WEBVTT 00:00:00.000 --> 00:00:01.688 ගූගල් ට්රාන්ස්ලේට් යනු ඔබට නොමිලේ ලබා දෙන, 00:00:01.688 --> 00:00:06.539 වාක්ය, ලිපි ලේඛණ සහ සම්පූර්ණ වෙබ් අඩවි වූවත් පරිවර්තනය කිරීමට ඉඩ ලබා දෙන මෙවලමකි. 00:00:07.770 --> 00:00:09.943 එහෙත් එය හරියටම ක්රියාත්මක වන්නේ කෙසේද? 00:00:09.943 --> 00:00:12.848 අපට කාමරයක් පිරෙන්න භාෂා දෙකම කතා කරන සුරංගනා කතා වල සිටින ආකාරයේ කුරැමිට්ටන් සිටිතැයි පෙනෙනු ඇති මුත්. 00:00:12.848 --> 00:00:14.173 එසේ නැහැ. 00:00:14.563 --> 00:00:16.489 ඇත්තටම කිව්වොත් අපේ සියලුම පරිවර්තන ලබා දෙන්නේ පරිගණක වලින්. 00:00:16.879 --> 00:00:20.258 මෙම පරිගණක භාවිත කරන්නේ 'සංඛ්යානමය පරිගණන පරිවර්තනය' යනුවෙන් හැඳින්විය හැකි ක්රියාවලියක්. 00:00:20.398 --> 00:00:26.397 සරලව කිව්වොත් අපේ පරිගණක පරිවර්තන උපදවන්නේ විශාල ප්රමාණයක පාඨ ගණනක ඇති රටා හඳුනා ගැනීමෙන්. 00:00:26.397 --> 00:00:28.651 නැවතත් මොහොතකට සිතමු. 00:00:28.651 --> 00:00:31.083 ඔබට කාට හෝ අලුත් භාෂාවක් ඉගැන්වීමට උවමනා නම්, 00:00:31.083 --> 00:00:33.975 ඔබ බොහෝ විට පටන් ගන්නේ වදන් මාලාව සහ... 00:00:33.975 --> 00:00:36.999 එම වදන් පාවිච්චි කර වාක්ය නිර්මාණය කරන ආකාරය ගැන ව්යාකරණ ඉගැන්වීමෙන්. 00:00:37.259 --> 00:00:41.626 පරිගණක වලටත් මේ ආකාරයට වදන් මාලාව සහ ව්යාකරණ රීති මගින් විදේශීය භාෂා ඉගෙනීමට පුලුවන්. 00:00:41.626 --> 00:00:43.365 එහෙත් භාෂා බොහෝ විට සංකීර්ණයි. 00:00:43.365 --> 00:00:44.913 ඕනෑම අලුත් භාෂාවන් ඉගෙන ගන්නෙකු ගෙන් ඇසුවොත්, 00:00:44.913 --> 00:00:48.811 මේ සියලුම භාෂා වල විශේෂිත පද සැකසුම් තිබෙන බව පවසාවි. 00:00:48.811 --> 00:00:52.141 මෙම විශේෂිත පද සැකසුම් සහ ඒවායේ විශේෂිත අවස්ථා සියල්ල හඳුනා ගෙන ප්රතිචාර දැක්වීමට උත්සාහ කලොත්, 00:00:52.141 --> 00:00:56.559 පරිගණක වැඩසටහනකදී, පරිවර්තන වල ගුණාත්මක භාවය අඩු වීමට පටන් ගන්නවා. 00:00:57.887 --> 00:01:00.115 ගූගල් ට්රාන්ස්ලේට් මීට වඩා වෙනස් ආකාරයක පිවිසුමක් ගන්නවා. 00:01:00.115 --> 00:01:03.330 අපේ පරිගණක වලට එක් භාෂාවක සියලුම රීති ඉගැන්වීම වෙනුවට, 00:01:03.330 --> 00:01:07.245 අපි අපේ පරිගණක වලට තමන් විසින් ම එම රීති හඳුනා ගැනීමට උගන්වනවා. 00:01:07.355 --> 00:01:13.212 අපේ පරිගණක මෙසේ සිදු කරන්නේ මිලියන ගණනක් වූ දැනටම මිනිස් පරිවර්තකයන් විසින් පරිවර්තිත ලිපි සහ ලේඛණ විශ්ලේෂණ්ය කිරීම තුලින්. 