1 00:00:00,576 --> 00:00:04,958 සෑම සඳුදා හා බ්රහස්පතින්දා දවසකම මම මැෙරන හැටි ඉෙගන ගන්නවා. 2 00:00:04,958 --> 00:00:07,062 මම කියන්ෙන් ඒ මගේ මාරාන්තික දවස් කියලා. 3 00:00:07,062 --> 00:00:09,936 මගේ බිරිඳ ෆනැන්ඩා ඒ වචනයට කැමති නැහැ, 4 00:00:09,936 --> 00:00:14,578 ඒත් මගේ පවුෙල් වැඩි ෙදනෙක් මරණයට පත් වුණේ ෙමලනෝමා පිළිකාෙවන්. 5 00:00:14,578 --> 00:00:17,373 මගේ ෙදමව්පියන්ටත් ආච්චිලා සීයලාටත් ඒක තිබුණා. 6 00:00:17,373 --> 00:00:20,507 ඉතින් මට හිතුණා, මාත් දවසක දොස්තර කෙනෙක් ගාවට ගියාම 7 00:00:20,507 --> 00:00:22,729 ඔහු මගේ වෛද්ය පරීක්ෂණ බලලා කියන්න පුළුවන්, 8 00:00:22,729 --> 00:00:25,034 "රිකාඩෝ, තත්ත්වෙ එච්චර හොඳ නැහැ වගේ. 9 00:00:25,034 --> 00:00:27,773 ඔයාට ජීවත් වෙන්න තියෙන්නේ තව 6 මාසයක් නැතිනම් අවුරැද්දක් විතරයි." 10 00:00:27,773 --> 00:00:31,019 එතකොට තමන් හිතන්න පටන් ගන්නවා මේ ඉතිරි කාලයේදී කරන්නේ මොනවාද කියලා. 11 00:00:31,024 --> 00:00:33,814 තමන් කියනවා, "මම ළමයි එක්ක වැඩිපුර කාලය ගත කරනවා. 12 00:00:33,839 --> 00:00:35,283 මම මෙන්න මේ තැන් බලන්න යනවා. 13 00:00:35,283 --> 00:00:36,936 මම කඳු නගින්න යනවා. 14 00:00:36,936 --> 00:00:41,822 මට කරන්න වෙලා තිබුණේ නැති දේවල් ඔක්කොම මම කරනවා." 15 00:00:41,822 --> 00:00:43,639 නමුත්, අපි හැමෝම දන්නවා, 16 00:00:43,639 --> 00:00:46,623 මේවා මිශ්ර හැඟීම් සහිතව තැබෙන මතකයන් වන බව. 17 00:00:46,623 --> 00:00:47,946 ඒක කරන්න හරිම අමාරැයි. 18 00:00:47,946 --> 00:00:51,599 ඒ වෙලාවෙන් වැඩි කාලයක් තමන් හඬමින් ගත කරයි. 19 00:00:51,599 --> 00:00:53,966 ඉතින් මම කිව්වා මම ඊට වඩා වෙනස් දෙයක් කරනවා කියලා. 20 00:00:53,966 --> 00:00:58,555 සෑම සඳුඳා හා බ්රහස්පතින්දා දිනකම මම මගේ මාරාන්තික දවස් පාවිච්චි කරනවා. 21 00:00:58,555 --> 00:01:01,194 ඒ දවස්වල මම කරනවා, 22 00:01:01,194 --> 00:01:04,721 ඒ ප්රවෘත්තිය අැත්තටම මට ලැබුණා නම් මම කරන්න හිටපු දේවල්. 23 00:01:04,721 --> 00:01:06,874 (සිනහව) 24 00:01:06,874 --> 00:01:08,128 අපි හිතලා බැලුවම-- 25 00:01:08,128 --> 00:01:12,013 (අත්පොළසන්) 26 00:01:12,013 --> 00:01:14,770 අපි හිතලා බැලුවොත් වැඩකිරීමට ප්රතිවිරැද්ධ දේ ගැන, 27 00:01:14,770 --> 00:01:17,247 අපි හිතන්නේ ඒ විවේක කාලය කියලා. 28 00:01:17,247 --> 00:01:20,314 එතකොට තමන් කියනවා, මට විවේක කාලයක් අවශ්යයි වගේ දේවල්. 29 00:01:20,314 --> 00:01:23,661 ඒත්, ඇත්තටම විවේක කාලය කියන්නේ හරිම කාර්යබහුල දෙයක්. 30 00:01:23,661 --> 00:01:26,690 ඔබ යනවා ගොල්ෆ් හා ටෙනිස් ගහන්න, ඔබට වෙන අය හම්බ වෙනවා. 31 00:01:26,700 --> 00:01:29,540 ඔබ දවල් කෑමට එළියට යනවා, චිත්රපටිය බලන්න යන්න පරක්කු වෙනවා. 32 00:01:29,550 --> 00:01:31,410 ඒක හරිම කාරය බහුලයි. 33 00:01:31,410 --> 00:01:35,420 වැඩකිරීමට ප්රතිවරැද්ධ දේ අලසකමයි. 34 00:01:35,420 --> 00:01:37,945 ඒත් අපේ අලසකාලයේ කරන්න පුළුවන් දේ දන්නේ ටික දෙනයි. 35 00:01:37,945 --> 00:01:41,847 අපි අපේ ජීවිතය සාමාන්යයෙන් බෙදා ගන්නා ආකාරය බැලුවොතින්, 36 00:01:41,847 --> 00:01:46,321 තේරැම් යන්නේ, අපිට ගොඩක් සල්ලි තිබෙන කාලවලදී, 37 00:01:46,321 --> 00:01:48,358 අපිට කාලය ගොඩක් හිඟයි. 38 00:01:48,358 --> 00:01:53,585 අන්තිටම අපිට කාලය ලැබෙන කොට, සල්ලිත් නැහැ, අපේ සෞඛ්යයත් නැහැ. 39 00:01:53,585 --> 00:01:58,205 ඉතින් අපි සමාගමක් විදියට පසුගිය අවුරැදු 30 ක් තිස්සේ ඒ ගැන හිතුවා. 40 00:01:58,205 --> 00:02:01,376 මේක ඇවිල්ලා සංකීර්ණ සමාගමක්, සේවකයින් දහස් සංඛ්යාවක් වැඩ කරන, 41 00:02:01,376 --> 00:02:03,736 ඩොලර් මිලියන 100 ගණනක ව්යාපාර ඊට අඩංගුයි 42 00:02:03,736 --> 00:02:10,289 බ්රසීලයේ රොකට් ඉන්ධන පද්ධති සාදන, ATM යත්ත්ර 4000 ක් පමණ ක්රියා කරවන, 43 00:02:10,289 --> 00:02:13,646 හා දහස් ගණනකට ආදායම් බදු සකසන. 44 00:02:13,646 --> 00:02:17,048 ඉතින් මේක සරල ව්යාපාරයක් නෙමෙයි. 45 00:02:17,048 --> 00:02:19,166 අපි ඒක දිහා බලලා කිව්වා, 46 00:02:19,166 --> 00:02:24,254 මේකේ බලය මේ මිනිසුන්ටම දෙමු, අපි ඒගොල්ලන්ට දෙමු සමාගමක් 47 00:02:24,254 --> 00:02:26,634 නේවාසික පාසලක තිබෙන මේ අංගයන් ඒකෙන් කරලා 48 00:02:26,634 --> 00:02:29,023 ඒ කියන්නේ මේ වෙලාවට එන්න, මේ විදියට අඳින්න 49 00:02:29,023 --> 00:02:30,995 මෙහෙමයි රැස්වීම්වලට යන්නේ, මේවා කියන්න, 50 00:02:30,995 --> 00:02:31,996 මේවා කියන්න එපා, 51 00:02:31,996 --> 00:02:34,062 මේ දේවල් අයින් කරලා බලමු මොනවද ඉතිරි කියලා. 52 00:02:34,062 --> 00:02:36,002 ඉතින් අපි මේක පටන් ගත්තා වසර 30ට කලින් 53 00:02:36,242 --> 00:02:38,457 අපි මේ ප්රශ්නයටම විසඳුම් හෙව්වා. 