Return to Video

Basic Addition

  • 0:01 - 0:05
    මූලික එකතු කිරීම් ගැන ඉදිරිපත් කිරීමට ඔයාව සාදරයෙන් පිළි ගන්නවා
  • 0:05 - 0:06
    මම දන්නවා ඔයා සිතන්නේ මොකක්ද කියලා:
  • 0:06 - 0:08
    "සැල්, එකතු කිරීම් මට එතරම්ම සරල දෙයක් විදිහට පෙනෙන්නේ නැහැ."
  • 0:08 - 0:09
    හොදයි, මට සමාවෙන්න.
  • 0:09 - 0:11
    මම හිතනවා මම --
  • 0:11 - 0:13
    බලාපොරොත්තු වෙනවා, මෙම ඉදිරිපත් කිරීම අවසානයේ දී,
  • 0:13 - 0:15
    හෝ සති කිහිපයකින්, එය සරල විදිහට පෙනේවි කියලා.
  • 0:15 - 0:17
    ඉතිං අපි පටන් ගනිමු,
  • 0:17 - 0:19
    මම අනුමාන කරනවා අපට කියන්න පුළුවන් වේවි කියලා, ප්රශ්න කීපයකින්.
  • 0:19 - 0:22
    ඔව්, අපි කියමු මම පැරණි සම්මතයකින් පටන් ගන්නවා කියලා
  • 0:22 - 0:26
    1 + 1
  • 0:26 - 0:28
    ඉතිං මම හිතනවා ඔයා දැනටමත් මේක කරන්නේ කොහොමද කියලා දන්නවා ඇති කියලා.
  • 0:28 - 0:31
    ඒ වුණත්, මම දැන් පෙන්වන්න හදන්නේ මෙය කරන්න පුලුවන් ක්රමයක් ගැනයි,
  • 0:31 - 0:32
    බැරි වෙලාවත් ඔයාට මෙය මතක් වුනේ නැතිනම්,
  • 0:32 - 0:34
    එහෙම නැතිනම් ඔයා දැනට මේ ගැන ප්රගුණ කර නැතිනම් මෙය කරන විදිහක්.
  • 0:34 - 0:37
    ඔයා කියන්න, හොදයි, මට තියෙනවානම්
  • 0:37 - 0:39
    එකක්
  • 0:39 - 0:41
    (අපි එයට අලිගැට පේර ගෙඩියක් කියා කියමු.)
  • 0:41 - 0:43
    මට අලිගැට පේර ගෙඩි එකක් තියෙනවානම්,
  • 0:43 - 0:47
    ඊට පස්සෙ ඔයා මට තවත් අලිගැට පේර ගෙඩියක් දුන්නොත්,
  • 0:47 - 0:49
    දැන් මගේ ලඟ අලිගැට පේර ගෙඩි කීයක් තියෙනවාද?
  • 0:49 - 0:52
    ඔව්, අපි බලමු. මට අලිගැට පේර ගෙඩි 1 ... 2 තියෙනවා.
  • 0:52 - 0:55
    ඉතිං 1 + 1 සමාන වෙනවා 2 ට.
  • 0:55 - 0:56
    දැන්, මම දන්නවා ඔයා හිතන්නේ මොකක්ද කියලා:
  • 0:56 - 0:58
    "එය හුඟාක්ම ලේසියි."
  • 0:58 - 1:00
    එහෙනම්, ඔයාට ටිකක් අමාරු දෙයක් දෙන්න මට ඉඩ දෙන්න.
  • 1:00 - 1:04
    මම කැමතියි අලිගැට පේර වලට, ඒ නිසා මම ඒවායින්ම කරන්න කැමතියි.
  • 1:04 - 1:09
    3 + 4 කියන්නෙ මොකක්ද?
  • 1:09 - 1:12
    ම්.... මෙය, මම හිතන්නෙ, වඩාත් අමාරු ප්රශ්නයක්.
  • 1:12 - 1:14
    ඔව්, අපි අලිගැට පේර එක්කම ඉමු.
  • 1:14 - 1:16
    ඒත් ඔයා අලිගැට පේර කියන්නෙ මොනවද කියලා දන්නේ නැත්නම්,
  • 1:16 - 1:19
    ඒක, ඒක ඇත්තටම ඉතාමත් රසවත් පළතුරක්.
