1 00:00:00,000 --> 00:00:01,688 ගූගල් ට්රාන්ස්ලේට් යනු ඔබට නොමිලේ ලබා දෙන, 2 00:00:01,688 --> 00:00:06,539 වාක්ය, ලිපි ලේඛණ සහ සම්පූර්ණ වෙබ් අඩවි වූවත් පරිවර්තනය කිරීමට ඉඩ ලබා දෙන මෙවලමකි. 3 00:00:07,770 --> 00:00:09,943 එහෙත් එය හරියටම ක්රියාත්මක වන්නේ කෙසේද? 4 00:00:09,943 --> 00:00:12,848 අපට කාමරයක් පිරෙන්න භාෂා දෙකම කතා කරන සුරංගනා කතා වල සිටින ආකාරයේ කුරැමිට්ටන් සිටිතැයි පෙනෙනු ඇති මුත්. 5 00:00:12,848 --> 00:00:14,173 එසේ නැහැ. 6 00:00:14,563 --> 00:00:16,489 ඇත්තටම කිව්වොත් අපේ සියලුම පරිවර්තන ලබා දෙන්නේ පරිගණක වලින්. 7 00:00:16,879 --> 00:00:20,258 මෙම පරිගණක භාවිත කරන්නේ 'සංඛ්යානමය පරිගණන පරිවර්තනය' යනුවෙන් හැඳින්විය හැකි ක්රියාවලියක්. 8 00:00:20,398 --> 00:00:26,397 සරලව කිව්වොත් අපේ පරිගණක පරිවර්තන උපදවන්නේ විශාල ප්රමාණයක පාඨ ගණනක ඇති රටා හඳුනා ගැනීමෙන්. 9 00:00:26,397 --> 00:00:28,651 නැවතත් මොහොතකට සිතමු. 10 00:00:28,651 --> 00:00:31,083 ඔබට කාට හෝ අලුත් භාෂාවක් ඉගැන්වීමට උවමනා නම්, 11 00:00:31,083 --> 00:00:33,975 ඔබ බොහෝ විට පටන් ගන්නේ වදන් මාලාව සහ... 12 00:00:33,975 --> 00:00:36,999 එම වදන් පාවිච්චි කර වාක්ය නිර්මාණය කරන ආකාරය ගැන ව්යාකරණ ඉගැන්වීමෙන්. 13 00:00:37,259 --> 00:00:41,626 පරිගණක වලටත් මේ ආකාරයට වදන් මාලාව සහ ව්යාකරණ රීති මගින් විදේශීය භාෂා ඉගෙනීමට පුලුවන්. 14 00:00:41,626 --> 00:00:43,365 එහෙත් භාෂා බොහෝ විට සංකීර්ණයි. 15 00:00:43,365 --> 00:00:44,913 ඕනෑම අලුත් භාෂාවන් ඉගෙන ගන්නෙකු ගෙන් ඇසුවොත්, 16 00:00:44,913 --> 00:00:48,811 මේ සියලුම භාෂා වල විශේෂිත පද සැකසුම් තිබෙන බව පවසාවි. 17 00:00:48,811 --> 00:00:52,141 මෙම විශේෂිත පද සැකසුම් සහ ඒවායේ විශේෂිත අවස්ථා සියල්ල හඳුනා ගෙන ප්රතිචාර දැක්වීමට උත්සාහ කලොත්, 18 00:00:52,141 --> 00:00:56,559 පරිගණක වැඩසටහනකදී, පරිවර්තන වල ගුණාත්මක භාවය අඩු වීමට පටන් ගන්නවා. 19 00:00:57,887 --> 00:01:00,115 ගූගල් ට්රාන්ස්ලේට් මීට වඩා වෙනස් ආකාරයක පිවිසුමක් ගන්නවා. 20 00:01:00,115 --> 00:01:03,330 අපේ පරිගණක වලට එක් භාෂාවක සියලුම රීති ඉගැන්වීම වෙනුවට, 21 00:01:03,330 --> 00:01:07,245 අපි අපේ පරිගණක වලට තමන් විසින් ම එම රීති හඳුනා ගැනීමට උගන්වනවා. 22 00:01:07,355 --> 00:01:13,212 අපේ පරිගණක මෙසේ සිදු කරන්නේ මිලියන ගණනක් වූ දැනටම මිනිස් පරිවර්තකයන් විසින් පරිවර්තිත ලිපි සහ ලේඛණ විශ්ලේෂණ්ය කිරීම තුලින්. 