54 00:02:38,767 --> 00:02:40,964 අපි කිව්වා බලන්න විශ්රාමය දිහා, 55 00:02:40,964 --> 00:02:44,106 අපේ ජීවිතය බෙදෙන ආකාරයේ ඇති ගැටළුව දිහා. 56 00:02:44,106 --> 00:02:46,571 අවුරැදු 82දී කඳු නඟින්නේ නැතුව 57 00:02:46,571 --> 00:02:48,967 ලබන සතියේ ඒක කළොත්? 58 00:02:48,967 --> 00:02:50,480 අපි ඒක මෙහෙම කරමු, 59 00:02:50,480 --> 00:02:53,864 අපි ඔබට ඔබේ බදාදා දවස් විකුණන්නම් වැටුපෙන් 10% මිලට. 60 00:02:54,894 --> 00:02:58,921 ඇත්තටම ඒක එහෙම නොවුණත්, හිතන්න ඔබ වයලින් වාදකයෙක් වෙන්න හිටියා කියලා 61 00:02:58,921 --> 00:03:01,278 ඒක ඔබ කරනවා මේ බදාදා දවසේ. 62 00:03:01,498 --> 00:03:03,117 ඉතින් අපි හොයාගත්ත දේවල්-- 63 00:03:03,117 --> 00:03:05,421 අපි හිතන් හිටියේ වයසින් වැඩි අය 64 00:03:05,421 --> 00:03:07,709 මේ සැලැස්ම ගැන වඩා උනන්දු වේවි කියලා. 65 00:03:07,709 --> 00:03:10,857 ඒත් මේකට මුලින්ම ආපු අයගේ සාමාන්ය වයස 66 00:03:10,857 --> 00:03:11,827 29 ක් වුණා. 67 00:03:11,827 --> 00:03:13,068 ඉතින් මේක බලලා, 68 00:03:13,068 --> 00:03:15,792 අපි කිව්වා වෙනස් විදියට වැඩ කරන්න ඕනෑ කියලා. 69 00:03:15,792 --> 00:03:17,183 ඉතින් අපි කියන්න ගත්තා, 70 00:03:17,963 --> 00:03:19,937 ඕගොල්ලෝ වැඩට ආපු වෙලාව අපි දැන ගන්න ඕනෑද? 71 00:03:19,937 --> 00:03:21,329 ගෙදර ගිය වෙලාව ඕනෑද? 72 00:03:21,329 --> 00:03:24,240 මේක හුවමාරැ කරගන්න බැරිද ගිවිසුමකට 73 00:03:24,240 --> 00:03:27,208 ඔබෙන් යම් කිසි දෙයක් මිලදී ගන්න? යම් කිසි කාර්යයක්? 74 00:03:27,208 --> 00:03:29,037 ඇයි අපි මේ මූලස්ථානයක් ගොඩනඟන්නේ? 75 00:03:29,037 --> 00:03:31,401 ඒක අහංකාරයට නෙවෙයිද කරන්නේ, අපි ශක්තිමත් හා 76 00:03:31,401 --> 00:03:33,462 විශාලයි හා වැදගත් කියා පෙන්වන්න? 77 00:03:33,462 --> 00:03:36,285 ඒත් ඒ නිසා ඔබව නගරය හරහා පැය 2ක් ගමන් කරවනවා. 78 00:03:36,995 --> 00:03:39,277 ඉතින් අපි එකින් එක ප්රශ්න කරා. 79 00:03:40,277 --> 00:03:41,890 අපි ඒවා මෙහෙම කිව්වා: 80 00:03:41,890 --> 00:03:44,023 එක: අපි ශ්රමය සොයන්නේ කොහොමද? 81 00:03:44,023 --> 00:03:47,765 අපි කට්ටිය සේවයට බඳව ගන්න ගිහින් කියනවා, 82 00:03:47,765 --> 00:03:49,167 මේ බලන්න, අපේ සේවයට බැඳුනොත්, 83 00:03:49,167 --> 00:03:50,977 අපි සම්මුඛ පරීක්ෂණ දෙක තුන පවත්වලා 84 00:03:50,977 --> 00:03:52,942 ඔබව අපට "විවාහ" කරගන්නේ නැහැ. 85 00:03:52,942 --> 00:03:54,608 අපි අපේ ජීවිතය ගෙවන්නේ එහෙම නෙවෙයි. 86 00:03:54,608 --> 00:03:58,001 ඉතින්, එන්න ඔබේ සම්මුඛ පරීක්ෂණ වලට. 87 00:03:58,001 --> 00:04:01,483 ඔබව හමුවීමට උනන්දුවක් තිබෙන අය ඒකට පැමිණේවි. 88 00:04:01,483 --> 00:04:05,380 එතැනදී මතුවන දැනීමෙන් අපි බලමු 89 00:04:05,380 --> 00:04:09,251 ඔබ ගැලපෙනවාද කියලා, නිකන් විස්තර ලියලා තෝර ගන්නවාට වඩා. 90 00:04:09,251 --> 00:04:11,107 ඊට පස්සේ ආපහු එන්න. 91 00:04:11,421 --> 00:04:14,437 වරැවක් හරි දවසක් හරි ගත කරලා කැමති කෙනෙක් එක්ක කථා කරන්න. 92 00:04:14,437 --> 00:04:17,518 අපි ඔබ හිතපු "මනාලිය"මයි කියලා නිසැකවම දැන ගන්න 93 00:04:17,518 --> 00:04:20,561 අපි අපේ දැන්වීම් වල පළ කරන විකාර නෙවෙයි කියලා ඉන් දැන ගන්න. 94 00:04:20,561 --> 00:04:22,322 (සිනහව) 95 00:04:22,322 --> 00:04:25,999 අපි හිමිහිට ඇරඹුවා මෙන්න මෙහෙම දේවල් කියන්න, 96 00:04:25,999 --> 00:04:29,231 අපිට අවශ්ය නැහැ කිසි කෙනෙක් ආයතනයේ නායකයෙක් වෙනවට 97 00:04:29,231 --> 00:04:31,411 ඔවුන් සම්මූඛ පරීක්ෂණයකින් අනුමැතිය ලබා නැතිනම් 98 00:04:31,411 --> 00:04:33,985 අනාගතයේදී තමන් යටතේ සිටින්නන්ගෙන්. 99 00:04:33,985 --> 00:04:39,774 සෑම හය මසකටම වරක්, සෑම කෙනෙකුගේම නායකත්වය නිර්නාමිකව ඇගයෙනවා. 100 00:04:39,774 --> 00:04:43,560 කෙනෙක් එම නායකත්ව ධූරයේ රැඳිය යුතුද කියලා ඉන් තීරණය කෙරෙනවා. 101 00:04:43,560 --> 00:04:46,486 ඒක අවස්ථානුකූල බව ඔබ දන්නවානේ. 102 00:04:46,486 --> 00:04:52,515 ඉතින් ඒගොල්ලන්ට ලකුණු සියයට 70 හෝ 80 නොලැබුණොත්, රැඳෙන්න බැහැ. 103 00:04:52,515 --> 00:04:56,101 ඒක නිසා වෙන්න ඇති මම අවුරැදු 10 න් ප්රධාන විධායක තනතුරේ ඉඳලා නැත්තේ. 104 00:04:56,170 --> 00:05:00,503 කාලයත් එක්ක අපි තව ප්රශ්න අහන්න ගත්තා. 105 00:05:00,503 --> 00:05:02,158 අපි මේ වගේ දේවල් කිව්වා, 106 00:05:02,158 --> 00:05:05,027 සේවකයින්ට තමන්ගේම වැටුප තීරණය කරන්න බැරිද? 107 00:05:05,027 --> 00:05:07,329 ඒක කරන්න නම් දැන ගන්න ඕන මොනවාද? 108 00:05:07,329 --> 00:05:09,014 ඒ සඳහා දේවල් 3ක් දැන ගත යුතුයි: 109 00:05:09,014 --> 00:05:11,372 ආයතනය තුල සිටින අයගේ වැටුප, 110 00:05:11,372 --> 00:05:14,263 ඊට සමාන පිට ව්යාපාරයක සේවය කරන්නන්ගේ වැටුප සහ 111 00:05:14,263 --> 00:05:17,600 ආයතනයේ සාමාන්ය ආදායම. ඒ අපට එය දරන්න පුළුවන්ද කියලා බලන්න. 112 00:05:17,620 --> 00:05:20,440 ඉතින් අපි සේවක පිරිසට මේ තොරතුරැ ලබා දුන්නා. 