ගූගල් ට්රාන්ස්ලේට් යනු ඔබට නොමිලේ ලබා දෙන, වාක්ය, ලිපි ලේඛණ සහ සම්පූර්ණ වෙබ් අඩවි වූවත් පරිවර්තනය කිරීමට ඉඩ ලබා දෙන මෙවලමකි. එහෙත් එය හරියටම ක්රියාත්මක වන්නේ කෙසේද? අපට කාමරයක් පිරෙන්න භාෂා දෙකම කතා කරන සුරංගනා කතා වල සිටින ආකාරයේ කුරැමිට්ටන් සිටිතැයි පෙනෙනු ඇති මුත්. එසේ නැහැ. ඇත්තටම කිව්වොත් අපේ සියලුම පරිවර්තන ලබා දෙන්නේ පරිගණක වලින්. මෙම පරිගණක භාවිත කරන්නේ 'සංඛ්යානමය පරිගණන පරිවර්තනය' යනුවෙන් හැඳින්විය හැකි ක්රියාවලියක්. සරලව කිව්වොත් අපේ පරිගණක පරිවර්තන උපදවන්නේ විශාල ප්රමාණයක පාඨ ගණනක ඇති රටා හඳුනා ගැනීමෙන්. නැවතත් මොහොතකට සිතමු. ඔබට කාට හෝ අලුත් භාෂාවක් ඉගැන්වීමට උවමනා නම්, ඔබ බොහෝ විට පටන් ගන්නේ වදන් මාලාව සහ... එම වදන් පාවිච්චි කර වාක්ය නිර්මාණය කරන ආකාරය ගැන ව්යාකරණ ඉගැන්වීමෙන්. පරිගණක වලටත් මේ ආකාරයට වදන් මාලාව සහ ව්යාකරණ රීති මගින් විදේශීය භාෂා ඉගෙනීමට පුලුවන්. එහෙත් භාෂා බොහෝ විට සංකීර්ණයි. ඕනෑම අලුත් භාෂාවන් ඉගෙන ගන්නෙකු ගෙන් ඇසුවොත්, මේ සියලුම භාෂා වල විශේෂිත පද සැකසුම් තිබෙන බව පවසාවි. මෙම විශේෂිත පද සැකසුම් සහ ඒවායේ විශේෂිත අවස්ථා සියල්ල හඳුනා ගෙන ප්රතිචාර දැක්වීමට උත්සාහ කලොත්, පරිගණක වැඩසටහනකදී, පරිවර්තන වල ගුණාත්මක භාවය අඩු වීමට පටන් ගන්නවා. ගූගල් ට්රාන්ස්ලේට් මීට වඩා වෙනස් ආකාරයක පිවිසුමක් ගන්නවා. අපේ පරිගණක වලට එක් භාෂාවක සියලුම රීති ඉගැන්වීම වෙනුවට, අපි අපේ පරිගණක වලට තමන් විසින් ම එම රීති හඳුනා ගැනීමට උගන්වනවා. අපේ පරිගණක මෙසේ සිදු කරන්නේ මිලියන ගණනක් වූ දැනටම මිනිස් පරිවර්තකයන් විසින් පරිවර්තිත ලිපි සහ ලේඛණ විශ්ලේෂණ්ය කිරීම තුලින්. මෙම පරිවර්තන බොහෝමයක් පොත් වලින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් වූ සංවිධාන සහ ලොව පුරා ඇති වෙබ් අඩවි වලින් එකතු කර ගත් ඒවා යි. අපේ පරිගණක මෙම පාඨයන් සංඛ්යානමය වශයෙන් සුවිශේෂ රටා හඳුනා ගැනීමට සුපිරික්සනවා. ඒ කියන්නේ, පරිවර්තනය සහ මුල් පාඨය අතර සම්භාවිතාවය මගින් සිදු නොවිය හැකි රටා යි. පරිගණකය මේ ආකාරයේ රටාවක් හඳුනා ගත් පසු, එයට මෙම රටාව භාවිතා කොට ඒ හා සමාන වූ පාඨ පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා. මෙම ක්රියාවලිය බිලියන වාර ගණනක් නැවත නැවත සිදු කළ විට මෙවැනි රටා බිලියන ගණනක් සහ ඉතාමත් දැනුමැති පරිගණක වැඩසටහනක් ලැබෙනවා. එසේ වුවත් සමහරක් භාෂා වලට අපට ඇත්තේ සුලු පරිවර්තිත ලේඛණ ගණනක් පමණයි. එසේ විට අපේ මෘදුකාංග වල හඳුනා ගෙන ඇත්තේ සුලු රටා ගණනක්. අපේ පරිවර්තන වල ගුණාත්මක බව භාෂාවෙන් භාෂාවට සහ... භාෂා යුගලයෙන් යුගලයට වෙනස් වෙනස් වන්නේ මේ නිසායි. අපේ පරිවර්තන සම්පූර්ණයෙන්ම දෝෂ රහිත නොවන බව අපි දන්නවා. එහෙත් දිගටම අලුතින් පරිවර්තිත පාඨ සැපයීම තුලින් අපට අපේ පරිගණක වඩාත් බුද්ධිමත් කරන්නට සහ... අපේ පරිවර්තන වඩාත් ගුණාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා, මීලඟ වාරයේදී ඔබ වැකියක් හෝ වෙබ් පිටුවක් ගූගල් ට්රාන්ස්ලේට් මගින් පරිවර්තනය කරද්දී, ඔබේ පරිවර්තනය සඳහා පිටිවහලක් වූ ඒ මිලියන ගණනක් වූ ලිපි ලේඛණ සහ බිලියන ගණනක් වූ රටා ගැන සිතන්න. මේ සියල්ල සිදු වන්නේ ඇසිපිය හෙලන සැණෙකින්. අපූරැයි නේද? translate.google.com වෙත පිවිස උත්සාහ කරන්න.