23 00:01:13,212 --> 00:01:15,827 මෙම පරිවර්තන බොහෝමයක් පොත් වලින්, 24 00:01:15,977 --> 00:01:18,117 එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් වූ සංවිධාන සහ 25 00:01:18,427 --> 00:01:20,407 ලොව පුරා ඇති වෙබ් අඩවි වලින් එකතු කර ගත් ඒවා යි. 26 00:01:20,407 --> 00:01:24,945 අපේ පරිගණක මෙම පාඨයන් සංඛ්යානමය වශයෙන් සුවිශේෂ රටා හඳුනා ගැනීමට සුපිරික්සනවා. 27 00:01:24,945 --> 00:01:30,663 ඒ කියන්නේ, පරිවර්තනය සහ මුල් පාඨය අතර සම්භාවිතාවය මගින් සිදු නොවිය හැකි රටා යි. 28 00:01:30,663 --> 00:01:33,191 පරිගණකය මේ ආකාරයේ රටාවක් හඳුනා ගත් පසු, 29 00:01:33,191 --> 00:01:36,309 එයට මෙම රටාව භාවිතා කොට ඒ හා සමාන වූ පාඨ පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා. 30 00:01:36,309 --> 00:01:38,358 මෙම ක්රියාවලිය බිලියන වාර ගණනක් නැවත නැවත සිදු කළ විට 31 00:01:38,358 --> 00:01:43,447 මෙවැනි රටා බිලියන ගණනක් සහ ඉතාමත් දැනුමැති පරිගණක වැඩසටහනක් ලැබෙනවා. 32 00:01:43,447 --> 00:01:47,016 එසේ වුවත් සමහරක් භාෂා වලට අපට ඇත්තේ සුලු පරිවර්තිත ලේඛණ ගණනක් පමණයි. 33 00:01:47,016 --> 00:01:50,754 එසේ විට අපේ මෘදුකාංග වල හඳුනා ගෙන ඇත්තේ සුලු රටා ගණනක්. 34 00:01:50,754 --> 00:01:53,616 අපේ පරිවර්තන වල ගුණාත්මක බව භාෂාවෙන් භාෂාවට සහ... 35 00:01:53,826 --> 00:01:56,688 භාෂා යුගලයෙන් යුගලයට වෙනස් වෙනස් වන්නේ මේ නිසායි. 36 00:01:56,898 --> 00:01:58,600 අපේ පරිවර්තන සම්පූර්ණයෙන්ම දෝෂ රහිත නොවන බව අපි දන්නවා. 37 00:01:58,600 --> 00:01:59,984 එහෙත් දිගටම අලුතින් පරිවර්තිත පාඨ සැපයීම තුලින් 38 00:02:00,114 --> 00:02:02,854 අපට අපේ පරිගණක වඩාත් බුද්ධිමත් කරන්නට සහ... 39 00:02:02,854 --> 00:02:05,304 අපේ පරිවර්තන වඩාත් ගුණාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. 40 00:02:05,304 --> 00:02:08,964 ඒ නිසා, මීලඟ වාරයේදී ඔබ වැකියක් හෝ වෙබ් පිටුවක් ගූගල් ට්රාන්ස්ලේට් මගින් පරිවර්තනය කරද්දී, 41 00:02:08,964 --> 00:02:13,566 ඔබේ පරිවර්තනය සඳහා පිටිවහලක් වූ ඒ මිලියන ගණනක් වූ ලිපි ලේඛණ සහ බිලියන ගණනක් වූ රටා ගැන සිතන්න. 42 00:02:15,196 --> 00:02:17,954 මේ සියල්ල සිදු වන්නේ ඇසිපිය හෙලන සැණෙකින්. 43 00:02:17,954 --> 00:02:19,996 අපූරැයි නේද? 44 00:02:19,996 --> 00:02:23,654 translate.google.com වෙත පිවිස උත්සාහ කරන්න.