  • 1:19 - 1:21
    ඇත්තටම සියලුම පළතුරු වලින් තෙල් වැඩිම පළතුර අලිගැට පේරයි
  • 1:21 - 1:22
    ඒක පළතුරක් කියලා සිතන්නත් නැතිව ඇති. --
  • 1:22 - 1:24
    ඔයා සමහර විට එකක් [කාලා තිබුණත්].
  • 1:24 - 1:28
    ඉති, අපි කියමු මට අලිගැට පේර ගෙඩි 3ක් තියෙනවා කියලා
  • 1:28 - 1:32
    1, 2, 3. හරිද? 1, 2, 3.
  • 1:32 - 1:36
    ඒ එක්කම අපි කියමු ඔයා මට තව වැඩිපුර අලිගැට පේර ගෙඩි 4 ක් දුන්නා කියලා.
  • 1:36 - 1:38
    ඉතිං මට මේ 4 කහ පාට කරන්න දෙන්න,
  • 1:38 - 1:41
    එතකොට ඔයා දන්නවා මේවා තමයි ඔයා මට දුන්න ඒවා කියලා
  • 1:41 - 1:42
    1
  • 1:42 - 1:43
    2
  • 1:43 - 1:44
    3
  • 1:44 - 1:46
    4
  • 1:46 - 1:49
    ඉතිං එතකොට දැන් මගේ ලඟ තියෙන මුළු අලිගැට පේර ගෙඩි ගණන කීයද?
  • 1:49 - 1:56
    මගේ ලඟ අලිගැට පේර ගෙඩි 1, 2, 3, 4, 5, 6, 7
  • 1:56 - 1:58
    ඒ කියන්නේ 3 + 4 සමාන වෙනවා 7 ට.
  • 1:59 - 2:00
    එහෙනම් මම දැන් ඔයාට හඳුන්වලා දෙන්න යන්නේ
  • 2:00 - 2:02
    මේ ගැන හිතන තවත් ක්රමයක්
  • 2:02 - 2:03
    එයට සංඛ්යා පේළිය කියලා කියනවා
  • 2:03 - 2:05
    ඇත්තටම, මම හිතන්නේ මම මගේ මනසින් එය කරන විදිහ තමයි මේ,
  • 2:05 - 2:08
    මට අමතක වුණ වෙලාවට -- මට එය මතක් කරගන්න බැරිනම්.
  • 2:08 - 2:12
    ඉතිං සංඛ්යා පේළිය [මත], මම සියලුම සංඛ්යා අනුපිළිවෙළට ලියනවා,
  • 2:12 - 2:14
    ඉතිං මම ප්රමාණවත් තරම් ඉහළට යනවා එවිට මට පුළුවන් විය හැකියි --
  • 2:14 - 2:16
    [එම නිසා] මම භාවිතා කරන සියලුම සංඛ්යා, විධි, එහි තියෙනවා
  • 2:16 - 2:17
    ඉතිං, ඔයා දන්නවා පළමු අංකය 0 බව,
  • 2:17 - 2:18
    එයට කිසිම වටිනාකමක් නැහැ
  • 2:18 - 2:20
    සමහර විට ඔයා දන්නේ නැතිව ඇති; නමුත් දැන් ඔයා දන්නවා.
  • 2:20 - 2:21
    ඉතිං දැන් ඔයා පටන් ගන්නවා
  • 2:21 - 2:22
    1 (එක)
  • 2:22 - 2:24
    2 (දෙක)
  • 2:24 - 2:25
    3 (තුන)
  • 2:26 - 2:28
    4 (හතර)
  • 2:28 - 2:29
    5 (පහ)
  • 2:29 - 2:30
    6 (හය)
  • 2:30 - 2:32
    7 (හත)
  • 2:32 - 2:33
    8 (අට)
  • 2:33 - 2:35
    9 (නවය)
  • 2:35 - 2:36
    10 (දහය)
  • 2:36 - 2:37
    ඒ විදිහට දිගටම කරගෙන යනවා
  • 2:37 - 2:38
    11 (එකොළහ)
  • 2:38 - 2:42
    ඉතිං, අපි කියනවා 3 + 4 කියලා. එහෙනම් අපි 3 ක් පටන් ගනිමු.