113 00:05:20,440 --> 00:05:22,400 අපි පටන් ගත්තා ආපන ශාලාවේ තියන්න, 114 00:05:22,400 --> 00:05:24,722 පරිගණකයක්. ඒක පාවිච්චි කරලා දැනගන්න පුළුවන් 115 00:05:24,722 --> 00:05:26,977 කෙනෙක්ගේ වියදම, කෙනෙක්ගේ වැටුප, 116 00:05:26,977 --> 00:05:29,206 වරප්රසාද ලෙස ලැබෙන ප්රමාණය, ආයතනයේ ආදායම, 117 00:05:29,206 --> 00:05:31,758 ලාභය වගේ දේවල්. 118 00:05:31,768 --> 00:05:33,656 මේ අවුරැදු 25 ට පෙර. 119 00:05:35,176 --> 00:05:38,152 මේ තොරතුරැ සේවක පිරිසට ලැබුණම, 120 00:05:38,162 --> 00:05:41,216 අපි කිව්වා අපිට ඕනැ නැහැ ඔබේ වියදම් වාර්තාව, 121 00:05:41,216 --> 00:05:43,457 අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ ගන්න නිවාඩු ප්රමාණය, 122 00:05:43,457 --> 00:05:45,487 අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ කොහෙද කියලා. 123 00:05:45,487 --> 00:05:48,572 අපිට එක කාලෙක තිබුණා නගරය වටා කාර්යාල 14 ක්, 124 00:05:48,572 --> 00:05:52,040 ඉතින් අපි කිව්වා ගෙදරට ළඟම කාර්යාලයට යන්න කියලා. 125 00:05:52,040 --> 00:05:54,648 නැතිනම් යන්න ඔබ එදා හමුවෙන පාරිභෝගිකයාට ළඟම කාර්යාලයට. 126 00:05:54,648 --> 00:05:56,427 ඔබ ඉන්නේ කොහෙද කියලා අපිට කියන්න එපා. 127 00:05:56,427 --> 00:06:00,731 ඒ වගේම අපේ සේවක පිරිස දහස් ගණනක්, 5000ක් වුණාමත්, 128 00:06:00,731 --> 00:06:03,984 අපේ මානව සම්පත් අංශයේ වැඩකරේ දෙන්නයි. 129 00:06:04,034 --> 00:06:06,492 වාසනාවට ඒ අයගෙනුත් එක් අයෙක් විශ්රාම ගිහින්. 130 00:06:06,492 --> 00:06:08,753 (සිනහව) 131 00:06:08,753 --> 00:06:12,348 ඉතින් අපි අහපු ප්රශන්ය තමයි, අපි මිනිසුන්ව බලා ගන්නේ කොහොමද? 132 00:06:12,348 --> 00:06:13,951 අපිට තිබෙන එකම දේ සේවක පිරිසයි. 133 00:06:13,951 --> 00:06:17,290 මිනිසුන් පස්සේ එලවගෙන ගිහින් ඒ අය බලාගන්න අංශයක් අපිට අවශ්ය නැහැ. 134 00:06:17,490 --> 00:06:23,256 අපි හොයාගත්තා මේක සාර්ථකයි කියලා, අපි කිව්වා අපි හොයනවා කියලා, 135 00:06:23,256 --> 00:06:25,939 ඇත්තටම, මම හිතන්නේ මම ප්රධානව සෙව්වේ මේක කියලා 136 00:06:25,939 --> 00:06:28,551 ඒ මාරාන්තික දවස් භාවිතා කරලා, සමාගම තුල. 137 00:06:28,551 --> 00:06:31,468 ඒක තමයි, අායතනය ප්රඥාව වෙනුවෙන් ගොඩනඟන්නේ කොහොමද කියලා. 138 00:06:31,468 --> 00:06:35,661 අපි පැවතෙන්නේ විප්ලවීය අවධියකින්, කාර්මික විප්ලවය, 139 00:06:35,671 --> 00:06:38,518 තොරතුරැ යුගය, දැනුමේ යුගය, 140 00:06:38,518 --> 00:06:40,900 එහෙත් අපි ප්රඥාවේ යුගයට එළැඹී නැහැ. 141 00:06:40,900 --> 00:06:44,717 අපි ප්රඥාව වැඩෙන ආකාරයට සැලසුම් හා සංවිධානය වන්නේ කෙසේද? 142 00:06:44,717 --> 00:06:46,340 නිදසුනක් ලෙස, බොහෝ විට, 143 00:06:46,340 --> 00:06:49,931 බුද්ධිමත්ම තීරණය පිළිගැනෙන්නේ නැහැ. 144 00:06:49,931 --> 00:06:52,784 ඉතින් අපි කිව්වා මේ වගේ දේවල්, 145 00:06:52,784 --> 00:06:56,256 අපි එකඟ වෙමු ඔබ සතියකට උපාංග 57 ක් ගණනේ විකුණනවා කියලා. 146 00:06:56,776 --> 00:07:00,152 බදාදා වෙද්දී ඒක කළොත් කරැණාකරලා මුහුදු වෙරළට යන්න. 147 00:07:00,752 --> 00:07:04,408 අපිට, නිෂ්පාදන හා ප්රායෝගික අංශයට ප්රශ්නයක් ඇති කරන්න එපා, 148 00:07:04,408 --> 00:07:07,007 එතකොට අපිට නව සමාගම්, තරඟකරැවන් මිලට ගන්න වෙනවා, 149 00:07:07,007 --> 00:07:09,557 ගොඩක් දේවල් කරන්න වෙනවා, ඔබ වැඩිපුර විකුණපු නිසා. 150 00:07:09,557 --> 00:07:12,606 ඒක නිසා මුහුදු වෙරළට ගිහින්, සඳුඳා ඉඳලා අාපහු වැඩ කරන්න. 151 00:07:12,606 --> 00:07:15,257 (සිනහව) (අත්පොළසන්) 152 00:07:15,257 --> 00:07:18,015 ඉතින් ක්රියාවලිය තමයි, ප්රඥාව හොයන එක. 153 00:07:18,245 --> 00:07:21,793 මේ ක්රියාවලියේදී අපිට අවශ්ය වුණා මිනිසුන් සියළු තොරතුරැ දැන ගෙන සිටීම, 154 00:07:21,793 --> 00:07:25,429 අපිට අවශ්ය වුණා ප්රජාතන්ත්රවාදී ලෙස සෑම දෙයක්ම කරන්න. 155 00:07:25,429 --> 00:07:31,285 ඉතින් ආයතනික මණ්ඩලයේ එකම ඡන්ද අයිතිය ඇති ආසන 2 ක් අපි විවෘත කළා, 156 00:07:31,285 --> 00:07:33,854 මුලින්ම ඒක ඉල්ලන දෙදෙනෙකුට. 157 00:07:33,854 --> 00:07:35,214 (සිනහව) 158 00:07:35,214 --> 00:07:40,012 සමාගම පිරිසිඳු කරන කාන්තාවන් අපේ මාණ්ඩලික රැස්වීම් වල ඡන්දය දුන්නා, 159 00:07:40,012 --> 00:07:42,815 ටයි කෝට් ඇඳපු තවත් වැදගත් අය සමඟම. 160 00:07:42,815 --> 00:07:46,055 ඇත්ත වශයෙන්ම ඒ නිසා අපේ අවංකත්වය සුරැකුණා. 161 00:07:46,928 --> 00:07:50,176 මෙහිදී අපේ අායතනයට එන අය දිහා බැලුවම 162 00:07:50,776 --> 00:07:52,179 අපි කිව්වා, තත්ත්පරයක් ඉන්න, 163 00:07:52,179 --> 00:07:55,074 කට්ටිය වැඩට ඇවිත් අපෙන් අහනවා, මම වාඩි වෙන්නේ කොහෙද? 164 00:07:55,074 --> 00:07:58,171 මම වැඩ කරන්නේ කොහොමද? අවුරැදු 5න් මම ඉන්නේ කොහෙද? 165 00:07:58,171 --> 00:08:00,813 ඒක දැකලා අපි කිව්වා මේ දේවල් කලින්ම ඇරඹිය යුතුයි කියලා. 