
    රැකියාව, අපි හිතනවා:
  • 8:24 - 8:26
    සම්බන්ධතා, තමන් --
  • 8:26 - 8:27
    වැඩිය දෙයක් නෑ.
  • 8:27 - 8:29
    එත් කොහොමහරි, පුංචි ලැයිස්තුවක්,
  • 8:29 - 8:31
    එකක අයිතම 2ක් හෝ 3ක්.
  • 8:31 - 8:33
    දැන් ඊළඟ සතිය පුරාවටම බලලා,
  • 8:33 - 8:35
    හිතන්න මේවා සැලසුම්කරන්නේ
    කොයි වේලාවන් වලටද කියලා.
  • 8:36 - 8:38
    කොතනටද ඒවා ඇතුලත් කරන්නේ
    කියන එක ඔබේ වැඩක්.
  • 8:38 - 8:42
    මම දන්නවා, මේක සමහර අයටනම්
    සංකීර්ණ දෙයක් වේවි අනිත් අයට වඩා.
  • 8:42 - 8:45
    මම කිවුවේ, සමහර මිනිසුන්ගේ ජීවිත
    අනිත් අයට වඩා කටුකයි.
  • 8:46 - 8:49
    අර කවි පන්තියට යන්න වෙලාව
    හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ,
  • 8:49 - 8:52
    ඔබ තනියම ළමයි ගොඩක්
    බලාගන්නවානම්.
  • 8:52 - 8:53
    මට තේරෙනවා ඒක.
  • 8:53 - 8:55
    මට ඕනේ නැහැ කාගෙවත්
    අරගලය අවම කරන්න.
  • 8:55 - 9:00
    ඒත් මම හිතනවා, ඔබට මම කියන්න යන
    ඉලක්කම් සවිබලයක් දේවි කියලා.
  • 9:01 - 9:05
    සතියකට පැය 168ක් තියෙනවා.
  • 9:06 - 9:11
    24 වරක් 7, පැය 168යි.
  • 9:11 - 9:14
    ඒ නම් සැහෙන ලොකු කාලයක්.
  • 9:15 - 9:18
    ඔබ පුර්ණ කාලීන රැකියාවක නිරත
    වෙනවා නම් සතියකට පැය 40යි,
  • 9:18 - 9:21
    එක් රැයකට පැය 8ක් නිදාගෙන,
    සතියට පැය 56යි --
  • 9:21 - 9:24
    එතකොට වෙනත් දේවල් සඳහා
    පැය 72ක් ඉතුරුයි,
  • 9:25 - 9:27
    ඒ නම් සැහෙන ලොකු කාලයක්.
  • 9:27 - 9:29
    ඔබ කියනවා ඔබ සතියකට පැය 50ක්
    වැඩ කරනවා කියලා,
  • 9:29 - 9:31
    සමහරවිට ප්‍රධාන රැකියාවක්
    සහ තවත් අමතර වැඩක්,
  • 9:31 - 9:33
    එතකොට අනෙත් වැඩ වලට
    පැය 62ක් ඉතුරුයි.
  • 9:33 - 9:35
    ඔබ කියනවා ඔබ පැය 60ක්
    වැඩ කරනවා කියලා.
  • 9:35 - 9:38
    එතකොට අනෙත් වැඩ වලට
    පැය 52ක් ඉතුරුයි.
  • 9:38 - 9:40
    ඔබ කියනවා ඔබ පැය 60කට
    වඩා වැඩ කරනවා කියලා.
  • 9:40 - 9:41
    ඔබට හොඳටම විශ්වාසද?
  • 9:41 - 9:43
    (සිනහව)
  • 9:43 - 9:46
    එක අධ්‍යයනයක් තිබුනා මිනිසුන්ගේ
    ඇස්තමේන්තු කල වැඩ සතිය පිළිබඳව,
  • 9:46 - 9:47
    වේලා දිනපොත් සමඟ.
  • 9:47 - 9:50
    ඔවුන්ට හමුවුනා පැය 75කට වඩා
    වැඩි වැඩ සති ගැන කියා තිබුන මිනිසුන්.
  • 9:50 - 9:52
    පැය 25කින් වගේ වැඩියි.
  • 9:52 - 9:54
    (සිනහව)
  • 9:54 - 9:56
    ඔබට හිතාගන්න පුළුවන් කොයි
    දිශාවටද කියල නේද?
  • 9:58 - 10:00
    කොහොමවුනත්, සතියකට පැය 168කදි,
  • 10:00 - 10:03
    මම හිතනවා ඔබට වැදගත්වන දේවල්වලට
    වෙලාව හොයාගන්න පුළුවන් කියලා.
  • 10:03 - 10:05
    ඔබේ දරුවන් සමග වැඩිපුර වෙලා
    ගතකරන්න ඕනේ නම්,
  • 10:05 - 10:07
    ඔබ කරන විභාගයකට වැඩිපුර
    පාඩම් කරන්න ඕනේ නම්,
  • 10:07 - 10:11
    ඔබට පැය 3ක් ව්‍යායාම කරලා පැය 2ක්
    ස්වෙච්චා සේවය කරන්න ඕනේ නම්,
  • 10:11 - 10:12
    ඔබට පුළුවන්.
  • 10:12 - 10:16
    ඒ, ඔබ පුර්ණ කාලීන වැඩ පැය
    ගණනට වඩා වැඩ කරා වුනත්.
  • 10:16 - 10:18
    ඉතින් අපිට හුඟක් වෙලාව
    තියෙනවා. ඒක ඉතා හොඳයි.
  • 10:18 - 10:19
    හේතුව අනුමාන කරන්න පුළුවන්ද?
  • 10:19 - 10:22
    අපිට ඒ තරම්වත් වෙලාව ඕනේ නෑ
    අරුම පුදුම දේවල් කරන්න.
  • 10:22 - 10:25
    ඒත් අපි හුඟක් දෙනෙක්ට පොඩි පොඩි
    වෙලාවල් තියෙනකොට අපි මොනවද කරන්නේ?
  • 10:26 - 10:27
    ෆෝන් එක එලියට ගන්නවා නේද?
  • 10:28 - 10:30
    ඊමෙල් පණිවිඩ මකා දමන්න පටන්ගන්නවා.
  • 10:30 - 10:32
    නැත්තන් අපි ගේ වටේ යමින් හෝ
  • 10:32 - 10:34
    රූපවාහිනිය නරඹමින් ඉන්නවා.
  • 10:34 - 10:37
    ඒත් පොඩි පොඩි වෙලාවල්වලට
    ලොකු බලයක් තියෙනවා.
  • 10:38 - 10:40
    ඔබට පුළුවන් ඔබගේ පුංචි පුංචි වෙලාවන්,
  • 10:40 - 10:42
    පුංචි සතුටක් ලබන්න පාවිච්චි කරන්න.
  • 10:43 - 10:46
    සමහරවිට ඒ බස් එකේ වැඩට යන
    අතරමඟ ලස්සන දෙයක් කියවන්න
  • 10:46 - 10:47
    තීරණය කිරීම වෙන්න පුළුවන්.
  • 10:47 - 10:50
    මට මතකයි මට රැකියාවක්
    තිබුනා හැම උදේම බස් 2ක
  • 10:50 - 10:51
    සහ උමං මාර්ගයක යන්න සිද්ධවුනු.
  • 10:51 - 10:54
    මම සතිඅන්තයේදී පුස්තකාලයට
    ගිහින් පොත් ගත්තා කියවන්න,
  • 10:54 - 10:59
    ඒකෙන් සම්පුර්ණ අත්දැකීමම හුඟාක්
    විනෝදජනක එකක් වුණා.
  • 11:00 - 11:03
    රැකියාවේදී හම්බවෙන පුංචි විවේකයන් භාවනා
    කරන්නත් යාච්ඤා කරන්නත් යොදාගන්න පුළුවන්.
  • 11:03 - 11:07
    ඔබගේ කාර්යබහුල වැඩ කාලසටහන නිසා
    පවුලත් සමඟ ගන්න රැ කෑමවෙල මඟ හැරෙනවානම්,
  • 11:07 - 11:09
    පවුලේ උදැසන ආහාර වෙල
    හොඳ ආදේශකයක් වේවි.
  • 11:10 - 11:13
    මේක තමයි එක්කෙනෙකුගේ
    සම්පුර්ණ කාලය දිහා බලලා,
  • 11:13 - 11:15
    හොඳ දේවල් දාගන්න පුළුවන්
    කොහාටද කියලා දකින එක.
  • 11:17 - 11:18
    මම ඇත්තටම ඒක විශ්වාස කරනවා.
  • 11:19 - 11:22
    කාලය තියෙනවා.
  • 11:23 - 11:25
    අපි කාර්යබහුල වුනත්,
  • 11:25 - 11:27
    වැදගත් දේවල් වෙනුවෙන්
    අපිට කාලය තියෙනවා.
  • 11:28 - 11:30
    අපි වැදගත් දේ ගැන අවධානය යොමු කරහම,
  • 11:30 - 11:32
    අපිට අවශ්‍ය ජීවිතය අපිට ලබාගන්න පුළුවන්,
  • 11:33 - 11:34
    අපිට ලැබිලා තියෙන කාලය ඇතුලත.
  • 11:35 - 11:36
    ස්තුතියි.
  • 11:36 - 11:41
    (අත්පොලසන්)
Title:
තමන්ගේ විවේක කාලයේ පාලනය අතට ගන්නේ කොහොමද?
Speaker:
ලෝරා වැන්ඩර්කැම
Description:

හැම සතියකම පැය 168ක් තියෙනවා. වඩාත්ම වැදගත් දේ වෙනුවෙන් අපි වෙලාව හොයාගන්නේ කොහොමද? කාල කළමනාකරණ විශේෂඥ ලෝරා වැන්ඩර්කැම අධ්‍යනය කරනවා කොහොමද කාර්යබහුල මිනිසුන් තමන්ගේ ජීවිත ගතකරන්නේ කියලා. ඇය සොයාගෙන තිබෙනවා අපි බොහෝදෙනා, අපේ සතියේ කැපවීම් ඉතා දැඩි ලෙස අධිතක්සේරු කරනවා කියලා, අපිට ලැබී තිබෙන කාලය අවතක්සේරු කරලා. ඇය කියාදෙනවා, ප්‍රායෝගික උපායයන් කිහිපයක්, අපිට වැදගත් වන දේ වෙනුවෙන් වැඩිපුර කාලය සොයාගැනීමට. එවිට අපිට හැකියි, අපිට තිබෙන කාලය තුල අපිට අවශ්‍ය ලෝකය තනාගන්නට.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
11:54
Dulini Mudunkotuwa approved Sinhala subtitles for How to gain control of your free time
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for How to gain control of your free time
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time
Tharika Madurapperuma edited Sinhala subtitles for How to gain control of your free time
Show all

Sinhala subtitles

Revisions