  • 2:42 - 2:44
    එහෙනම් මට මෙතන 3 ක් තියෙනවා.
  • 2:44 - 2:46
    දැන් අපි ඒ 3 ට 4 ක් එකතු කරන්නයි යන්නේ.
  • 2:46 - 2:48
    එතකොට අපි කරන එකම දේ සංඛ්යා පේළිය දිගේ උඩට යාම,
  • 2:48 - 2:51
    නැතිනම් අපි සංඛ්යා පේළියේ දකුණට, තව වැඩිපුර 4 ක් යමු.
  • 2:51 - 2:59
    ඉතිං අපි යමු 1 ... 2 ... 3 ... 4.
  • 2:59 - 3:00
    බලා ගන්න, අපි කළේ
  • 3:00 - 3:03
    ඒක 1 කින්, 2 කින්, 3 කින්, 4 කින් වැඩි කිරීමයි.
  • 3:03 - 3:04
    එයින් පසුව අප අවසන් කළේ 7 දී.
  • 3:04 - 3:06
    එතකොට එය තමයි අපේ උත්තරය
  • 3:06 - 3:07
    අපට වෙනස් ඒවා කිහිපයක් කරන්න පුළුවන්.
  • 3:07 - 3:10
    අපට කියන්න පුළුවන්, කුමක්ද කියලා --
  • 3:10 - 3:13
    මම ඔබගෙන් ඇහුවොත් 8 + 1 කීයද කියලා?
  • 3:13 - 3:14
    ම්ම්.... 8 + 1.
  • 3:14 - 3:15
    ඔව්, සමහර විට ඔයා දැනටමත් ඒක දන්නවා ඇති.
  • 3:15 - 3:16
    8 + 1 කියලා කියන්නෙ 8 ට පස්සෙ එන ඊලඟ අංකයට
  • 3:16 - 3:20
    නමුත් ඔයා සංඛ්යා පේළිය දිහා බැලුවොත්, ඔයා පටන් ගන්නෙ 8 න්,
  • 3:20 - 3:22
    ඒකට ඔයා එකතු කරනවා 1.
  • 3:22 - 3:25
    8 + 1 සමාන වෙනවා 9 ට.
  • 3:26 - 3:28
    අපි වඩාත් අමාරු ප්රශ්න ටිකක් කරමු.
  • 3:30 - 3:31
    එතකොට, ඔයා දන්න නිසා,
  • 3:31 - 3:34
    ඔයා මුලදීම මේ නිසා ටිකක් නලකිරීමට පත් වුණා නම්,
  • 3:34 - 3:34
    ඔයාට හැම වෙලාවෙම රවුම් අදින්න පුළුවන්,
  • 3:34 - 3:36
    ඔයාට හැම වෙලාවෙම සංඛ්යා පේළිය කරන්න පුළුවන්,
  • 3:36 - 3:39
    ඒ වගේම, කාලයත් එක්ක ටිකෙන් ටික, ඔයා පුහුණු වීම වඩාත් වැඩියෙන් කරනකොට,
  • 3:39 - 3:41
    ඔයාට බලාපොරොත්තු වන ලෙස මේවා මතක් කර ගන්න පුළුවන් වේවි,
  • 3:41 - 3:42
    ඒ එක්කම ඔයා මෙම ප්රශ්න කරනකොට, තත්පර භාගයකින් විතර.
  • 3:42 - 3:45
    මම ඔයාට පොරොන්දු වෙනවා. ඔයාට තියෙන්නෙ දිගටම පුහුණු වෙමින් ඉන්නයි
  • 3:45 - 3:47
    අපි කියමු....
  • 3:47 - 3:48
    මට ඕනෑ ආයෙත් සංඛ්යා පේළිය අඳින්න.
  • 3:48 - 3:49
    ඇත්තෙන්ම, මට තියෙනවා රේඛා මෙවලමක්;
  • 3:49 - 3:51
    ඒනිසා මම ඔයාට දෙමින් සිටින මේ සියලුම අවලස්සන රේඛා
  • 3:51 - 3:52
    දිය යුතු වන්නේ නැහැ.