00:01:13.212 --> 00:01:15.827 මෙම පරිවර්තන බොහෝමයක් පොත් වලින්, 00:01:15.977 --> 00:01:18.117 එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් වූ සංවිධාන සහ 00:01:18.427 --> 00:01:20.407 ලොව පුරා ඇති වෙබ් අඩවි වලින් එකතු කර ගත් ඒවා යි. 00:01:20.407 --> 00:01:24.945 අපේ පරිගණක මෙම පාඨයන් සංඛ්යානමය වශයෙන් සුවිශේෂ රටා හඳුනා ගැනීමට සුපිරික්සනවා. 00:01:24.945 --> 00:01:30.663 ඒ කියන්නේ, පරිවර්තනය සහ මුල් පාඨය අතර සම්භාවිතාවය මගින් සිදු නොවිය හැකි රටා යි. 00:01:30.663 --> 00:01:33.191 පරිගණකය මේ ආකාරයේ රටාවක් හඳුනා ගත් පසු, 00:01:33.191 --> 00:01:36.309 එයට මෙම රටාව භාවිතා කොට ඒ හා සමාන වූ පාඨ පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා. 00:01:36.309 --> 00:01:38.358 මෙම ක්රියාවලිය බිලියන වාර ගණනක් නැවත නැවත සිදු කළ විට 00:01:38.358 --> 00:01:43.447 මෙවැනි රටා බිලියන ගණනක් සහ ඉතාමත් දැනුමැති පරිගණක වැඩසටහනක් ලැබෙනවා. 00:01:43.447 --> 00:01:47.016 එසේ වුවත් සමහරක් භාෂා වලට අපට ඇත්තේ සුලු පරිවර්තිත ලේඛණ ගණනක් පමණයි. 00:01:47.016 --> 00:01:50.754 එසේ විට අපේ මෘදුකාංග වල හඳුනා ගෙන ඇත්තේ සුලු රටා ගණනක්. 00:01:50.754 --> 00:01:53.616 අපේ පරිවර්තන වල ගුණාත්මක බව භාෂාවෙන් භාෂාවට සහ... 00:01:53.826 --> 00:01:56.688 භාෂා යුගලයෙන් යුගලයට වෙනස් වෙනස් වන්නේ මේ නිසායි. 00:01:56.898 --> 00:01:58.600 අපේ පරිවර්තන සම්පූර්ණයෙන්ම දෝෂ රහිත නොවන බව අපි දන්නවා. 00:01:58.600 --> 00:01:59.984 එහෙත් දිගටම අලුතින් පරිවර්තිත පාඨ සැපයීම තුලින් 00:02:00.114 --> 00:02:02.854 අපට අපේ පරිගණක වඩාත් බුද්ධිමත් කරන්නට සහ... 00:02:02.854 --> 00:02:05.304 අපේ පරිවර්තන වඩාත් ගුණාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. 00:02:05.304 --> 00:02:08.964 ඒ නිසා, මීලඟ වාරයේදී ඔබ වැකියක් හෝ වෙබ් පිටුවක් ගූගල් ට්රාන්ස්ලේට් මගින් පරිවර්තනය කරද්දී, 00:02:08.964 --> 00:02:13.566 ඔබේ පරිවර්තනය සඳහා පිටිවහලක් වූ ඒ මිලියන ගණනක් වූ ලිපි ලේඛණ සහ බිලියන ගණනක් වූ රටා ගැන සිතන්න. 00:02:15.196 --> 00:02:17.954 මේ සියල්ල සිදු වන්නේ ඇසිපිය හෙලන සැණෙකින්. 00:02:17.954 --> 00:02:19.996 අපූරැයි නේද? 00:02:19.996 --> 00:02:23.654 translate.google.com වෙත පිවිස උත්සාහ කරන්න.