166 00:08:00,823 --> 00:08:02,035 අපි පටන් ගන්නෙ කොතැනින්ද? 167 00:08:02,045 --> 00:08:04,464 අපි කිව්වා, පෙර පාසල ඒකට හොඳ තැනක් වේවි කියලා. 168 00:08:04,464 --> 00:08:09,038 ඉතින් අපි පිහුටෙව්වා පදනමක්. පසුගිය අවුරැදු 11 දී එහි තිබෙනවා පාසල් 3ක් 169 00:08:09,408 --> 00:08:11,850 මෙහිදී අපි අර ප්රශ්නම අසනවා. 170 00:08:11,850 --> 00:08:14,418 පාසලක් ප්රඥාව වෙනුවෙන් නිර්මාණය කරන්නේ කෙසේද? 171 00:08:14,748 --> 00:08:17,625 අපිට කියන්න පුළුවන් ගුරැවරැන් ප්රතිචක්රීකරණය කළ යුතුයි, 172 00:08:17,625 --> 00:08:19,927 අධ්යක්ෂකවරැ වැඩි දායකත්වයක් දිය යුතුයි කියලා. 173 00:08:19,927 --> 00:08:24,846 එහෙත් සත්යය තමයි අපේ අධ්යාපන ක්රමය සම්පූර්ණයෙන්ම යල් පැන ගිය එකක්. 174 00:08:24,846 --> 00:08:27,555 ගුරැවරයාගේ භූමිකාව යල් පැන ගිය එකක්. 175 00:08:27,555 --> 00:08:33,510 ගණන් වලින් ජීව විද්යාවටත් එතැනින් 14 වැනි සියවසේ ප්රංශය ගැන පංතියකට යෑම විකාරයක්. 176 00:08:33,510 --> 00:08:37,949 (අත්පොළසන්) 177 00:08:37,959 --> 00:08:40,506 ඉතින් අපි හිතුවා ඒක කෙසේ විය යුතුද කියලා. 178 00:08:40,506 --> 00:08:44,409 අපි එකට එකතු කළා කට්ටියක්, අධ්යාපනයට ලැදි අයත් සමඟම, 179 00:08:44,409 --> 00:08:48,721 පවුලෝ ෆ්රේරි වැනි අය හා බ්රසීලයේ අධ්යාපන ඇමතිවරැ දෙදෙනෙක්. 180 00:08:48,721 --> 00:08:52,357 අපි ඇහුවා, අලුතෙන්ම පාසලක් නිර්මාණය කරනවා නම්, 181 00:08:52,357 --> 00:08:53,834 ඒක කොයි වගේ වේවිද කියලා? 182 00:08:53,834 --> 00:08:57,255 ඉතින් අපි නිර්මාණය කළා ලූමියාර් යන නමින් හඳුන්වන පාසලක් 183 00:08:57,255 --> 00:08:59,730 ලූමියාර්, මින් එකක් රජයේ පාසලක්. 184 00:08:59,730 --> 00:09:01,670 ලූමියාර් පාසලේදී අපි මෙහෙම කියනවා, 185 00:09:01,670 --> 00:09:04,780 අපි ගුරැවරයාගේ භූමිකාව 2ට බෙදමු. 186 00:09:05,720 --> 00:09:08,000 ඉන් එක්කෙනෙක් හඳුන්වනවා උපදේශක(tutor) යනුවෙන්. 187 00:09:08,000 --> 00:09:12,812 ඒ "පයිෙඩයා" යන පැරණි ග්රීක භූමිකාවට සමාන වූ උපදේශක: එනම්, දරුවා බලා ගන්න. 188 00:09:12,812 --> 00:09:16,910 ඒ කිව්වේ, ගෙදරදී වෙන්නේ මොනවාද? මේ මොහොතේදී කොහොමද වැනි දේ. 189 00:09:16,910 --> 00:09:18,313 ඒත් කරැණාකරලා උගන්වන්න එපා. 190 00:09:18,313 --> 00:09:21,390 ඒ මොකද ගූගල් වලට සාපේක්ෂව ඔබ දන්නා සුළු දේ අපට දැනගන්න ඕනෑ නැහැ. 191 00:09:21,390 --> 00:09:23,327 ඒක ඔබම තියාගන්න. 192 00:09:23,327 --> 00:09:24,200 (සිනහව) 193 00:09:24,200 --> 00:09:27,367 මෙතැනට අපි ගේනවා දේවල් දෙකක් තිබෙන අය: 194 00:09:27,367 --> 00:09:32,033 එනම්, දැඩි උනන්දුව හා ප්රවීණතාවය. එය ඔවුන්ගේ වෘත්තිය වීමට හෝ නොවීමට පුළුවන්. 195 00:09:32,033 --> 00:09:34,359 අපි භාවිතා කරනවා ජේ්යෂ්ඨ පුරවැසියන්ව, 196 00:09:34,359 --> 00:09:38,684 අන් අය නොසොයන, ප්රඥාව සහිත සමාජයේ 25% ක පිරිස ඒ අයයි. 197 00:09:38,684 --> 00:09:41,975 අපි ඒ අය පාසලට ගෙන්වලා කියනවා, 198 00:09:41,975 --> 00:09:44,839 මේ දරුවන්ට ඔබ සැබවින්ම විශ්වාස කරන දේ උගන්වන්න කියලා. 199 00:09:44,839 --> 00:09:47,709 ඉතින් අපිට ඉන්නවා ගණිතය උගන්වන වයලින් වාදකයෝ. 200 00:09:47,709 --> 00:09:50,675 අපි සමහර වෙලාවට කියනවා, 201 00:09:50,675 --> 00:09:53,199 පාඨමාලාවේ අන්තර්ගතය ගැන වධ වෙන්න එපා කියලා. 202 00:09:53,199 --> 00:09:58,354 අපට 2 සිට 17 දක්වා දිවෙන විශිෂ්ට තේමාවන් 10 ක් තිබෙනවා. 203 00:09:58,354 --> 00:10:02,458 මනුෂ්යයින් ලෙස අපි මිනුම් කරන්නේ කෙසේද වගේ දේවල්. 204 00:10:02,468 --> 00:10:05,185 ගණිතය හා භෞතික විද්යාව වගේ දේවල් වලට එහිදී ඉඩ ලැබෙනවා. 205 00:10:06,475 --> 00:10:08,154 අපි අදහස් ප්රකාශ කරන්නේ කොහොමද? 206 00:10:08,154 --> 00:10:10,166 එතැනදී ඉඩ ලැබෙනවා සංගීතය, සාහිත්යය වගේ දේට 207 00:10:10,166 --> 00:10:12,243 ඒ වගේම ව්යාකරණ ඉගෙනීමටත්. 208 00:10:12,243 --> 00:10:14,907 හැම දෙනාටම අමතක වූ දේ පවා එහි අන්තර්ගතයි. 209 00:10:14,907 --> 00:10:17,011 ඒත ඒ දේ ජීවිතයේ වැදගත්ම දේ විය හැකියි. 210 00:10:17,011 --> 00:10:20,916 අපි කිසිදෙයක් නොදත් එහෙත් ජීවිතයේ වැදගත්ම දේවල්. 211 00:10:20,916 --> 00:10:23,014 අපි ආදරය ගැන කිසි දෙයක් දන්නේ නැහැ, 212 00:10:23,014 --> 00:10:25,366 මරණය ගැන දන්නෙත් නැහැ, 213 00:10:25,366 --> 00:10:28,067 අපේ පැවැත්මට හේතුව දන්නෙත් නැහැ. 214 00:10:28,067 --> 00:10:32,252 ඉතින් අපට පාසලේදී තේමාවක් අවශ්යයි අපි නොදන්න සියලු දේ ගැන කථා කරන්න. 215 00:10:32,252 --> 00:10:34,457 එය අපි ඉටු කරන දේවල් වල විශාල කොටසක්. 