  • 3:52 - 3:55
    ඒක දිහා බලන්න. ඒක දිහා බලන්න. එය පුදුම සහගතයි
  • 3:55 - 3:56
    හොඳයි, මට බලන්න දෙන්න.
  • 3:56 - 3:58
    ෂා. ෂා. ඔව්මයි, ඒක දිහා බලන්න.
  • 3:58 - 4:01
    හරි. එහෙනම්, ඒක ලස්සනට පෙනෙන රේඛාවක්.
  • 4:01 - 4:05
    පස්සෙ ඒක මකනකොට මට දුක හිතේවි.
  • 4:05 - 4:07
    එහෙනම් මට සංඛ්යා රේඛාවක් අඳින්න ඉඩ දෙන්න.
  • 4:07 - 4:08
    0
  • 4:08 - 4:09
    1
  • 4:09 - 4:10
    2
  • 4:10 - 4:11
    3
  • 4:11 - 4:12
    4
  • 4:12 - 4:14
    5
  • 4:14 - 4:15
    6
  • 4:15 - 4:17
    7
  • 4:17 - 4:18
    8
  • 4:18 - 4:19
    9
  • 4:19 - 4:21
    10
  • 4:21 - 4:22
    11
  • 4:22 - 4:24
    12
  • 4:24 - 4:25
    13
  • 4:25 - 4:26
    14
  • 4:26 - 4:29
    15
  • 4:29 - 4:31
    එහෙනම් අපි අමාරු ප්රශ්නයක් කරමු.
  • 4:31 - 4:33
    ඒ මොකක්ද --
  • 4:33 - 4:35
    මම දැන් ඒක වෙනස් පාට වලින් කරන්න යන්නෙ.
  • 4:35 - 4:39
    5 + 6
  • 4:39 - 4:41
    ඉතිං ඔයාට ඕනෑනම්, ඔයාට වීඩියෝව තාවකාලිකව නවත්වලා මෙය කරන්න උත්සාහ කරන්න පුළුවන්.
  • 4:41 - 4:42
    ඔයා දැනටමත් උත්තරය දන්නවා වෙන්න පුළුවන්.
  • 4:42 - 4:45
    ඒ එක්කම ඇයි මම මේක අමාරු ප්රශ්නයක් කියලා කියන්නෙ
  • 4:45 - 4:47
    එයට හේතුව වෙන්නෙ උත්තරය
  • 4:47 - 4:49
    ඔයාගේ අත් දෙකේම ඇති ඇඟලි ගණනට වඩා වැඩි නිසයි
  • 4:49 - 4:51
    ඉතිං ඔයාට කොහොමටවත් ඔබගේ ඇඟිලි වලින් කරන්න බැහැ.
  • 4:51 - 4:54
    ඉතිං එහෙනම් අපි මේ ප්රශ්නය පටන් ගනිමු.
  • 4:54 - 4:55
    ඇත්තෙන්ම, මගේ දුරකතනය නාද වෙනවා.
  • 4:55 - 4:57
    ඒත් මම දුරකතනය මග හරින්න යන්නෙ,
  • 4:57 - 4:58
    ඒ ඔයා වඩා වැදගත් නිසා
  • 4:58 - 5:01
    ඉතිං, හරි. අපි 5 න් පටන් ගනිමු.
  • 5:01 - 5:04
    එහෙනම් අපි 5 න් පටන් ගන්නවා
  • 5:04 - 5:06
    දැන් අපි ඒකට 6 ක් එකතු කරන්නයි යන්නෙ.
  • 5:06 - 5:08
    මෙන්න අපි පටන් ගන්නවා: 1
  • 5:08 - 5:09
    2
  • 5:09 - 5:10
    3
  • 5:10 - 5:11
    4
  • 5:11 - 5:12
    5
  • 5:12 - 5:14
    6
  • 5:14 - 5:17
    අපි ඉන්නෙ 11!
  • 5:17 - 5:19
    ඒ නිසා 5 + 6 සමාන වෙනවා 11 ට.
  • 5:19 - 5:21
    දැන් මම ඔයාගෙන් ප්රශ්නයක් අහන්නයි යන්නෙ
  • 5:21 - 5:24
    6 + 5 කීයද?
  • 5:24 - 5:26
    හහ්…
  • 5:26 - 5:29
    ඔව්, අපි දැන් ඒක බලන්නයි යන්නෙ, හරිද?
  • 5:29 - 5:30
    ඔයාට සංඛ්යා දෙක මාරු කරන්න පුළුවන්ද
  • 5:30 - 5:31
    එයින් එකම උත්තරය ලැබෙනවද?
  • 5:31 - 5:32
    ඔව්, අපි දැන් ඒක උත්සාහ කරමු.
  • 5:32 - 5:34
    මම ඒක වෙනස් පාටකින් උත්සාහ කරන්නයි යන්නෙ,
  • 5:34 - 5:35
    එතකොට අපිට පැටලෙන්නෙ නැහැ.
  • 5:35 - 5:36
    හරි එහෙනම් අපි 6 න් පටන් ගනිමු.
  • 5:36 - 5:40
    හරිද? දැනට කහ පාට අත් හැරලා ඒකට 5 ක් එකතු කරන්න
  • 5:40 - 5:45
    1 ... 2 ... 3 ... 4 ... 5.
  • 5:45 - 5:47
    ආ. අපි එකම ස්ථානයට එන්නෙ.
  • 5:47 - 5:49
    ඒ එක්කම මම හිතනවා ඔයාට මෙයත් උත්සාහ කරන්න ඕන වෙන්න පුළුවන් කියලා
  • 5:49 - 5:49
    ප්රශ්න පොකුරකදී .
  • 5:49 - 5:51
    ඒ වගේම ඔයා දකීවි එය හැම වෙලාවෙම හරියන බව --
  • 5:51 - 5:53
    ඒ කියන්නෙ ඔයාගේ අනුපිළිවෙළ මොකක් වුණත් --
  • 5:53 - 5:56
    "5 + 6" කියන්නෙ "6 + 5." කියන එකමයි
  • 5:56 - 5:57
    ඒ නිසා එකෙන් තේරුමක් දෙනවා.
  • 5:57 - 5:59
    මට අලිගැට පේර ගෙඩි 5 ක් තියෙද්දි ඔයා මට අලිගැට පේර ගෙඩි 6 ක් දුන්නොත්,
  • 5:59 - 6:00
    මට තියෙනවා 11 ක්
  • 6:00 - 6:02
    මට අලිගැට පේර ගෙඩි 6 ක් තියෙද්දි ඔයා මට ඔයා මට අලිගැට පේර ගෙඩි 5 ක් දුන්නොත්,
  • 6:02 - 6:04
    මගේ ලඟ 11 ක් තියේවි -- ඒ විධි දෙකෙන් ඕනෑම විධියකට
  • 6:04 - 6:06
    අපි කරමු කීපයක් --
  • 6:06 - 6:07
    මේ සංඛ්යා රේඛාව හුඟක් ලස්සන නිසා,
  • 6:07 - 6:08
    මට ඒක පාවිච්චි කරලා තව වැඩිපුර ප්රශ්න ටිකක් කරන්න ඕනෑ.
  • 6:08 - 6:09
    දැනටත්, මම ඒක පාවිච්චි කරන නිසා,
  • 6:09 - 6:11
    මට විශ්වාසයි මම නිකම් දිගටම ඔයාව ව්යාකූල කරන බව,
  • 6:11 - 6:13
    හේතුව තමා මම ඒකෙ ඉහළින්ම ගොඩක් දේ ලියන්න හදන්නෙ. නමුත් --
  • 6:13 - 6:16
    අපි බලමු. මම දැන් සුදු පාට පාවිච්චි කරන්නම්.
  • 6:16 - 6:23
    කීයද -- 8 + 7 කියන්නෙ කීයද?
  • 6:23 - 6:27
    ඔව්, ඔයාට තවමත් මෙය කියවන්න පුළුවන් නම්, 8 මෙතනම තියෙනවා
  • 6:27 - 6:29
    හරිද? අපි එයට 7 ක් එකතු කරන්නයි යන්නෙ.