216 00:10:34,457 --> 00:10:40,177 (අත්පොළසන්) 217 00:10:40,177 --> 00:10:43,089 කාලය ගතවෙත්ම අපි තවත් දේවල් කරා, 218 00:10:43,089 --> 00:10:45,031 අපි ඇහුවා, අැයි අපි ළමයින්ට බණින්නේ, 219 00:10:45,031 --> 00:10:47,823 ඉඳගන්න, මෙහෙ එන්න, අරක කරන්න වගේ දේවල් කියන්නේ ඇයි. 220 00:10:47,823 --> 00:10:50,738 අපි කිව්වා අපි කවය යැයි හඳුන්වන දෙයක් දරැවන් ලවා කරවමු කියලා. 221 00:10:50,738 --> 00:10:52,129 එය සතියකට වරක් රැස් වෙනවා. 222 00:10:52,129 --> 00:10:54,994 අපි කියනවා, ඕගොල්ලොම නීති සකසන්න, 223 00:10:54,994 --> 00:10:57,276 ඊට පසු තීරණය කරන්න ඒවායින් කරන්නේ මොනවාද කියලා. 224 00:10:57,276 --> 00:10:59,234 ඉතින් ඔළුවට ගහගත්තට කමක් නැද්ද? 225 00:10:59,234 --> 00:11:02,507 ඔව්, සතියක් කරලා බලන්න. 226 00:11:02,507 --> 00:11:05,101 ඒගොල්ලොත් අපි දාපු නීති ටිකම තෝර ගත්තා. 227 00:11:05,441 --> 00:11:06,802 වෙනස ඒක ඒ අයගේ තීරණය වීම. 228 00:11:06,802 --> 00:11:08,900 ඒ වගේම ඒ අයට බලය තිබෙනවා, 229 00:11:08,900 --> 00:11:12,568 ඒ කියන්නේ ඒ අයට පුළුවන් ළමුන් පාසලෙන් තාවකාලිකවත් ස්ථිරවත් ඉවත් කරන්න. 230 00:11:13,988 --> 00:11:18,735 අපි පාසල් සෙල්ලමක් කරනවා නෙවෙයි, ඇත්තටම ඒ අය ඒ තීරණ ගන්නවා. 231 00:11:19,455 --> 00:11:22,100 ඉතින් මේ විදිහටම 232 00:11:22,800 --> 00:11:25,620 අපි තියා ගන්නවා විවිධ කොටස් වලින් සැදුණු ඩිජිටල් සැලැස්මක්. 233 00:11:25,620 --> 00:11:28,952 ඒ ෙම්ක අභිනිර්මාණවාදය හෝ මොන්ටිසෝරි ක්රමය නොවන නිසා. 234 00:11:28,952 --> 00:11:32,028 එය අපි බ්රසීලියානු විෂයමාලාව 235 00:11:32,028 --> 00:11:34,643 ටයිල් කැට 600 න් සැදි විචිත්රයක් ලෙස තැබීමක්. 236 00:11:34,643 --> 00:11:38,058 වයස 17 වන විට ළමුන්ට ඒ සියල්ලම හඳුන්වා දීලා. 237 00:11:38,058 --> 00:11:40,769 මේ විදියට අපි හැම තිස්සේම දන්නවා ඒ අයගේ තත්ත්වය. 238 00:11:40,769 --> 00:11:44,180 ඉතින් අපි කියනවා, ඔබට දැන් මේ ගැන උනන්දුවක් නැහැ. අවුරැද්දකට පස්සේ බලමු. 239 00:11:44,560 --> 00:11:48,905 ළමුන් ඉන්නේ වයස අනුව බෙදුණු කණ්ඩායම් වල නෙවෙයි. 240 00:11:48,905 --> 00:11:52,720 ඒ කිව්වේ යමකට සූදානම් වූ 6 හැවිරිදි ළමයෙක් 11 හැවිරිදි දරැවෙක් සමඟ එකට ඉඳීවි, 241 00:11:52,720 --> 00:11:55,243 මෙයින් කණ්ඩායම් හා කල්ලි ඉවත් වෙනවා, 242 00:11:55,243 --> 00:11:58,994 ඒ වගේම සාමාන්යයෙන් පාසල් වල තිබෙන එවැනි අනිත් දේවල් ද ඉවත් වෙනවා. 243 00:11:58,994 --> 00:12:01,693 ඒ අයට තිබෙනවා බිංදුවේ සිට සියය දක්වා ලකුණු පද්ධතියක්. 244 00:12:01,693 --> 00:12:04,977 ලකුණු දැමීම ඒ අයම සෑම පැය 2ට වරක්ම ඇප් එකක් මාර්ගයෙන් කරගන්නවා, 245 00:12:04,977 --> 00:12:09,929 එම ගැටළුව සම්බන්ධයෙන් ඔවුන් සියයට 37ක සමර්ථයක් ලැබී ඇති බව අපි දැනගන්න තෙක්. 246 00:12:09,929 --> 00:12:14,525 එතකොට ඒ අයට යන්න දෙන්න පුළුවන් ඒ ගැන ප්රමාණවත් දෙයක් ඉගෙන ගත්තට පස්සේ. 247 00:12:14,525 --> 00:12:20,106 පාඨමාලාවන් තමයි ලෝක කුසලාන පාපන්දු හෝ බයිසිකලයක් තැනීම 248 00:12:20,106 --> 00:12:24,046 බයිසිකලයක් තැනීමේ දින 45 ක පාඨමාලාවකට කට්ටිය බැඳෙනවා 249 00:12:24,046 --> 00:12:28,667 පයි වල අගය 3.1416 කියලා නොදැන බයිසිකලයක් හදන්න බලන්නකෝ. 250 00:12:28,667 --> 00:12:30,694 ඒක කරන්න බැහැ. 251 00:12:30,694 --> 00:12:34,646 එලෙසම උත්සාහ කරන්නකෝ 3.1416 කුමකට හෝ භාව්තා කරන්න. 252 00:12:35,470 --> 00:12:36,942 එහෙම දැන් දන්නේ නැහැ. 253 00:12:36,942 --> 00:12:39,312 ඒක නැතිවෙලා. ඉතින් අපි එතැන කරන්න උත්සාහ කරන්නේ, 254 00:12:39,312 --> 00:12:41,446 ඒ පාසල තුලින් ප්රඥාව සෙවීමට. 255 00:12:41,446 --> 00:12:46,288 ඉතින් ඉන් නැවත මේ ප්රස්තාරය වෙතටත් අපේ ජීවිතය ගැන මේ ව්යප්තිය වෙතටත් එනවා. 256 00:12:46,888 --> 00:12:49,425 මම හිතන හැටියට මම ගොඩක් සල්ලි හම්බ කරලා තියෙනවා. 257 00:12:49,425 --> 00:12:53,793 දැන් ආපසු දීමට කාලය හරි කියලා අපි හිතලා කියන කොට 258 00:12:53,793 --> 00:12:56,983 ඔබ ආපසු දෙනවා කියන්නේ ඔබ වැඩිපුර ගත්තා කියන එකයි. 259 00:12:56,983 --> 00:13:05,466 (සිනහව) (අත්පොළසන්) 260 00:13:05,466 --> 00:13:08,299 මට හිතෙනවා වොරන් බෆට් දවසක උදේ නැඟිටලා 261 00:13:08,299 --> 00:13:11,119 දැනගන්නවා හිතුවාට වඩා ඩොලර් බිලියන 30ක් එයාට තියෙනවා කියලා. 262 00:13:11,119 --> 00:13:13,341 එයා ඒක බලලා අහනවා, මොකක්ද මම මේකට කරන්නේ? 263 00:13:13,341 --> 00:13:15,957 එයා කියනවා මම මේක ඇත්තටම අවශ්ය කෙනෙකුට දෙනවා කියලා. 264 00:13:15,957 --> 00:13:20,089 මම මේක බිල් ගේට්ස්ට දෙනවා. (සිනහව) 265 00:13:20,089 --> 00:13:23,515 ඉතින් නිව් යෝර්ක් වල ඉන්න මගේ මූල්ය උපදේශකරැ, 266 00:13:23,515 --> 00:13:25,559 එයා කියනවා, බලන්න, ඔයා පිස්සු මිනිහෙක් 267 00:13:25,559 --> 00:13:28,601 ඒ මොකද ඔයාට මේ වෙනකොට 4.1 ගුණයක් වැඩි සල්ලි තියෙන්න තිබුණා 268 00:13:28,601 --> 00:13:32,155 ඔයා ඒක එවෙලේම බෙදා ගන්නේ නැතුව සල්ලි වලින් සල්ලි හොයා ගත්තා නම්. 