  • 6:29 - 6:37
    1 ... 2 ... 3 ... 4 ... 5 ... 6 ... 7.
  • 6:37 - 6:39
    අපි යනවා 15 ට.
  • 6:39 - 6:42
    8 + 7 කියන්නෙ 15.
  • 6:42 - 6:45
    ඉතිං විශ්වාස ලෙසම, එමගින් ඔයාට තේරේවි
  • 6:45 - 6:46
    කොහොමද මේ විදිහෙ ප්රශ්න කරන්නෙ කියලා..
  • 6:46 - 6:49
    ඊටත් වැඩියෙන්, මම අනුමාන කරනවා මේ නිසා --
  • 6:49 - 6:51
    ඔයා වැඩි කිරීමත් ටිකකින් ඉගෙන ගන්න යන්නෙ කියලා.
  • 6:51 - 6:54
    ඒත් මේ විදිහෙ ප්රශ්න,
  • 6:54 - 6:55
    ඔයා ගණිතය ඉගෙන ගන්න පටන් ගන්න වෙලාවෙදි,
  • 6:55 - 6:57
    මේ විදිහෙ ඒවා වලට වැඩි පුරුද්දක් ඕන කියලා.
  • 6:57 - 6:59
    ඒ එක්කම, යම්තාක් දුරකට, ඒවා මනක තබා ගැනීමට ඔයා පටන් අරන් තියෙනවා.
  • 6:59 - 7:02
    ඒත්, කාලයත් එක්ක, ඔයා දන්නවා, ඔයා ආපසු හැරිලා බලනකොට,
  • 7:02 - 7:04
    ඔයාට මේ වීඩියෝව මේ දැන් බලද්දි දැනෙන දේ
  • 7:04 - 7:06
    මතක හිටින්න මට ඕන
  • 7:06 - 7:10
    ඊට පස්සෙ මට ඕන ඔයා තව අවුරුදු තුනකින් විතර, මේ වීඩියෝව බලන්න.
  • 7:10 - 7:12
    එතකොට ඔයාට මතක් වෙන්න ඕන ඔයා දැන් බලද්දි දැනෙන දේ.
  • 7:12 - 7:14
    එතකොට ඔයාට කියවෙන්න ඕන, "අනේ දෙවියනේ! මේක හරිම ලේසිනෙ!"
  • 7:14 - 7:16
    ඒ ඔයා එතරම් ඉක්මණින් ඉගෙන ගන්න යන නිසා.
  • 7:16 - 7:20
    ඉතිං, කොහොම වුණත්, මම හිතනවා ඔයාට අදහසක් ඇති කියලා.
  • 7:20 - 7:21
    අපි අභ්යාස වලදි දුන්න
  • 7:21 - 7:23
    කිසිම එකතු කිරීමේ ප්රශ්නයකට උත්තර
  • 7:23 - 7:24
    ඔයා දන්නෙ නැතිනම්,
  • 7:24 - 7:26
    ඔයාට පුළුවන් "ඉඟි", ඔබන්න, එතකොට එය රවුම් අඳීවි,
  • 7:26 - 7:29
    ඉතිං ඔයාට පුළුවන් රවුම් ගණන් කරන්න.
  • 7:29 - 7:30
    එහෙම නැතිනම්, ඔයාට ඒක ඔයාම කරන්න ඕන නම්,
  • 7:30 - 7:31
    ඔයාට කෙළින්ම ප්රශ්නය අරගෙන,
  • 7:31 - 7:33
    අපි ඉදිරිපත් කිරීමේ දී කළ විදිහට
  • 7:33 - 7:34
    රවුම් අඳින්න පුළුවන්,
  • 7:34 - 7:37
    එහෙම නැතිනම් අංක පේළියක් අඳින්න පුළුවන්, --
  • 7:37 - 7:40
    මම හිතනවා ඔයා සූදානම් කියලා එකතු කිරීමේ ප්රශ්න වලට මුහුණ දෙන්න.
  • 7:41 - 7:42
    විනෝද වන්න!
Title:
Basic Addition
Description:

more » « less
Video Language:
English
Duration:
07:42
Amara Bot edited Sinhala subtitles for Basic Addition
Nadee added a translation

Sinhala subtitles

Revisions