269 00:13:32,655 --> 00:13:35,428 ඒත් මම වඩා කැමති එවේලෙම බෙදා ගන්න. 270 00:13:35,428 --> 00:13:37,900 (අත්පොළසන්) 271 00:13:37,900 --> 00:13:41,726 මම කාලයක් MIT හි MBA පාඨමාලා ඉගැන්වූවා. 272 00:13:41,726 --> 00:13:44,571 එවිට මම දවසක් නතර වුණා මවුන්ට් ඕබන් ෙසාහොන් පිටියේදී. 273 00:13:44,571 --> 00:13:46,524 ඒක කේම්බ්රිජ්වල ලස්සන සොහොන් පිටියක්. 274 00:13:46,524 --> 00:13:49,631 ඉතින් මම ඒකේ ඇවිද්දා. එදා මගේ උපන්දිනය නිසා මම කල්පනාවේ හටියේ. 275 00:13:49,631 --> 00:13:51,838 පළවෙනි පාරට ඇවිදින කොට මම දැක්කා සොහොන් ගල් 276 00:13:51,838 --> 00:13:54,659 විශිෂ්ට දේවල් කරපු අපූරැ පුද්ගලයින් මම ඒවායේ දුටුවා. 277 00:13:54,659 --> 00:13:58,907 මාව සිහිපත් කළ යුත්තේ කුමක් සඳහාද කියා මම කල්පනා කරා. 278 00:13:58,907 --> 00:14:00,709 මම තව පාරක් එහි ඇවිද්දා. 279 00:14:00,709 --> 00:14:02,525 ඒ පාර මට තව ප්රශ්නයක් මතු වුණා, 280 00:14:02,525 --> 00:14:04,932 මට වඩා ගැලපෙන එකක්, ඒක තමයි 281 00:14:05,372 --> 00:14:08,049 සිහිපත් කිරීමක් මට අවශ්යයමද? 282 00:14:08,049 --> 00:14:09,959 (සිනහව) 283 00:14:09,959 --> 00:14:12,884 මම හිතනවා ඒ ප්රශ්නය මාව වෙනමම තැනකට ගෙනිච්චා කියලා. 284 00:14:12,884 --> 00:14:17,010 මට අවුරැදු 50 දී, මගේ බිරිඳ ෆනැන්ඩා හා මම මුළු දවල් වරැවක් තිස්සේම ඉඳගෙන, 285 00:14:17,010 --> 00:14:19,034 ගින්දර එක්ක ලොකු වලක් අපිට තිබුණා, 286 00:14:19,034 --> 00:14:22,613 මම මෙතෙක් කරපු සෑම දෙයක්ම මම ඒ ගින්නට විසිකරා. 287 00:14:22,893 --> 00:14:25,378 එතැන තිබුණා භාෂා 38 ට පරිවර්තනය වුණු පොතක්, 288 00:14:25,378 --> 00:14:28,592 ලිපි සිය ගණනක්, DVD ආදි මේ සියලුම දේ. 289 00:14:28,962 --> 00:14:30,479 එයින් දේවල් දෙකක් සිදු වුණා. 290 00:14:30,479 --> 00:14:35,471 පළමුව අපේ දරැවන් 5 දෙනා අපේ අඩි පාරේ, අපේ සෙවණැල්ලේ සිටින්නට වීමෙන් නිදහස් වුණා. 291 00:14:35,471 --> 00:14:37,842 ඒගොල්ලෝ දන්නේ නැහැ මම මොනවාද කරන්නේ කියලා. 292 00:14:37,842 --> 00:14:38,670 (සිනහව) 293 00:14:38,670 --> 00:14:40,108 එහෙම හොඳයි. 294 00:14:40,108 --> 00:14:41,809 මම ඒගොල්ලන්ව කොහාට හෝ ගෙනිහින් 295 00:14:41,809 --> 00:14:44,186 කියන්නේ නැහැ, දවසක මේ හැමදේම ඕගොල්ලන්ගේ කියලා. 296 00:14:44,186 --> 00:14:45,474 (සිනහව) 297 00:14:45,474 --> 00:14:48,042 දරැවෝ 5 දෙනා කිසි දෙයක් දන්නේ නැහැ. ඒක හොඳයි. 298 00:14:49,042 --> 00:14:50,644 දෙවැන්න තමයි, 299 00:14:50,644 --> 00:14:55,696 අතීත ජයග්රහණ නම් මේ නැංගුරමෙන් මම නිදහස් වුණා. 300 00:14:55,696 --> 00:15:00,422 මට නිදහස තිබෙනවා සෑම විටම අලුත් දෙයක් අරඹලා මුල සිට තීරණ ගන්න 301 00:15:00,422 --> 00:15:02,201 ඒ මාරාන්තික දවස් වලදී. 302 00:15:02,201 --> 00:15:03,512 සමහර අය කියාවි, 303 00:15:03,512 --> 00:15:06,053 ආහ්, ඔබට දැන් මේ කාලය තිබෙනවා, මේ මාරාන්තික දවස්, 304 00:15:06,053 --> 00:15:07,644 ඉතින් ඔබ ගිහින් හැම දෙයක්ම කරනවා. 305 00:15:07,644 --> 00:15:09,800 නැහැ, අපි මුහුදු වෙරළවල් වලට ගියා, 306 00:15:09,820 --> 00:15:12,533 අපි ගියා සමෝවා හා මාලදිවයිනට හා මොසැම්බික්වලට, 307 00:15:12,533 --> 00:15:13,583 ඉතින් ඒක හරි. 308 00:15:14,153 --> 00:15:16,602 මම හිමාලයේ කඳු නැඟලා තිබෙනවා. 309 00:15:16,602 --> 00:15:20,009 මම හැමර්හෙඩ් මෝරැ බලන්න 60 m යට කිමිදිලා තිබෙනවා. 310 00:15:20,009 --> 00:15:24,678 මම චැඩ් සිට ටිම්බක්ටු දක්වා දින 59 ක් පුරා ඔටුවේක් පිට ගියා. 311 00:15:24,908 --> 00:15:28,529 මම සුනඛ හිමායනයකින් උත්තර ධ්රැවයට ගියා. 312 00:15:28,869 --> 00:15:30,512 ඉතින් අපි කාර්යබහුලව සිටියා. 313 00:15:30,592 --> 00:15:36,725 ඒකට මම කියන්නේ මගේ හිස්වූ පනිට්ටු ලැයිස්තුව කියලයි. 314 00:15:36,725 --> 00:15:37,494 (සිනහව) 315 00:15:37,494 --> 00:15:42,922 මේ සංකල්පය තුලින් මේ දින දිහා බලලා මම කල්පනා කරනවා, 316 00:15:43,242 --> 00:15:46,057 මම විශ්රාමික නැහැ. මම විශ්රාමිකයි කියලා දැනෙන්නේම නැහැ. 317 00:15:46,057 --> 00:15:47,832 ඉතින් මම අලුත් පොතක් රචනා කරනවා. 318 00:15:47,832 --> 00:15:51,289 අපි පසුගිය වසර දෙක තුල සමාගම් තුනක් ඇරඹුවා. 319 00:15:51,289 --> 00:15:57,028 මම දැන් වැඩ කරන්නේ මේ නව පාසල් පද්ධතිය නොමිලයේ ලෝකයට දෙන්නයි. 320 00:15:57,028 --> 00:16:00,611 ඒත් පුදුමයකට කිසිකෙනෙක් ඒක නොමිලයේ භාරගන්න ලෑස්ති නැහැ. 321 00:16:00,611 --> 00:16:02,025 ඉතින් මම අවුරැදු 10ක්ම බැලුවා 322 00:16:02,025 --> 00:16:05,286 මේ පාසල් සංකල්පය පොදු පද්ධතිය තුලට ඇතුළු කිරීමට 323 00:16:05,416 --> 00:16:07,103 අපට තිබෙන පොදු පාසල් 324 00:16:07,103 --> 00:16:12,935 ඒවායේ ලකුණු, ඒවායේ ශ්රේණිය 100 න් 43 වෙනුවට 325 00:16:12,935 --> 00:16:15,012 100 න් 91 ක් පවතින නිසා. 326 00:16:15,755 --> 00:16:17,842 ඒත් නොමිලයේ කවුරැත් ඒක භාරගන්න ලෑස්ති නැහැ. 327 00:16:17,842 --> 00:16:20,992 ඒ නිසා සමහරවිට අපි ඒකට අය කළොත් එය සාර්ථක වීමට ඉඩක් ඇති. 328 00:16:20,992 --> 00:16:24,872 ඒත් අපිට කරන්න අවශ්ය දෙයක් තමයි මේක ලෝකයට දෙන එක. 329 00:16:24,892 --> 00:16:28,353 ඉතින් මෙයින් පණිවිඩයක් ලෙස ඔබට ලැබන දේ, 330 00:16:28,363 --> 00:16:29,963 ඒක ටිකක් මේ වගේ: 331 00:16:29,963 --> 00:16:32,465 අපි හැමෝම ඉගෙන ගෙන තිබෙනවා ඉරිදා රෑ ගිහින් 332 00:16:32,465 --> 00:16:35,086 ඊ-මේල් යැවීමටයි නිවසේ සිට වැඩ කිරීමටයි. 333 00:16:35,086 --> 00:16:37,281 ඒත් අපි ටික දෙනෙක් තමයි ඉගෙනගෙන තිබෙන්නේ 334 00:16:37,291 --> 00:16:40,420 සඳුඳා දවල්ට චිත්රපටියක් බලන්න යන්නේ කොහොමද කියලා. 335 00:16:40,420 --> 00:16:44,158 අපි ප්රඥාව සොයනවා නම්, අපි ඒක කරන්නත් ඉගෙන ගන්න ඕන. 336 00:16:44,158 --> 00:16:47,994 ඉතින් අපි මේ අවුරැදු ගණනාවක් තිස්සේම කරපු දේ සරලයි, 337 00:16:48,064 --> 00:16:51,346 පිට පිට තෙවරක් ඇයි යුනුෙවන් විමසීමේ කුඩා ෙමවලම භාවිතා කිරීමයි ඒ. 338 00:16:51,346 --> 00:16:54,237 පළමු ඇයි ප්රශ්නයට හොඳ පිළිතුරැ තිබෙනවා. 339 00:16:54,237 --> 00:16:56,500 දෙවැනි ඇයි ප්රශ්නයේ සිට ඒක සංකීර්ණ වෙනවා. 340 00:16:56,510 --> 00:17:00,123 තෙවැනියට අැයි කියා අසද්දී, අපි දන්නේ නැහැ අපි කරන දේ කරන්නේ ඇයි කියා. 341 00:17:00,123 --> 00:17:06,238 මට අවශ්ය ඔබට බීජය දෙන්න, අදහස දෙන්න, මෙය සිදු කළොත්, 342 00:17:06,238 --> 00:17:08,517 ඔබ එනවා කුමකටද යන ප්රශ්නයට. 343 00:17:09,397 --> 00:17:11,064 මම මේක කරන්නේ කුමකටද? 344 00:17:11,064 --> 00:17:13,879 ඉතින්, මේ හේතුවෙන්, කාලයක් ගත වුණාම 345 00:17:13,879 --> 00:17:17,529 මම බලාපොරොත්තු වෙනවා, සහ ඔබට ප්රාර්ථනා කරනවා, 346 00:17:17,529 --> 00:17:19,488 ඔබට වඩා ප්රඥාවන්ත අනාගතයක් ලැබේවා කියලා. 347 00:17:19,488 --> 00:17:21,067 ඔබට ගොඩක් ස්තූතියි. 348 00:17:21,067 --> 00:17:29,942 (අත්පොළසන්) 349 00:17:34,262 --> 00:17:39,311 ක්රිස් අැන්ඩර්සන්: ඉතින් රිකාර්ඩෝ, ඔබට ටිකක් පිස්සු. 350 00:17:39,311 --> 00:17:40,911 (සිනහව) 351 00:17:40,911 --> 00:17:43,393 බොහෝ දෙනෙක්ට මේක පිස්සු කියලා හිතේවි. 352 00:17:43,803 --> 00:17:47,331 ඒත් එහි ගැඹුරැ ප්රඥාවක් තිබෙනවා. 353 00:17:47,331 --> 00:17:50,060 මම ගලපගන්න හදන කොටස් මෙවායි: 354 00:17:50,060 --> 00:17:52,887 ඔබේ අදහස් විප්ලවීයයි. 355 00:17:52,887 --> 00:17:57,677 නිදසුනක් ලෙස, ව්යාපාරයක මේ අදහස් කලක් තිස්සේ පැවතියත් 356 00:17:58,537 --> 00:18:01,329 සමහරවිට ඉන් කොටසක් යෙදවූ ව්යාපාර ප්රතිශතය 357 00:18:01,329 --> 00:18:03,293 තවම පහත් අගයක පවතින්නේ. 358 00:18:03,853 --> 00:18:06,030 ඔබ දැක තිබෙනවාද අවස්ථා ඇතැම් විශාල සමාගම් 359 00:18:06,050 --> 00:18:09,374 ඔබේ යම් අදහසක් ක්රියාත්මක කළ ආකාරය ගැන ඔබ සතුටු වුණු, 360 00:18:09,374 --> 00:18:11,818 රිකාඩෝ සෙම්ලර්: ඒක සිද්ධ වෙනවා. මීට දෙසතියකට කලින් එෙහම වුණා 361 00:18:11,818 --> 00:18:14,464 රිචඩ් බ්රැන්සන් එයාගේ පිරිසට පැවසුවා, 362 00:18:14,464 --> 00:18:17,144 මට තව දුරටත් ඕගොල්ලන්ගේ නිවාඩු දවස් පාලනය කරන්න ඕනැ නැහැ, 363 00:18:17,144 --> 00:18:19,106 නෙට්ෆ්ලික්ස් සමාගමත් ටිකක් අනුගමනය කරනවා 364 00:18:19,438 --> 00:18:21,666 ඒත් ඒක එතරම් වැදගත් කියලා මම හිතන්නේ නැහැ. 365 00:18:21,666 --> 00:18:25,865 මම ආසයි ඒක තරමක් ධර්මදූත උද්යෝගයකින් වෙනවා දකින්න, 366 00:18:25,865 --> 00:18:27,433 ඒත් ඒක පෞද්ගලික අාශාවක්. 367 00:18:27,433 --> 00:18:31,331 ඒත් සත්යය තමයි පාලනය ගිලිහීම පිළිබඳ දැඩි විශ්වාසයක් එයට අවශ්ය වීම. 368 00:18:31,561 --> 00:18:34,883 පාලනය අතේ ඇති බොහෝ දෙනෙක් විශ්වාසය පදනම් පිම්මවල් පනින්න ලෑස්ති නෑ. 369 00:18:34,883 --> 00:18:37,479 ඒක සිදුවිය යුත්තේ ළමුන්ගෙන් සහ අනෙක් පුද්ගලයින්ගෙන් 370 00:18:37,479 --> 00:18:39,358 වෙනස් විදියට සමාගම් අරඹන. 371 00:18:39,358 --> 00:18:40,906 ක්රි.ඇ: ඉතින් ඒකද වැදගත්ම දේ? 372 00:18:40,906 --> 00:18:42,667 ඔබ දකින විදිහට සාක්ෂි තිබෙනවා, 373 00:18:42,667 --> 00:18:44,771 ව්යාපාරික වශයෙන් මේක සාර්ථකයි 374 00:18:44,771 --> 00:18:47,602 ඒත් මිනිසුන්ට ධෛර්යය නැහැ ඒක කරන්න. 375 00:18:47,602 --> 00:18:49,317 රි.ෙස: ඔවුන්ට ඊට පෙළඹවීමක්වත් නැහැ. 376 00:18:49,317 --> 00:18:53,283 ඔබ සමාගමක් දුවනවා දින 90 ක නියෝගපත්රයක් මත. 377 00:18:53,283 --> 00:18:54,781 ඊට කාර්තුවක වාර්තාවක් අවශ්යයි. 378 00:18:54,781 --> 00:18:56,884 ඔබ දින 90න් සාරථක නැතිනම් එළියට විසිවෙනවා. 379 00:18:56,884 --> 00:19:00,664 ඉතින් ඔබ කියනවා, "මෙන්න විශිෂ්ට වැඩසටහනක් පරම්පරා එකකට අඩුවෙන්---" 380 00:19:00,664 --> 00:19:02,754 ඒ පුද්ගලයා කියනවා, "යනවා යන්න මෙතැනින්" 381 00:19:02,754 --> 00:19:04,526 ඉතින් මේක තමයි ගැටළුව. 382 00:19:04,526 --> 00:19:07,631 (සිනහව) 383 00:19:08,881 --> 00:19:12,595 ක්රි.ඇ: ඔබ අධ්යාපනයට කරන්න හදන දේ සෑහෙන ගැඹුරැ බවයි පේන්නේ, 384 00:19:12,595 --> 00:19:17,747 සෑම කෙනෙක්ම තමන්ගේ රටේ අධ්යාපන ක්රමය ගැන අසතුටින්. 385 00:19:17,747 --> 00:19:19,963 කවුරැත් සිතන්නේ නැහැ එය තවම ඇවිත් කියලා ලෝකයකට 386 00:19:19,963 --> 00:19:22,758 ගූගල් සහ අනෙකුත් තාක්ෂණ පවතින. 387 00:19:22,928 --> 00:19:26,263 ඉතින් ඔබට සැබෑ සාක්ෂි තිබෙනවා මෙතෙක් ඔබේ පද්ධතිය හරහා යන ළමුන්, 388 00:19:26,263 --> 00:19:28,758 ඔවුන්ගේ හැකියාවේ විස්මයජනක වර්ධනයක් තිබෙනවා. 389 00:19:29,358 --> 00:19:31,929 මේ අදහස් ඉදිරියට ගෙනයන්න අපි කොහොමද ඔබට උදව් කරන්නේ? 390 00:19:32,479 --> 00:19:36,124 රි.සෙ: මම හිතන්නේ මේක යල්පැන ගිය අදහස්වල ප්රශ්නයක්. 391 00:19:36,124 --> 00:19:40,291 ඒවගේම මම කවදාවත් මේ දේවල් පතුරන්න ගියේ නැහැ. 392 00:19:40,291 --> 00:19:41,882 අපි ඒක එළියට දානවා. 393 00:19:41,882 --> 00:19:43,419 එකවරම පුද්ගලයින් හමුවෙනවා-- 394 00:19:43,419 --> 00:19:45,674 ජපානයේ කණ්ඩායමක් සිටිනවා, මට ඒ ගැන බයත් හිතෙනවා, 395 00:19:45,674 --> 00:19:49,186 එගොල්ලන්ට කියන්නේ සෙම්ලරිස්ට්ස්ලා කියලා, ඒ අයට සමාගම් 120 ක් තිබෙනවා. 396 00:19:49,656 --> 00:19:52,322 ඒ අය මට ආරාධනා කරලා තිබෙනවා. ඒත් එහි යන්න මම භය වුණා. 397 00:19:53,892 --> 00:19:58,169 ඕලන්දයේත් කුඩා ඕලන්ද සමාගම් 600ක් සමඟ සිටිනවා කණ්ඩායමක්. 398 00:19:58,519 --> 00:20:01,103 ඒක තනිවම වර්ධනය වන දෙයක්. 399 00:20:01,103 --> 00:20:03,666 එහි සමහර දේවල් වරදින්න පුළුවන්, ඒකට කමක් නැහැ. 400 00:20:03,666 --> 00:20:05,955 මේක ඊට අයිති තැන සොයා ගනීවි. 401 00:20:05,955 --> 00:20:08,554 ඒවගේම මම බය අනික් දේ තමයි මේ විදියට කියන එක, 402 00:20:08,554 --> 00:20:10,535 මේක සෑහෙන හොඳ නිසා ඒක කරන්නම ඕනෑ. 403 00:20:10,535 --> 00:20:12,816 අපි පද්ධතියක් පටන් අරගෙන ඊට ගොඩක් ම්ුදල් යොදවමු 404 00:20:12,816 --> 00:20:14,660 එතකොට කොහොම හරි කට්ටිය ඒක කරයි. 405 00:20:15,510 --> 00:20:18,524 ක්රි.ඇ: ඉතින් ඔබ ජීවිතය පුරාම අරැමපුදුම ප්රශ්න අසා තිබෙනවා. 406 00:20:18,614 --> 00:20:21,793 මේ බොහෝ දේ මෙහෙය වූ ඉන්ධනය එය බවයි මට පෙනී යන්නේ. 407 00:20:21,793 --> 00:20:27,389 ඔබට අපට වෙනත් ප්රශ්න තිබෙනවාද, TED වලට, මේ රැස් ව සිටින අයට? 408 00:20:27,999 --> 00:20:32,072 රි.ෙස: මම සෑමවිටම පැමිණෙනවා එක්තරා ප්රශ්නයක විවිධ ස්වරූපයන්ට 409 00:20:32,072 --> 00:20:34,859 මගේ පුතා වයස තුනේදී මගෙන් ඇසූ. 410 00:20:34,859 --> 00:20:38,954 අපි ජකූසියක ඉඳගෙන සිටින විට එයා ඇසුවා, "තාත්තා, ඇයි අපි ජීවත් වෙන්නේ?" 411 00:20:39,234 --> 00:20:40,494 ඊට අමතර ප්රශ්නයක් නැහැ. 412 00:20:40,494 --> 00:20:42,254 කිසිකෙනෙකුට මේ හැර ප්රශ්නයක් නැහැ. 413 00:20:42,254 --> 00:20:46,138 වයස තුනේ සිට මේ ප්රශ්නය විවිධ ස්වරූපවලින් අපට ඇති වෙනවා. 414 00:20:46,148 --> 00:20:51,660 ඉතින් ඔබ සමාගමක, නිලතන්ත්රයක, සංවිධානයක කාලය ගත කරද්දී, 415 00:20:51,660 --> 00:20:53,337 ඔබ කියනවා, ෂහ්-- 416 00:20:53,337 --> 00:20:55,932 ඔබ කී දෙනෙක් දන්නවාද මරණාසන්නයේදී මෙසේ පැවසූ, 417 00:20:55,932 --> 00:20:58,563 ෂහ්, මට හිතෙනවා වැඩි කාලයක් කාර්යාලයේ ගත කරා නම් කියලා? 418 00:20:58,563 --> 00:21:03,811 ඉතින් මේක මේ මොහොතේ ධෛර්යය ඇති කර ගැනීමක්, 419 00:21:03,819 --> 00:21:05,241 සතියකින්, මාස දෙකකින් නෙමෙයි, 420 00:21:05,241 --> 00:21:07,477 ලෙඩක් කියලා දන්නා විට නෙමෙයි, 421 00:21:08,057 --> 00:21:10,625 පවසන්න, නැහැ, ඇයි මම මේ දේ කරන්නේ? 422 00:21:10,625 --> 00:21:12,642 සෑම දෙයක්ම නවත්වන්න. මම වෙන දෙයක් කරන්නම්. 423 00:21:12,642 --> 00:21:14,174 ඒක ප්රශ්නයක් වෙන්නේ නැහැ. 424 00:21:14,174 --> 00:21:16,454 ඒක ඔබ දැන් කරන දෙයට වඩා යහපත් වේවි, 425 00:21:16,454 --> 00:21:18,934 ඔබ ක්රියාවලියක සිරවී සිටිනවා නම්. 426 00:21:19,513 --> 00:21:22,543 ක්රි.ඇ: ඉතින් මට දැනෙන්නේ ඒක ගැඹුරැ හා ලස්සන විදියක් නිමා කරන්න 427 00:21:22,543 --> 00:21:24,539 අන්තිම TED දවසට කලින් වූ මෙදිනට. 428 00:21:24,539 --> 00:21:26,609 රිකාඩෝ සෙම්ලර්, ඔබට බෙහෙවින්ම ස්තූතියි. 429 00:21:26,609 --> 00:21:27,753 රි.සෙ : බොහොම ස්තූතියි. 430 00:21:27,753 --> 00:21:28,603 (අත්පොළසන්)